Meet The Author

Tuesday, June 30, 2015

On 10:12 PM by Unknown   5 comments

ඒ ගිය ශ්‍රවණය වෙත්ම සිහිපත්වන්නේ පළමු සංදේශ කාව්‍ය වශයෙන් හදුවනු ලබන මේඝ දුතයයි. මේඝ දුත කාව්‍යයේ දුතයා වන්නේ වලාකුලකි. සිරකුටියක සිරවී සිටින යකු සිය බිරිද නොමැති සොවින් ඈ වෙත පණිවිඩයක් යවන ලෙස පවසන්නේ වලාකුලකටය. මේ ගීය ද එසේමය. පෙම්වතා සිය කතාබහ සිදුකරන්නේ වලාකුලක් සමගයි.

පෙම්වතා සිය පෙවතිය හමුවීමට පැමිණ ඇත. වර්ශාවක ලකුන්නු අහසේ දිස්වෙයි. වැසි වැස්සොත් හමුවීමට බාධා ඇතිවනු ඇත. එබැවින් පෙම්වතා වලාකුලෙන් ආයාචනයක් කරනු ඇත. මේ ආයාචනයේ දුතයා වන්නේ සුළගයි. වළාකුලට ප්‍රකාශ කර සිටින්නේ ඉක්මනින් ගොස් ළග එන වැහි වලාවට පවසන ලෙසයි.

හිත මිතුරු සුළග ළග එන වැහි වලාවට කියන්
අද නොපැමිණ අන් දිනයක වැසි රැගෙන එන ලෙසින්
දිගු කළකින් ඈ මුණ ගැසේවි අසගනක් වෙසින්
වැසි වැටුනොත් ඒ සොදුරු ලොවම අදුරු වේ සැනින්,

දිගු කලකට පසුව පෙම්වතිය හමුවීම අවස්තාව වැසි වැස්සොත් නැතිවනු ඇත. එසේ වැසි වැස්සොත් සිදුවන්නේ කුමක්ද ?

වීදි පුරා වතුර පිරෙයි
හෙමින් හෙමින් මුමුණ මුමුණ ඉගිලයනු කෙසේ
තැන නිල්ලේ ගොහොරු සැදෙයි
කතා නැතුව අනන්තයට ඉගිල යමි කෙසේ ....

වැසි වැස්සොත් ඇතිවන්නේ මෙවැනි බාධාවකි. ඒ හේතුවෙන් වැසි වැසීම නවත්වන ලෙස හො ප්‍රමාද කරන ලෙස ඔහු ඉල්ලා සිටියි. ඔහු වළාකුල දුකට පත්කරන්නේද නැත. වැසි ලබාදීමට තිබෙන අවස්ථාව නැති කරන්නේ නැත. ඔහු යෝජනාවක් සිදුකරයි. වලාකුලට අවශ්‍ය සතුට විද ගැනීමටද අවස්තාව ලබාදේ.

අප සමුගත් වැසි වසින්න
ගන් හෝ වැව් ඉපිල ඉපිල ඉතිර යන තුරා
හොරා දෙක තුනක් ඉන්න නෑවිත් වැහි වලා බදේ
කඩ ඉමෙන් එහා

වැසි නවත්වන්නට එපා. වැසි වසින්න නමුත් අපි සමුගත් පසුව. ඒ පොඩි වර්ශාවකුත් නෙමෙයි. ඔබට රිසි සේ ගංගා වැව් පිරී ඉතිරි යන තුරුම .... නමුත් වලාවට පවසන්නේ හොරා දෙක තුනක් කඩඉමෙන් එහා රැදී සිටින ලෙසයි..... ඔහු පවතින බාධකය ප්‍රතික්ෂේප කරන්නේ නැත. අවස්ථාවට බාධාවක් නොවන ලෙස පමා කිරිමකට ආයාචනය කර සිටියි.



5 comments:

  1. අගනා බ්ලොගයක්
    එක්වෙමි
    ජයවේවා....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි --- ජය වේවා

      Delete
  2. අහිංසක පැතුම් ගොන්නක් පොදි බැදන් තම ප්‍රේමණීය ප්‍රේමවන්තිය හමුවන තුරු පෙරමග බලනා පෙම්වතෙකි. කාලාන්තරයක් මුලුල්ලේ අසෙනිය කුසුමකට පහසක් නොලද වියලි කටෝර උණුහුමකි. ජීවිතයේ ළතෙත් බව පසක් කර ගැන්මට පෙරමං සොයන උත්තම කාල හෝරාවට වැසි ඇද නොවැටියන්...

    ReplyDelete
  3. මේ කියන්නේ වහින්න එපා කියල නෙවෙය්.....

    ReplyDelete