Meet The Author

Thursday, June 11, 2015

On 9:44 AM by Unknown   No comments
ඒක හරි අපුරු කෑම මේසයක්. මේ කාල සීමාව තුළ ඒ කෑම මේසය ගාවින් දහසක් දෙනා එහාට මෙහාට යන්න ඇති.
ඒ වුනත් එතන ඉද ගත්තේ  ටික දෙනයි. ඒකත් හරි අපුරුයි.
කනව.
කනව.
කනව..
කන තරමට ලැබෙනෙ රැදෙන්න වාසනාව.
කන තරමට ලැබෙනවා සිතේ වේදනාවේ අවාසනාව.
හැමෝම හිනාවෙවී කනව
ඒත් කෙනෙක් කන එක දිහා අනෙකා බලා ඉන්නේ හරි අමාරුවෙන්
කුහක කමෙන් පිරුණු කෑම මේසයක්
කෑමවල නෙමෙයි
කන අයගේ
ඒ තරගයේ යෙදෙන්න බැරි මිනිස්සුන්ට ඒ පුටුවෙන් නැගිටින්න වෙනව
හිනාවෙවී එකට කෑම කන එක තරම් සතුටක් තවත් තියෙනවද
ඒ සතුට එතන නැත්නම්
එහෙම කෑමක් මොකටද
තෘෂ්ණාවෙන් කුහක කමෙන් පිරුණු කෑම මේසයට
මිනිසත් කමේ සුවද එන්නේ කවදාද
මතක තියාගන්න
ඔතනින් ඇවිදපු දහසක් දෙනා
නොදන්නවා සේ හිටියාට
කෑම මේසයේ රග දන්නා බව

0 comments:

Post a Comment