Saturday, July 4, 2015
On 8:43 AM by Unknown 3 comments
මේ ගීය රචනා කරන්නේ රත්න ශ්‍රී විජේසිංහයන් විසින් සත්‍ය සිදුවීමක් පදනම කරගෙනයි. මේ කතාව වසර තිහක පමණ ඉතිහාසයකට අපව රැගෙන යනවා. මොනරාගල දෙබටව ගමේ කුඩා දැරියක් ජිවත් වෙනවා. පවුල නඩත්තු කරන්නේ ඇය විසින් වැවෙන් මල් කඩාගෙන ඒවා විකුණමින්. මේ සිදුවීම සිදුවන්නේ 1981 දී, ඇය පාසල් යන්නේ ඔක්කම්පිටිය ජනපද විද්‍යාලයට, ඒ සිදුවීම වන විට අගේ වයස අවුරුදු 11 ක්. සත්‍ය සිදුවීමට අනුව ඇය මල් විකුණා ඇත්තේ දෙමටමල් විහාරයේයි. ගීතයේ රිද්මය ආරක්ෂා කරගැනීම සදහා වැව සහ පන්සලේ වෙනසක් සිදුකර තිබේ.
මේ සිදුවීම පිළිබදව රත්න ශ්‍රී විජේසිංහයන් සිදුකල ප්‍රකාශයක් උපුටා දැක්වීමට කැමැත්තෙමි.
"1981 අවුරුද්දේ ඒ කාලේ තිබුණු ආණ්ඩුව මාව ගහක් උගුල්ලනවා වගේ ගලවල විසි කරනවා මොනරාගලට, මාව වැටෙන්නේ ඔක්කම්පිටිය ජනපද විද්‍යාලය කියන ඇති දුෂ්කර පාසලට . ඒ පාසලේ දරුවන්ට වැසිකිලියක් වත් තිබුනේ නෑ ඒ පාසලට ආව 7 පන්තියේ දැරියක් බොහොම දක්ෂයි. දවසක් පන්තියට ගියාම මේ දැරිය හිටියේ නෑ. මම ඇහුව අයි කියල දැනගන්න ලැබුනේ කනගාටු දායක ප්‍රවෘත්තියක් ඇය මැරිල කියලා. මම වරුවක නිවාඩුවක් දාල තව ගුරුවරයෙකුත් එක්ක යනවා අගේ මළගෙදර හොයාගෙන. ඒ මළගෙදර තිබුනේ ඔක්කොම්පිටිය දෙමටමල් විහාරයේ පොඩි වැවක් තිබුණා ඒ වැවට කිට්ටුව. දෙමටමල් විහාරය කියන්නේ දුටුගැමුණු සද්ධාතිස්ස යුද්ධය තිබ්බ කාලේ සද්ධාතිස්ස හැංගුණ පන්සල. ඒ ගේ කටුමැටි ගාපු ගෙයක්. ගේ කොච්චර පොඩිද කියනවානම් ඒ ගෙදර අගේ දේහය තියන්නවත් ඉඩක් තිබුනේ නෑ. ගෙයින් එලියට යාලත්තක් බාල දේහය තැම්පත් කරලා තිබුණා. ඒ මඩුව හදල තිබුනෙත් පෙට්ටිය අරන් දීල තිබුනෙත් ගමේ ඇය සල්ලි එකතු කරලා. මට හොදට මතකයි ඇයට අන්දලා තිබුනේ පාඩු පාට වෙච්ච පාසල් ඇදපු සුදු ගවුම. මළගෙදර දහයක් දොළහක් වත් හිටියේ නෑ. කවුරුත් අඩුවේ නෑ. තාත්ත මැදිවියේ කෙනෙක් මගේ වයස ඒ වෙනකොට 25 ක්. මම තාත්තට කිට්ටුවෙලා අහනවා මොකද වුනේ කියලා තාත්ත කියනවා , මහත්තයෝ මේ ළමයා හැමදාම ඉස්කෝලේ ගිහිල්ලා වැවට යනවා මල් කඩන්න, මල් කඩලා විකුනනවා පන්සලට යන ඇයට, එයා ඒ මුදලින් එයාට අවශ්‍ය දේවල් ගන්නවා ඒ වගේම ඉතුරු වුනොත් ගෙදර වියදමටත් දෙනවා. ඒ නොවැම්බර් මාසේ වහිනවා වැඩියි. වැව පිරිලා දවස් දෙකකට පස්සේ පෝයක් එනවා පෝයට පන්සලට සෙනග එනවා වැඩියි. ඉතින් ඇය කල්පනා කළා වැඩියෙන් මල් කඩාගත්තොත් වැඩියෙන් විකුණගන්න පුළුවන් කියලා. ඇය රෑ වෙනකන් ගෙදර අවේ නෑ. මිනිස්සු කළුවර වෙනකොට හුළු අතු පත්තුකරන් හොයනවා.හොයාගන්න බැරි වුණා පහුවෙනිදා පාන්දර අගේ මිනිය
පාවෙලා ඇවිල්ල ගොඩගහල තියෙනවා වැවේ ඉවුරේ. අගේ අතේ ලිහී ගීය නෙලුම් මල් දෙකක් රැදිලා තිබුණා. මේ සිද්ධිය ඇහුණාම මහා විශාල කම්පාවක් මගේ හිතේ ඇතිවුනා."
පොහොය දවසේ මල් නෙලාගෙන පන්සලට ගොස් ඒවා විකුණන ඒ දැරියගේ ජීවිතය සරි කරපු වැවම අවසානයේ අගේ ජීවිතය බිලිගන්නවා. අගේ දේහය තැබීමට වත් නිසි ස්ථානයක් නිවසේ නොතිබුණු බව සදහන් වේ. කෙසේ නමුත් මේ සංවේදී අවස්තාව රත්න ශ්‍රී විජේසිංහයන් ඒ සංවේදී බව ආරක්ෂා කරමින්ම රචනා කර ඇති අතර පණ්ඩිත අමරදේවයන්ගේ මධුර ස්වරය එයට ජිවයක් එකතු කරන්නේ අපේ නෙත් වලට කදුලක්ද එකතු කරමිනි..
සුදු නෙළුම කෝ සොරබොර වැවේ
මල් සුවද දුන් මහියංගනේ
පුන්පොයදා පාළොස්වකේ
මල් නෙලා විකුණු පන්සලේ
වැවට කළුවර යා වුනා
සංසාර දුක බෝ වුනා
නෙලුම් මල් මිට ඉහිරුනා
එහා ඉවුරට පා වුණා
සිහින සිරිපොද වෑහුණා
ඉවුරු දෙකොපුල් සේදුනා
සුදු නෙලුම් මල දෑස පියවි
මෙහා ඉවුරට පා වුණා .....
Subscribe to:
Post Comments (Atom)
Search
About Me
Popular Posts
-
චන්න කින්නරාවිය හෙවත් සදකිදුරිය යන නම ඇසීමත් සමග අපට සිහිවන්නේ සදකිදුරු ජාතකයේ බෝධිසත්වයන් සමග සමීපව සිටි යශෝදරාවියයි. බෞද්ධ සාහිත්‍යයට අනු...
-
මේ ගීය රචනා කරන්නේ රත්න ශ්‍රී විජේසිංහයන් විසින් සත්‍ය සිදුවීමක් පදනම කරගෙනයි. මේ කතාව වසර තිහක පමණ ඉතිහාසයකට අපව රැගෙන යනවා. මොනරාගල දෙබටව ...
-
ගේය පද රචක අධි නීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්නයන් රචනා කරන ලද ගුණදාස කපුගේ ශුරින් ගායනා කරනු ලබන දවසක් පල නැති හේනේ ගීතයේ ඇතුළාන්තයට යන්නට මත්තෙන...
-
මේ වචන ප්‍රේමකීර්ති ද අල්විස් නම් කෘතහස්ත මාධ්‍යවේදියාගේයි. හඩ ආදරණිය වූ මධුර 'ස' ස්වරය.. පෙම්වතෙක් සහ පෙම්වතියෙකු ගේ සමුගනිමකින් අ...
-
ඒ ගිය ශ්‍රවණය වෙත්ම සිහිපත්වන්නේ පළමු සංදේශ කාව්‍ය වශයෙන් හදුවනු ලබන මේඝ දුතයයි. මේඝ දුත කාව්‍යයේ දුතයා වන්නේ වලාකුලකි. සිරකුටියක සිරවී සිට...
-
අසූව දශකයේ මද භාගයේ පටිගත වුනු අජානේය ස්කුටර් තුරගා පිට වඩිනා ගීතය ප්‍රවීන ගේය පද රචක රත්න ශ්‍රී විජේසිංහයන් ගේ නිර්මාණයක්. ගායනය කරුණාරත්න ...
-
මුඩුක්කු පරිසරයක ජීවිතය පිළිබදව විග්රහ කරමින් ඒ මුඩුක්කු සංස්කෘතිය විදහා දක්වමින් ලියවුනු නිහාල් නෙල්සන් ගායන ශිල්පියා ගායනය කරන හේමසිරි ...
-
ශ්‍රී ලංකාවේ කුඩාම ජාතික වන උද්‍යානය ලෙස සැලකෙන හොරගොල්ල ජාතික වන උද්‍යානය ජනතාව අතර එතරම් සුප්‍රසිද්ධ නොවූවක් වුවද සතුන් හා ශාක ගැන විවි...
-
කුමක් කරන්නද අමතක කරන්නට වාරු නොමැතිව සිතමින්ම සිටියෙමි මෙසේ ජීවත්විය නොහැකි බව දැනුන කෙනෙහි අමතක කරන්නට උත්සක කලෙමි මලක් දෙස බලා සි...
-
ගමේ තරුණ යුවලක් පෙමින් වෙලෙනවා. සදකිදුරු නාඩගම ගමේ රගදක්වන විට එහි සදකිදුරා සද කිදුරිය චරිත රගපාන්නේ මොවුන් දෙදෙනායි. ඇය සතුවන ගායන හැකියාව ...
Recent Posts
Blog Archive
-
▼
2015
(30)
-
▼
July
(10)
- සකියනි රිදී කාසි සොලවන්නට බෙරපදය මදි ......
- අපි හැගුම් වලට ඉඩදී මොහොතක් -
- සාර්ථකත්වයට හඩනගන්න ඉඩදෙන්න
- රන්තරු පායන අහස බලාගෙන ඇයි ඔබ තව හිනැහෙන්නේ - ප්...
- මගෙ බිසවනේ අසාපන් - විරෝදාකල්ප ගීත සාහිත්‍යයේ සංධි...
- මුතුකුඩ ඉහළන මල් වරුසාවේ .......
- සුදු නෙළුම කෝ සොරබොර වැවේ ....... ගීතය පිටුපස ඇති ...
- සද කිදුරා මිය ගියා ගමට එන්න නංගියේ ... පසළොස්වක පෝ...
- දවසක් පැල නැති හේනේ ගීතයේ ඇතුලාන්තය ......
- රුවල් ඉරී ගීය නෞකාවේ නියමුවානෙනි - ගීතය අපව ගෙන ය...
-
▼
July
(10)
Powered by Blogger.
Random Posts
Total Pageviews
Contact Form
News
Design
Shooting
Followers
Popular Posts
-
චන්න කින්නරාවිය හෙවත් සදකිදුරිය යන නම ඇසීමත් සමග අපට සිහිවන්නේ සදකිදුරු ජාතකයේ බෝධිසත්වයන් සමග සමීපව සිටි යශෝදරාවියයි. බෞද්ධ සාහිත්‍යයට අනු...
-
මේ ගීය රචනා කරන්නේ රත්න ශ්‍රී විජේසිංහයන් විසින් සත්‍ය සිදුවීමක් පදනම කරගෙනයි. මේ කතාව වසර තිහක පමණ ඉතිහාසයකට අපව රැගෙන යනවා. මොනරාගල දෙබටව ...
-
ගේය පද රචක අධි නීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්නයන් රචනා කරන ලද ගුණදාස කපුගේ ශුරින් ගායනා කරනු ලබන දවසක් පල නැති හේනේ ගීතයේ ඇතුළාන්තයට යන්නට මත්තෙන...
-
මේ වචන ප්‍රේමකීර්ති ද අල්විස් නම් කෘතහස්ත මාධ්‍යවේදියාගේයි. හඩ ආදරණිය වූ මධුර 'ස' ස්වරය.. පෙම්වතෙක් සහ පෙම්වතියෙකු ගේ සමුගනිමකින් අ...
-
ඒ ගිය ශ්‍රවණය වෙත්ම සිහිපත්වන්නේ පළමු සංදේශ කාව්‍ය වශයෙන් හදුවනු ලබන මේඝ දුතයයි. මේඝ දුත කාව්‍යයේ දුතයා වන්නේ වලාකුලකි. සිරකුටියක සිරවී සිට...
-
අසූව දශකයේ මද භාගයේ පටිගත වුනු අජානේය ස්කුටර් තුරගා පිට වඩිනා ගීතය ප්‍රවීන ගේය පද රචක රත්න ශ්‍රී විජේසිංහයන් ගේ නිර්මාණයක්. ගායනය කරුණාරත්න ...
-
මුඩුක්කු පරිසරයක ජීවිතය පිළිබදව විග්රහ කරමින් ඒ මුඩුක්කු සංස්කෘතිය විදහා දක්වමින් ලියවුනු නිහාල් නෙල්සන් ගායන ශිල්පියා ගායනය කරන හේමසිරි ...
-
ශ්‍රී ලංකාවේ කුඩාම ජාතික වන උද්‍යානය ලෙස සැලකෙන හොරගොල්ල ජාතික වන උද්‍යානය ජනතාව අතර එතරම් සුප්‍රසිද්ධ නොවූවක් වුවද සතුන් හා ශාක ගැන විවි...
-
කුමක් කරන්නද අමතක කරන්නට වාරු නොමැතිව සිතමින්ම සිටියෙමි මෙසේ ජීවත්විය නොහැකි බව දැනුන කෙනෙහි අමතක කරන්නට උත්සක කලෙමි මලක් දෙස බලා සි...
-
ගමේ තරුණ යුවලක් පෙමින් වෙලෙනවා. සදකිදුරු නාඩගම ගමේ රගදක්වන විට එහි සදකිදුරා සද කිදුරිය චරිත රගපාන්නේ මොවුන් දෙදෙනායි. ඇය සතුවන ගායන හැකියාව ...
great ayya.....keep it up!!!
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteපුලුවන් නම් ඒ වැවේ නම දන්න කෙනෙක් හොයල කියනවද..
ReplyDelete