Meet The Author

Thursday, November 2, 2017

On 6:40 AM by Unknown   No comments
අසූව දශකයේ මද භාගයේ පටිගත වුනු අජානේය ස්කුටර් තුරගා පිට වඩිනා ගීතය ප්‍රවීන ගේය පද රචක රත්න ශ්‍රී විජේසිංහයන් ගේ නිර්මාණයක්. ගායනය කරුණාරත්න දිවුල්ගනේ. මේ ගීතය රචනා කිරීම කෙරෙහි පාදක වුනු සත්‍ය සිදුවීමක් ඇත. එසේම පුරාණ කතාවක්ද ඇත. ගීතය සත්‍ය වශයෙන්ම රචනා වෙන්නේ රත්න ශ්‍රී ගේ මිතුරෙකුගේ අත්දකිමකිනි. නමුත් මේ ගිය රචනා වීම කෙරෙහි අතීත ජාතක කතාවක එක් කොටසක්ද එක් වී ඇත.
අතීත කතාව නම්,
ජාතක පොතේ දිගම ජාතක කතාව උමංදාව හෙවත් උම්මග්ග ජාතකය, කුරුණෑගල උගයේ වීරසිංහ පතිරාජ නම් අමාත්‍ය වරයා විසින් රචිත කෘතියේ අතුරු කතාවක් සිරි කාලකන්නි ප්‍රශ්නය,

මියුරු නුවර වැසි එක් පිංගුත්තර නම් මානවකයෙක් දිසාපාමොක් සමීපයේ උන්නේ ශිල්ප සපුරා උගත යනුවෙන් මෙම සිරි කාලකන්නි ප්‍රශ්නය රචනය ආරම්භ වෙයි.

දිසාපාමොක් ඇදුරුතුමා ලග දක්ෂතම ශිෂ්‍යයා හැටියට අයෙක් ඉගෙන ගනියි. දක්ෂතම ශිෂ්‍යයාට ලැබෙන ත්‍යාගය නම් දිසාපාමොක් ඇදුරුතුමාගේ දුව. මේ තරුණයා ස්ත්‍රී විරෝදී පුද්ගලයෙක්. ඔහුට කාන්තාවන් රුස්සන්නේ නැහැ. විවාහ වෙලා මංගල යහනයට නගිනකොට මේ මනුස්සයා බෝමට බහිනව. කාන්තාව බිමට එනකොට මෙයා ඇදට යනව. මුළු රැයම නිදි වර්ජිතව ගතවෙනවා. පසුවදා උදෑසනම සිය ගම බලා නව මනාලිය සමග ගමන් කරනවා. මේ ගමනේදී කුසගින්නක් ඇතිවෙනවා. දිබුල් අත්තික්කා ගහකට ගොඩවෙනවා. මොහු කඩාගෙන කනවා. අර කාන්තාව මටත් ආහාර දෙන්න කියලා ඉල්ලා සිටිනවා. ඔහු අයගෙන් විමසා සිටිනවා ඇයි තිට ඇත පා නැද්ද යනුවෙන්. අයි නුබට ඇත පය නැද්ද කියල අහනවා කඩාගෙන කන්න. මේ කාන්තාව බැරි මරගාතේ ගහට ගොඩවෙනවා. ඒ වෙලාවේ මේ පුරුෂයා ගහෙන් බැහැලා ගහ වටේට කටු දාල යනවා මේ කාන්තාවට එන්න බැරි වෙන්න. ඔහුට එතරන්ම කාන්තාවන් අප්‍රියයි. අර කාන්තාව ගහ උඩ ඉන්නවා. වේදේහ රජු ඇතුන් පිට සංචාරයේ යන විට මේ කාන්තාව දකිනවා. රුපයෙන් ලස්සනයි. හිමිකාරයෙක් නැති වස්තුව රජතුමන් සතුයි. අත්තික්කා ගහක් උඩ සිට හමු වුන නිසා යට උදුම්බරා දේවිය කියල නම තියෙනවා. දවසක් උදුම්බරා දෙවියත් වේදේහ රජතුමාත් උයන් කෙළියට යන ගමන් උදුම්බරා දේවියට සිනහ පහල වෙනවා. රජතුමා ඉදිරියේ එසේ සිනා සෙන්නට බැහැ. රජතුමා කෝපයෙන් කඩුව ගන්නවා සිනාසීමට හේතුව විමසමින්. ඇය පවසා සිටිනවා අර මග සසිමින් ඉන්නා එක්තරා පුරුෂයෙක් දැකලා මට හිනා ගිය බව. ඔහු මා කලින් රක්ෂා කල පුරුෂයා බව කියා සිටිනවා.  ඇයට හිනා යන්නේ දිසාපාමොක් ඇදුරුතුමාගේ දක්ෂතම ශිෂ්‍යයා මග සසිමින් සිටීම දැකීමෙන්. රජතුමා මේ කතාව විශ්වාස කරන්නේ නැහැ. මෙතරන් රූමත් කාන්තාවක් මොන කාලකන්නියෙක් වත් අත් නොහරින බව රජතුමාගේ මතය විය.  සේනක පුක්කුස කාවින්ද දේවින්ද යන පඩිවරු හතරදෙනාට මේ පැනය යොමුකරනවා. ඔවුන්ගේ මතය වුයේද රජතුමාගේම මතයයි. අවසානයේ මහෝෂධ පඩිතුමා වෙත මේ පානය යොමුවෙනවා. ඔහු පවසා සිටිනවා නොගැලපෙන්න පුළුවන්. ශ්‍රියා කාන්තාව සහ කාලකන්නියා ගැලපෙන්නේ නැහැ අහසට පොලව වගෙයි. ඒ නිසා මෙවෙනි සිදුවීම් වෙන්න පුළුවන්. ඔහුගේ පිළිතුරෙන් උදුම්බරාවගේ ජීවිතය බේරෙනවා.

මෙවැනි කතා නැවත නැවත පුනරාවර්තනය වෙනවා. රත්න ශ්‍රී ගේ මිත්‍රයෙක්. ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිය හදාරද්දී සිසුවියක් සමග ප්‍රේමයක් ආරම්භ කරනවා. මේ අසුව දශකයයි. ඔහුට පළමු පන්ති සාමන්ර්තයක් හිමිවෙනවා. අවසානයේ ඔහු රැකියාවක් නැතුව කම්කරු රැකියාවක යෙදෙනවා. 86 89 කාලයේ. ඔහු මාර්ගයේ වැඩ කරමින් ඉද්දි ඔහුට හමුවෙනවා ඔහුගේ පැරණි පෙම්වතිය සිය සැමියා හෝ පෙම්වතා සමග. ට්‍රේල බයික් එකක නැගලා ඔටුන්නක් වගේ හෙල්මට් එකක් දාගෙන පාරේ යනවා. ඇය සිය පෙම්වතාගේ දෙව්රට අත තබා එසවී නගරයේ සිරි නරබයි. වේගෙන් ගමන් කරයි. හෙල්මට් ඒක බිම වටෙයිදයිත් සිතෙයි.

අජානේය ස්කුටර් තුරගා පිට වඩිනා 
කුමාරියනි වාත වේගයෙන් ඉගිලෙනු කොතැනා 
බදා හිමි දෙවුර එසවී පුරවර සිරි බලනා 
විලාසයට ඔබේ කිරුල බිම වැටෙයිද හිතුණා....

සූ සට ශිල්පය උගෙනා පාරගතව ගියෙනා ...

ශිල්ප හැට හතරම ඉගෙන ගෙන එහි පරතෙරටම ගිහින්

පාරෙ වැඩට හවුල් වෙන්න උදැල්ල මට ලැබුණා.

ඔහු දැන් කම්කරු වෘත්තියක

මා ගත දා බිදු හදුනා සදේ සිනා නගනා 
ප්‍රේමවන්ති විලවුන් ගෑ ලේන්සු පට සිබිණා.

මේ දාඩිය පෙරාගෙන ඉන්න මිනිහ එක්කද මම සම්බන්ධ වෙලා සිටියේ යැයි සිතමින් සිනහ නගමින්  ඇය අගේ සුවද විලවුන් ගලවන ලද ලේන්සුවෙන් නහය වසා ගන්නවා. නමුත් මෙහි කතා නායකයා මෙසේ සිතනවා. ඔහු මෙසේ සිත හදාගන්නවා.

සදාකල්ම පේම්වතුන්ගෙ සිහින පුරා පිපෙනා
උදුම්බරා මලක් තියේ ආදරයයි කියනා.

(කෙදිනකවත් උදුම්බරා මල් පිපෙන්නේ නැත.) පෙම්වතුන් හැමදාම උදුම්බරා මල් පිපෙන්න හීන දකිනවා නමුත් කවදාවත් පිපෙන්නේ නැත.

රෑ තුන්යම සුවද උලා උදෑසනින් මැකෙනා
කාට අහිමි වුනත් සාදු මල් පිපියන් සැමදා ...

කාට අහිමි වුනත් කමක් නැහැ. හැමදාමත් මල් පිපෙන්න කියල ඔහු ප්‍රර්ථනා කරනවා. එවැනි පෙම්වතුන් තමයි අවශ්‍ය.....