Meet The Author

Wednesday, June 20, 2018

On 9:31 PM by Unknown   No comments

සංහිදියාව ඇතිකිරීමේ සහ වර්ධනය කිරීමේ පරමාර්ථයෙන් රාජ්‍ය අනුග්‍රහයෙන් නිෂ්පාදනය කරන ලද තුන්දෙනෙක් සිනමා කෘතිය නැරබීමට පෙර එම චිත්‍රපටයේ නම දැකීමෙන් මා සිතුයේ එක චිත්‍රපටයක් දෘෂ්ටිවාද තුනකින් හෝ එක් කතාවක් තේමා තුනකින් හෝ නරබන්නට තිබෙන බවය. චිත්‍රපටය එළිදක්වන උළෙලේදී චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය පවසා සිටියේ චිත්‍රපටයක් සදහා අධ්‍යක්ෂ වරු තුන්දෙනෙක් එකතු වී ක්‍රියාකිරීම ම අගයකළ යුතු බවයි. නමුදු එතුමිය ප්‍රකාශකළ සංහිදියාවක් චිත්‍රපටය තුළ දක්නට නොමැත. එවැනි සංහිදියාවක් අවශ්‍යද නැත. අධ්‍යක්ෂවරු තිදෙනෙක් නිර්මාණය කල චිත්‍රපට තුනක් එකදිගට නරබුවෙමි. තනි චිත්‍රපටයක් කිරීමට අධ්‍යක්ෂ වරු තිදෙනා අතර සංහිදියාව නොමැත. එය වරදක් නැත. එක තේමාවකට චිත්‍රපටයක් කිරීමට සංහිදියාව ඇත. එය ද වරදක් නැත. තනි චිත්‍රපටයක් අධ්‍යක්ෂවරු තිදෙනෙක් එකතුව සකස් කල බවට මගේ වූ පුර්ව නිගමනය මා හට වූ සිදුවූ වරදකි.

සමාජීය වශයෙන් වෙනසක් බලපෑමක් ඇතිකිරීම සදහා චිත්‍රපටයක දායකත්වය අතිමහත්. ප්‍රංශ, රුසියානු විප්ලව සහ සිනමාව එයට සාක්ෂි දරනු ඇත. චිත්‍රපටයක් නැරබීමෙන් ප්‍රේක්ෂක මනස තුළ සංහිදියා සංකල්පය ජනිත කිරීම හෝ වර්ධනය කිරීම මෙම චිත්‍රපට නිෂ්පාදනයන්හි මුඛ්‍ය අරමුණ විය. ලංකාවේ පවතින චිත්‍රපට නැරබීමේ සංස්කෘතිය සහ ඒවා ජිවිත වලට ග්‍රහණය කර ගැනීම යන කරුණු සලකා බැලීමේදී චිත්‍රපටයකින් සිදුකළ හැකි බලපෑම විවාද සම්පන්න විය හැක. නමුදු මෙම ප්‍රයත්නය අගය කල යුතුය. චිත්‍රපට දර්ශනයෙන් පසුව ඇතිවන කතිකාවත්, සංවාද වඩාත් බලපෑම් කාරී සහ චිත්‍රපට නිෂ්පාදන අරමුණු මුදුන්පත් කරන්නට දායක වන බව මගේ අදහසයි. සංහිදියාව පිළිබදව කතිකාවතකට මෙම චිත්‍රපටය හේතුවක් ලෙස ක්‍රියා කරනු ඇත. චිත්‍රපය ගැන කතා කිරීමට හෝ අධ්‍යක්ෂවරු විවේචනය කිරීම හෝ වැනි කුමන ආකාරයක හෝ හේතුවක් මත අප එකතුවී සංහිදියාව ගැන කතා කරනු ඇත.

චිත්‍රපටයක් හරහා ජනතා චින්තනය වෙනස් කිරීමට උත්සහ දැරීම බරපතල අභියෝගයකි. එහිදී පොදු ජනතාවට තේරෙන සහ පොදුජනතාවගේ චින්තන ධාරාව ස්පර්ශ කරන චිත්‍රපටයක නිෂ්පාදනය අවශ්‍ය වේ. චිත්‍රපටයේ සරල බව සහ කතා තේමාවේ ආකර්ශනීය බව ප්‍රධාන තැනක් ගනු ඇත. මගේ නිරීක්ෂණයන්ට අනුව ප්‍රසන්න විතානගේ එම අභියෝගය මෙහිදී ජයගත් අයෙකි. චිත්‍රපටය ගලායාම දර්ශන සකස්චි කිරීම යන සියල්ල පොදු ජනයාගේ සිත් ආකර්ෂණය කරන්නක් විය. චිත්‍රපටයක්  ලෙස මගේ දෘෂ්ටිකෝණයට අනුව බලන කල අශෝක හදාගමගේ චිත්‍රපටය ස්ටීරියෝ ටයිප් කතා තේමාවක්. ප්‍රසන්නගේ චිත්‍රපටය ඉන් මදක් බැහැර වන්නේ කේසේවරාජන්ගේ කතාව ගොනුකිරිම හරහාය. එම කතාව අපට අලුත්, හදාගමයන්ගේ කතාව අපට අලුත් නැත.  නමුත් එවැනි කතා තේමාවක් මෙම චිත්‍රපටයේ මුඛ්‍ය අරමුණු කරා ලගාවීමට අවශ්‍ය බව මට හැගෙයි. දිනපතා දකින අතුරුදන්වූවන්ගේ පුවරු රැගත් පුද්ගලයන් තුළ වූ ඇතුලාන්තයේ කතවට ඔහු ගෙන එයි. අප ඔවුන් දැක දුක්වනු විනා ඔවුන්ගේ කතාව අසන්නන් නොවේ. මේ කතාව අසන කල නැවත යුද්දයකට නොයා යුත්තේ ඇයි යන ප්‍රශ්නයට පිළිතුරු ලැබෙනු ඇත. 

මේ චිත්‍රපට තුනේ මා ප්‍රියකළ කතාව විමුක්ති ජයසුන්දර ගේ නිර්මාණයයි. සහජීවනය ඇති නොමැති වීමට බලපෑ හේතුව විමුක්ති විග්‍රහ කරයි. ඔහුගේ චිත්‍රපටය ප්‍රේක්ෂකයාගෙන් මදක් ඈතට යනු ඇතැයි මගේ හැගීම. ඔහුගේ සිනමා ශෛලිය ඊට හේතුවක් විය හැක. නමුදු කතිකාවතකට යොමුකළ හැකි බවක් එහි මා දකියි.

විමුක්ති සිනමාවට නංවා ඇත්තේ සැබෑ ලෙසම සිදුවන තත්වයක්. එය අතීතයේත් වර්තමානයේත් සිදුවෙයි. අනාගතයේදීත් වෙනස් නොවනු ඇත. මා සිත් ගත් කරුණු කිහිපයක් පමණක් සටහන් කරමි. චිත්‍රපටයේ ආරම්භය ඔබටත්ශ්‍ මටත් තරමක් ඒකාකාරී බවක් ගෙන එන්නක් විය. සිංහල ගුරුවරයාගේ පාඩම. එය අපටද එපා විය. අපට එපා වූ එම දර්ශනය කොතරම් නම් දමිල ජනතාවකට එපා වන්නට ඇත්ද. සත්‍යජිත් රායි ගේ චාරුලතා ආරම්භක දර්ශනය බලන්න. විනාඩි ගණනාවක් සිදුකරන ගෙත්තම ප්‍රේක්ෂකයන් සිත තුළ ඇතිකළ පීඩනය චාරුලතා තුළ වූ සැබෑ පීඩනය ඔහු ගෙන ආවේය. විමුක්ති සිදුකර ඇත්තේ ද එයයි. 

ලංකාවේ අධ්‍යාපනය. එහි එක් ඒකකයක පරිපාලකයාගේ ක්‍රියාකලාපය. දුෂ්කර ගම්මානයක සේවය කිරීමට යන ඔහු අවසානයේ නතර වන්නේ ගුරුවරයෙකු ලෙස නොව ව්‍යාපාරිකයෙකු ලෙසයි. ඔහුගේ මුඛ්‍ය අරමුණ දරුවන්ට අධ්‍යාපනය නොව තවත් මාළු බෝට්ටුවක් මිලට ගෙන එය කුලියට දී ආදායම් ලැබීමයි. මේ කතාව කලාපීය වශයෙන් වෙනස් වෙමින් විවිධ මානයෙන් අදටත් සිදුවෙයි. නමුත් මේ පොදු කතාවෙන් වෙන්වුණු සත්‍ය ලෙසම තම සේවය ලබාදෙන පිරිස් ද ඇත. මේ චරිතය පොදු විදුහල්පතිවරු නියෝජනය කිරීමක් ලෙස දැකීම පිරිසකගේ සිත් තැවුලට පත් කිරීමක් විය හැක. මේ එක කුලකයක්. සෑම සමාජයකම මෙවැනි කුලකයක් නම් ගොත් වෙනස් වෙමින් දක්නට ඇත. අධ්‍යාපනයට කෙල වුන තැන තවත් සමාජීය තත්වයන් ගැන කවර ආකාරයක කතිකාවතක් ගොඩනගන්නද. එහි එක් ඒකකයක පරිපාලකයා මෙසේය. ඔහුගේ අරමුණු අභිලාෂයන් සහ මෙම පුනර් උත්පත්ති කතාවේදී ඔහුගේ දෘෂ්ටිය මනාවට විග්‍රහ වෙයි. 

ඔබ දුටුවාද චිත්‍රපටය පුරා ඇති දමිල සිංහල දරුවන් ඔවුනොවුන් සහ හොදින් මිශ්‍ර වෙමින් ජිවත් වෙයි. ඔවුන් මේ භාෂා දෙකම කතාකරයි. ඇතැම් විට දෙමව්පියන්ගෙන් පැවත ආ භාෂාවට වඩා වෙනත් භාෂාවක් ඔවුන්ට වඩාත් සමීපව ඇත. ඔවුන් තුළ සහජීවනයේ ප්‍රශ්නයක් නැත. සහජීවනය යන වචනයක්සැ ඔවුන්ගේ ශබ්දකෝෂයට අවශ්‍ය නැත. මේ ප්‍රශ්නය ඇත්තේ කා හටද? මේ ගැටලුව පිළිබදව මාධ්‍යවේදියාට ප්‍රකාශ කල විදුහපති වරයාට (පාලක පන්තිය) සහ එය පුවත්පතේ පලකළ මාධ්‍යවේදියාට (ජනමාධ්‍ය) මෙය ගැටලුවකි. ඔවුන්ට ඇතිවූ ගැටලුව එම ග්‍රාමයේ සංහිදියාව නැතිකිරීමට හේතුවක් විය. එකිනෙකා හා සතුටින් සිටි පරිසරය එළිවෙන පාන්දරින් වෙනසක් කිරීමට මේ ඒකක එකට හැකි විය. සංහිදියාව නැති වීමට බලපෑ හේතු අධ්‍යක්ෂ වරයා මනාවට විග්‍රහ කරයි. මේ කතාවේ සිදුවූ දේ ලංකා ඉතිහාසයේ සැබෑ ලෙසම සිදුවූ කතාවයි. 

සංහිදියාවේ ගැටළුවක් පොදු ජනතාව හට නොමැත මේ ගැටලුව ඇත්තේ පාලක පන්තියටත් ඔවුන්ගේ අතකොළුවක් වුනු ධනවාදයේ උපාංගයක් වුනු ජනමාධ්‍යයටයි. එකිනෙකාගේ ආරක්ෂාව උදෙසා ඔවුන් සන්නිවේදනයේ යෙදෙයි. මෙම සන්නිවේදනය පොදුජනතාව තුළ උග්‍ර වූ විෂබීජ වපුරාලයි. එහි අන්තපල පොදුජනතා ව වන අප අත්විදියි. පාලක පන්තිය සහ මාධ්‍ය සිදුකළ මෙම මිලේච්ඡ් එයිතිහාසික ක්‍රියාව එදා වෙන ස්වරූපයකින් සිදුවිය. එය වෙනස් කතාවකින් ගෙන ඒමට විමුක්ති සමත් විය. පුනරුප්පත්තිය සිදුකළ දරුවාගේත් දෙමව්පියන්ගෙත් ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කලේ පොදු ජනතාවයි. එය සිංහල දෙමල නොව පොදු ජනතාවයි. එයට නායකත්වය දීමට ජනමත නායකයන් විය (සිංහල ගුරුවරයා). ජනමාධ්‍ය එම ප්‍රගතිශීලි මිනිසුන්ව තාක්ෂණිකව හාස්‍යට ලක්කර සමාජයෙන් කොන්කරන්නට කටයුතු කරන ලදී. චිත්‍රපටය එය මනාවට ගෙන එයි. එසේ කොන් කිරීම ඔහුගේ කට වැසිමකි. ප්‍රගතිශීලි ජනතාවකගේ නායකයන්ගේ කට වැසීම මිලේච්ඡ පාලකයන්ගේ වුවමනාවන් අවශ්‍යතාවන් ආරක්ෂා කරන්නකි. මේ යුද්ධය හා වැසුණු ජාවාරම් කාර ක්‍රියාවලිය උදෙසා අවශ්‍ය පරිසරය ඇතිකරන ලද්දේ සංහිදියාව බිද දැමීමෙනි. එය ඡන්ද ව්‍යාපාරයට අවශ්‍ය සටන් පාඨ නිෂ්පාදනයේ සිට අවි ආයුධ වෙළදාම, මත්ද්‍රව්‍ය ජාවාරම සහ ගණිකා ව්‍යාපාරය දක්වා ව්‍යාප්තව ඇති බව දැක්විය යුතුය. සංහිදියාව අවශ්‍ය පොදු අපට, සංහිදියාව පිළිබද අවබෝදය අවශ්‍ය පාලක පන්තියට. පාලක පන්තියේ මුදලින් චිත්‍රපටයක් ඔවුන් උදෙසා නිෂ්පාදනය කර ඇත. මම එයට එකග වෙමි. මේ චිත්‍රපටය දර්ශනය කල යුත්තේ පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා වූ චිත්‍රපට ශාලාවල් තුළදී ට වඩා ජනාධිපති මන්ධිරයේ සිට ව්‍යාපාරික ප්‍රජාවගෙන් ලත් මුදලින් කුලී ගෙවූ නිවස්න වල සිට ජනතා සේවයේ යෙදෙන ඒ බව නොදන්නා අමාත්‍යවරු හරහා ජාතිවාදී අදහස් රෝපණය කරන මිලේච්ඡයන් වෙතයි. ඔවුන්ගේ වෙනසක් චිත්‍රපටයක් ප්‍රදර්ශනයකින් කිසිසේත් බලාපොරොත්තු විය නොහැක. එවන් හෘද සාක්ෂියක් ඇත්තවුන් එහි නැත. නමුත් ඔවුන් සිදුකළ දේ අප දන්නා බව පෙන්වමින් ඔත්තස් එකක් අපට අත්විදිය හැක.



එච්.ඒ.ගයාන් මධුශංඛ


Thursday, November 2, 2017

On 6:40 AM by Unknown   No comments
අසූව දශකයේ මද භාගයේ පටිගත වුනු අජානේය ස්කුටර් තුරගා පිට වඩිනා ගීතය ප්‍රවීන ගේය පද රචක රත්න ශ්‍රී විජේසිංහයන් ගේ නිර්මාණයක්. ගායනය කරුණාරත්න දිවුල්ගනේ. මේ ගීතය රචනා කිරීම කෙරෙහි පාදක වුනු සත්‍ය සිදුවීමක් ඇත. එසේම පුරාණ කතාවක්ද ඇත. ගීතය සත්‍ය වශයෙන්ම රචනා වෙන්නේ රත්න ශ්‍රී ගේ මිතුරෙකුගේ අත්දකිමකිනි. නමුත් මේ ගිය රචනා වීම කෙරෙහි අතීත ජාතක කතාවක එක් කොටසක්ද එක් වී ඇත.
අතීත කතාව නම්,
ජාතක පොතේ දිගම ජාතක කතාව උමංදාව හෙවත් උම්මග්ග ජාතකය, කුරුණෑගල උගයේ වීරසිංහ පතිරාජ නම් අමාත්‍ය වරයා විසින් රචිත කෘතියේ අතුරු කතාවක් සිරි කාලකන්නි ප්‍රශ්නය,

මියුරු නුවර වැසි එක් පිංගුත්තර නම් මානවකයෙක් දිසාපාමොක් සමීපයේ උන්නේ ශිල්ප සපුරා උගත යනුවෙන් මෙම සිරි කාලකන්නි ප්‍රශ්නය රචනය ආරම්භ වෙයි.

දිසාපාමොක් ඇදුරුතුමා ලග දක්ෂතම ශිෂ්‍යයා හැටියට අයෙක් ඉගෙන ගනියි. දක්ෂතම ශිෂ්‍යයාට ලැබෙන ත්‍යාගය නම් දිසාපාමොක් ඇදුරුතුමාගේ දුව. මේ තරුණයා ස්ත්‍රී විරෝදී පුද්ගලයෙක්. ඔහුට කාන්තාවන් රුස්සන්නේ නැහැ. විවාහ වෙලා මංගල යහනයට නගිනකොට මේ මනුස්සයා බෝමට බහිනව. කාන්තාව බිමට එනකොට මෙයා ඇදට යනව. මුළු රැයම නිදි වර්ජිතව ගතවෙනවා. පසුවදා උදෑසනම සිය ගම බලා නව මනාලිය සමග ගමන් කරනවා. මේ ගමනේදී කුසගින්නක් ඇතිවෙනවා. දිබුල් අත්තික්කා ගහකට ගොඩවෙනවා. මොහු කඩාගෙන කනවා. අර කාන්තාව මටත් ආහාර දෙන්න කියලා ඉල්ලා සිටිනවා. ඔහු අයගෙන් විමසා සිටිනවා ඇයි තිට ඇත පා නැද්ද යනුවෙන්. අයි නුබට ඇත පය නැද්ද කියල අහනවා කඩාගෙන කන්න. මේ කාන්තාව බැරි මරගාතේ ගහට ගොඩවෙනවා. ඒ වෙලාවේ මේ පුරුෂයා ගහෙන් බැහැලා ගහ වටේට කටු දාල යනවා මේ කාන්තාවට එන්න බැරි වෙන්න. ඔහුට එතරන්ම කාන්තාවන් අප්‍රියයි. අර කාන්තාව ගහ උඩ ඉන්නවා. වේදේහ රජු ඇතුන් පිට සංචාරයේ යන විට මේ කාන්තාව දකිනවා. රුපයෙන් ලස්සනයි. හිමිකාරයෙක් නැති වස්තුව රජතුමන් සතුයි. අත්තික්කා ගහක් උඩ සිට හමු වුන නිසා යට උදුම්බරා දේවිය කියල නම තියෙනවා. දවසක් උදුම්බරා දෙවියත් වේදේහ රජතුමාත් උයන් කෙළියට යන ගමන් උදුම්බරා දේවියට සිනහ පහල වෙනවා. රජතුමා ඉදිරියේ එසේ සිනා සෙන්නට බැහැ. රජතුමා කෝපයෙන් කඩුව ගන්නවා සිනාසීමට හේතුව විමසමින්. ඇය පවසා සිටිනවා අර මග සසිමින් ඉන්නා එක්තරා පුරුෂයෙක් දැකලා මට හිනා ගිය බව. ඔහු මා කලින් රක්ෂා කල පුරුෂයා බව කියා සිටිනවා.  ඇයට හිනා යන්නේ දිසාපාමොක් ඇදුරුතුමාගේ දක්ෂතම ශිෂ්‍යයා මග සසිමින් සිටීම දැකීමෙන්. රජතුමා මේ කතාව විශ්වාස කරන්නේ නැහැ. මෙතරන් රූමත් කාන්තාවක් මොන කාලකන්නියෙක් වත් අත් නොහරින බව රජතුමාගේ මතය විය.  සේනක පුක්කුස කාවින්ද දේවින්ද යන පඩිවරු හතරදෙනාට මේ පැනය යොමුකරනවා. ඔවුන්ගේ මතය වුයේද රජතුමාගේම මතයයි. අවසානයේ මහෝෂධ පඩිතුමා වෙත මේ පානය යොමුවෙනවා. ඔහු පවසා සිටිනවා නොගැලපෙන්න පුළුවන්. ශ්‍රියා කාන්තාව සහ කාලකන්නියා ගැලපෙන්නේ නැහැ අහසට පොලව වගෙයි. ඒ නිසා මෙවෙනි සිදුවීම් වෙන්න පුළුවන්. ඔහුගේ පිළිතුරෙන් උදුම්බරාවගේ ජීවිතය බේරෙනවා.

මෙවැනි කතා නැවත නැවත පුනරාවර්තනය වෙනවා. රත්න ශ්‍රී ගේ මිත්‍රයෙක්. ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිය හදාරද්දී සිසුවියක් සමග ප්‍රේමයක් ආරම්භ කරනවා. මේ අසුව දශකයයි. ඔහුට පළමු පන්ති සාමන්ර්තයක් හිමිවෙනවා. අවසානයේ ඔහු රැකියාවක් නැතුව කම්කරු රැකියාවක යෙදෙනවා. 86 89 කාලයේ. ඔහු මාර්ගයේ වැඩ කරමින් ඉද්දි ඔහුට හමුවෙනවා ඔහුගේ පැරණි පෙම්වතිය සිය සැමියා හෝ පෙම්වතා සමග. ට්‍රේල බයික් එකක නැගලා ඔටුන්නක් වගේ හෙල්මට් එකක් දාගෙන පාරේ යනවා. ඇය සිය පෙම්වතාගේ දෙව්රට අත තබා එසවී නගරයේ සිරි නරබයි. වේගෙන් ගමන් කරයි. හෙල්මට් ඒක බිම වටෙයිදයිත් සිතෙයි.

අජානේය ස්කුටර් තුරගා පිට වඩිනා 
කුමාරියනි වාත වේගයෙන් ඉගිලෙනු කොතැනා 
බදා හිමි දෙවුර එසවී පුරවර සිරි බලනා 
විලාසයට ඔබේ කිරුල බිම වැටෙයිද හිතුණා....

සූ සට ශිල්පය උගෙනා පාරගතව ගියෙනා ...

ශිල්ප හැට හතරම ඉගෙන ගෙන එහි පරතෙරටම ගිහින්

පාරෙ වැඩට හවුල් වෙන්න උදැල්ල මට ලැබුණා.

ඔහු දැන් කම්කරු වෘත්තියක

මා ගත දා බිදු හදුනා සදේ සිනා නගනා 
ප්‍රේමවන්ති විලවුන් ගෑ ලේන්සු පට සිබිණා.

මේ දාඩිය පෙරාගෙන ඉන්න මිනිහ එක්කද මම සම්බන්ධ වෙලා සිටියේ යැයි සිතමින් සිනහ නගමින්  ඇය අගේ සුවද විලවුන් ගලවන ලද ලේන්සුවෙන් නහය වසා ගන්නවා. නමුත් මෙහි කතා නායකයා මෙසේ සිතනවා. ඔහු මෙසේ සිත හදාගන්නවා.

සදාකල්ම පේම්වතුන්ගෙ සිහින පුරා පිපෙනා
උදුම්බරා මලක් තියේ ආදරයයි කියනා.

(කෙදිනකවත් උදුම්බරා මල් පිපෙන්නේ නැත.) පෙම්වතුන් හැමදාම උදුම්බරා මල් පිපෙන්න හීන දකිනවා නමුත් කවදාවත් පිපෙන්නේ නැත.

රෑ තුන්යම සුවද උලා උදෑසනින් මැකෙනා
කාට අහිමි වුනත් සාදු මල් පිපියන් සැමදා ...

කාට අහිමි වුනත් කමක් නැහැ. හැමදාමත් මල් පිපෙන්න කියල ඔහු ප්‍රර්ථනා කරනවා. එවැනි පෙම්වතුන් තමයි අවශ්‍ය.....










Monday, July 18, 2016

On 2:15 AM by Unknown   No comments
ශානිවර්  වාඩා හෙවත් බජිරවෝ මස්තානි චිත්‍රපටයේ ඔබ දුටු බජිරවොගේ මාලිගය ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ පුනේ පිහිටි තවත් සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථානයකි. ඉතිහාසයේ විශේෂ සන්ධිස්ථානයක් සටහන් කරන මෙම ස්ථානය වටා ගෙතුණු කතාන්දර රාශියකි. ශානිවර් යනු සෙනසුරාදා යන්නයි වාඩා යනු ගොඩනැගිලි සංකීර්ණය අර්ථ දෙන්නකි. බජිරවෝගේ ආත්මය මෙහි සැරිසරන බවට ඉන්දියානුවන් තුළ විශ්වාසයක් පවතියි. නමුත් බජිරවෝගේ පුත්‍රයා වුණු නාරායන්ගේ ආත්මයේ විලාපය තවමත් මධ්‍යම රාත්‍රියේ ඇසෙන බව ඉන්දියානුවන්ගේ මතයයි.
බජිරවෝ මස්තානි චිත්‍රපටය බොහෝ දෙනා වැලදගත් චිත්‍රපටයකි. මෙම චිත්‍රපටය රූගත කර ඇත්තේ එම සැබෑ මාලිගය සහිත ස්ථානයේ නොව වෙනම දර්ශන තල සකස්කරන ලද ස්ථානයකය. බජිරවෝ මස්තානි චිත්‍රපටයේ කතාවස්තුවේ ඇතැම් අංග කෙරෙහි ඉන්දියානුවන් පවසා සිටින්නේ සත්‍ය කතාවට අමතරව අධ්‍යක්ෂකවරයා ඇතැම් අංග එකතු කර ඇති බවයි. කෙසේ නමුත් බජිරවෝ සහ මස්තානි නමැති මුස්ලිම් බිසව සහිත කතා වස්තුවේ හරය ඉන්දියානුවෝ ආදරයෙන් වැළද ගනිති. ශ්‍රී ලාංකිකයන් වශයෙන් බජිරවෝ ගේ මාලිගය පිළිබද තොරතුරු දැනගැනීමට ඔබටත් කුතුහලයක් ඇතිවනු ඇත.
බජිරවෝ යනු ඉන්දීය අධිරාජ්‍යයේ ඉතාම බලවත් අග්‍රාමාත්‍ය වරයෙකි. 1730 යුගයෙදී මෙහි බජිරවෝ නමැති රණකාමියා වාසය කළ අතර 1828 වන විට පැවති යටත්විජිත කාලයේදී විදෙස් ආක්‍රමණිකයන්ගේ යටතට පත්වුණු අවධියේ මෙම මාලිගාව සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශවිය. මෙම මාලිගයේ ඇතුලත සම්පුර්ණයෙන්ම දැව වලින් සාදා තිබීම නිසා එම ගින්නෙන් මුළුමනින්ම විනාශවී අද ඉතුරුව ඇත්තේ ගින්නට හසු නොවුණු ප්‍රධාන ද්වාරයේ ගොඩනැගිල්ල සහ අත්තිවාරම් පමණි.
ශානිවර් වාඩා නමැති මෙම ගොඩනැගිල්ල බජිරාවෝ විසින් ඉදිකර ඇත්තේ මෙම භුමියේ තමන් දුටු විශේෂ සිදුවුමක් හේතුවෙනි. එනම් හාවෙකු සුනඛයෙකු පසුපස ලුහුබදින අවස්ථාවක් ඔහු මෙම භුමිය තුළ දැක ඇත. මේ සිදුවීම දුටු බජිරවෝ ඒ පිළිබද ආශ්චර්යයට පත්වී භුමිය සතු කිසියම් විශේෂත්වයක් අවබෝධකරගෙන  ඔහුගේ මාලිගය ඉදිකර ඇත. මෙම ගොඩනැගිලි සංකීර්ණය ඉතාම ආරක්‍ෂිත ආකාරයෙන් සකස්කර ඇති අතර ඕනෑම සටනකදී සතුරු ආක්‍රමණයකදී ඊට මුහුණදිය හැකි අයුරින් ඉදිකර ඇත. මෙහි ආරක්ෂක මුරකාවල් සහිත ප්‍රාකාර පද්ධතියක්, ප්‍රධාන ද්වාර පහක්,ආරක්ෂක  කුළුණු නවයක්, වැස්මක් සහිත උද්‍යාන සංකීර්ණයකින් සමන්විත වේ.
 ගොඩනැගිල්ලේ නටබුන් අධ්‍යයනය කිරීමේදී එය ඉදිකිරීමේදී ආරක්ෂාවට මුලිකත්වය දී ඇති බව ඉතා හොදයින් ගම්‍යමාන වේ. මෙම ගොඩනැගිල්ලේ ප්‍රධාන ද්වාරය දිල්හි දර්වජා නමින් නම්කර ඇත. ඊට හේතුව දිල්ලිය නගරයට මුහුණලා එම ද්වාරය පිහිටා තිබීමයි. අනෙක් ද්වාර ගනේෂ්, මස්තානි, ජම්භාල්, ඛිද්කි නමින් නම්කර ඇත. මෙහි තවත් ද්වාරයක් ඇත අද එය නම්කර ඇත්තේ නාරායන් ද්වාරය ලෙසයි. ඊට හේතුවුණු කතාවක් ඇත. බජිරවෝගේ මරණයෙන් පසුව ඔහුගේ පුතුට එම තනතුර හිමිවීමට නියමවී තිබිණ. නමුත් බජිරවෝගේ සහෝදරයෙක් එම තනතුර ලබාගැනීම සදහා බජිරවෝගේ පුතුව සිර කරන ලෙස සෙබළුන්ට නියම කර ඇත. නමුත් ඔහුගේ හිතාදරයන් නාරායන් ජිවත්වීම කෙදිනක හෝ අනතුරුදායක තත්වයක් ඇතිවීමට හේතුවේ යැයි සිතා සිරකරන ලෙස ලබාදුන් නියෝගය විනාශකරන ලෙස සෙබළුන්ට ලබාදී  ඇත. නාරායන් පසුපස සෙබළුන් හබායද්දී තමාව බේරාගන්න ලෙස විලාපදෙමින් නාරායන් මේ කොටුපවුර වටා දිවගොස් ඇත. එහිදී නාරායන් ද්වාරයෙන් පැනයාමට උත්සහ කිරීමේදී කොටුවී එම ස්ථානයේ ඝාතනය විය. 



ඉන්දියානුවන්ගේ මතය අදටත් නාරයන්ගේ විලාපය සද ඇති රාත්‍රියට එම ද්වාරයෙන් ඇසෙන බවයි. එසේම නාරායන් ද්වාරය සදාකාලිකවම වසා දමා ඇත. අදටත් එය විවර කරන්නේ නැත. එම ද්වාරය මුලයේ සිටගෙන සිටීමේදී අමුතු ගුප්ත බවක් දැනෙන බවට ඉන්දියානුවන් පවසයි. සංචාරයකයන් එම ස්ථානයේ මදක් රැදී එය විදගන්න්නා අයුරු සංචාරයේදී දැකගත හැකිවිය. බලය වෙනුවෙන් ඝාතන රැසක් සිදුවුණු මෙම මාලිගය වටා ගෙතුණු ගුප්තබව තවත් වැඩිකරමින් ඉන්දියානුවන් සතුව මෙම මාලිගය වටා ගෙතුණු හොල්මන් කතා රාශියක් පවතියි.
 1745 වන විට මෙම මාලිගය සම්පුර්ණයෙන්ම සාදා අවසන් කර ඇත. ඒ සදහා දරා ඇති වියදම ඉන්දියානු රුපියල් 16,110 ක් බව සදහන් වේ. ඒ යුගය වන විට ඒ මුදල අතිවිශාල මුදලකි. 1760 පමණ වන විට මේ කොටුපවුරේ ඇතුලත මාලිගයේ දහසකට ආසන්න පිරිසක් වාසය කර ඇති බව සදහන් වේ. 1818 වන විට බ්‍රිතාන්‍යයන් විසින් මෙය පරිහරණය කර අවසානයේ ගින්නෙන් විනාශ විය.

මෙම මාලිගය ඇතුලත පිටතට විහිදෙන උමං මාර්ග පද්ධතියක්ද ඇත. හදිසි තත්වයකදී ආරක්ෂාව සදහා පලා යාමට මෙය සකස් කර ඇත. එම උමං ඉතාම විධිමත් ලෙස සකස්කර ඇති අතර අශ්වයෙකුගේ පිට නැගී පලා යා හැකි තරම් උසකින් යුක්තව පොළව යටින් ඈත කදු මුදුනකට විහිදෙන ලෙස සකස් කර ඇත. උමං ගබඩා පද්ධති ඇතුළු භූගත සංකීර්ණයක මෙහි ඇත. සම්පුර්ණයෙන්ම රණකාමියෙකු ගේ මාලිගයක් ලෙස ආරක්‍ෂිත වටපිටවකින් සකස් වී ඇති අතර විචිත්‍රවත් චිත්‍ර සහ ගෘහ නිර්මාණයන්ගෙන් නිර්මිත බව සදහන් වේ. මහා භාරතය සහ රාමායනය එහි ඇතුලත බිත්ති වල චිත්‍රණය කර තිබුණු බව සදහන් වේ. දැවමුවා ගුහ නිර්මාණ වලින් යුක්ත මාලිගය ගින්නෙන් සම්පුර්ණයෙන්ම විනාශයට පත්විය.

Friday, July 31, 2015

On 4:26 AM by Unknown   No comments
රත්න ශ්‍රී විජේසිංහයන් රචනා කර ඇති මෙම ගීතය තුළින් ලාංකේය නර්තන ශිල්පියා පවතින ආර්ථික රාමුව තුළ අසරණ භාවයට පත්ව තිබෙන බව  කියවෙයි. සංගීතය එච්. එම්. ජයවර්ධනයන් ගායනය ජානක වික්‍රමසිංහයන්.... නටන තාලය පැටලෙයි පෙනෙන කිරුල සැබෑ ලෙසම ඔහු සතු නොවේ. සැබවින්ම ඔහු මේ නටනවා නොවෙයි වැහැරුණු දෙපා වෙව්ලීමක් පමණයි. කකුලේ ගිගිරි වැලපෙමින් පවසන්නේ මේ ප්‍රකාශනයයි. සාම්ප්‍රදායික නර්තන ශිල්පියා වයසට යත්ම ඔහු කුසලතාවයෙන් සහ ප්‍රතිභාවෙන් ඉහලින් ඉහලටම යයි. නමුත් කායික ශක්තියෙන් පිරිහෙයි. ඔහුට සවියක් වන්නට ආර්ථිකය ශක්තියක් සපයන්නේ නම් නැත. කරලියේ පෙනෙන වර්ණවත් බව සැබෑ ජිවිතයේ දකින්නට නොමැත. වන්නම සේම තානම සුමිහිරි නැත. මේ ගිරෙන් ගිරට පැන යාම නර්තනයේදී හැකි වුවද සැබෑ ජීවිතය එසේ ගත කිරීම පහසු වන්නක් නොවන බව ගී පද රචකයා මෙහිදී පවසයි. රගබිමෙන් බසිනවිට කලාකරුවා සතුව සන්තකයට පැවති නර්තන ආභරණ සියල්ලත් අවසානයේ සින්න වී ඇත. රංග භුමිය ඔහුගේ ජීවිකාව සරි කරන්නට තරම් සවිමත් නැත. යහළුව සැබෑ ලෙසම රිදී කාසි සොලවන්නට බෙරපදය ප්‍රමාණවත් නොවේ. කලාකරුවාගේ ඉරණම සහ ආර්ථිකය යන සාධකය හමුවේ ඔහු පෙළෙන වේදනාබර තත්වය මේ ගීතයෙන් මනාවට විද්‍යාමාන කරන්නට ගී පද රචකයා සමත්ව තිබේ. සංගීතය ඒ පදමාලාවට සහ කතාන්දරයට ගැලපෙන ලෙසම සකස්වී ඇත. ගායන අප හදවත් තුළට ගීතයේ අර්ථය ඇතුළු කරන්නේ ඉතාම මෘදු ලෙසිනි.


Thursday, July 9, 2015

On 7:36 AM by Unknown   1 comment
මේ වචන ප්‍රේමකීර්ති ද අල්විස් නම් කෘතහස්ත මාධ්‍යවේදියාගේයි. හඩ ආදරණිය වූ මධුර 'ස' ස්වරය.. පෙම්වතෙක් සහ පෙම්වතියෙකු ගේ සමුගනිමකින් අනතුරුව ඔවුන් පිළිබදව මැවෙන මතකය දෙදෙනාටම අනන්‍ය වේ. එය සැගවිය නොහැක. කුමන හේතුවක් මත හෝ හමුවුනත් දන් ඔවුන් වෙන්වනු දෙදෙනෙක්. කෙසේ නමුත් පැරණි මතයක මිහිරියි. වෙන්වීමේ හේතු කෙතරම් කුරිරු වූ නමුත් ආදරණිය මතකයන් සදා මිහිර ඉතුරු කරවාලයි. දින සති ගෙවී යත්ම දෙදෙනාගේම ජීවිත විවිධ දිශානතීන් වලට ගලාගෙන යයි. පසුව හැරී බලන කළ දන ඔවුන් සදහා අයිතිකරුවන් සිටියි. එවැනි අවස්ථාවකදී වුවත් පැරණි ආදරයට හිත තුල ජිවත් වීමට බාධාවක් නැත. මේ එවැනි මොහොතක සිදුවන ප්‍රාර්ථනයක් ලෙස පෙන්වාදීමට කැමැත්තෙමි. අපි හැගුම් වලට මේ අවස්ථාවේ දී මොහොතකට ඉඩ දෙමු. අප දෙදෙනා අතර පරතරය වියතක් තරම් දුර තබාගමු. ස්පර්ශ වන ලෙස ලංවන්නේ වත් වඩාත් ඈතින් සිටින්නේත් නැත. පැරණි මතකයන් ආයෙත් සිහිපත් කරමින් හදපානේ මද අදුර මැදින් නැවතත් මතක අතරේ ඇවිදගෙන යමුද? ....
ඔබේ වර්තමාන හිමිකරුගෙන් සහ මගේ වර්තමාන හිමිකරියගෙන් මිදී සෙමින් රහසේ ඇවිත් හමුවී හදපානේ මද දුරක් ඇවිදගෙන යමු. සිතතුළ සිරකර තිබෙන සෙනෙහස හැඩුමකින් පිටකරමු. නමුත් අපි ප්‍රර්ථනා සහිතව සිනාසෙමු මතු ආත්මයේදී නියත ලෙසම හමුවෙන ප්‍රාර්ථනාව ඇතිව. මේ සියල්ල සිදුවන්නේ එක් දිනක රාත්‍රියේයි. ගීය අවසානයේ පවසන්නේ යමු වෙන්වී හිමිදිරියේ යනුවෙනි. ..... මේ පදමාලාව ඇසෙන ඕනෑම අයෙකු ගීතය අවසානයේ මේ අත්දැකීම තමන්ගේ කොට තනිවම විද අවසන්ය සැබවින්ම..... 

අපි හැගුම් වලට ඉඩදී මොහොතක්‌
ඉඩ ලබා ගනිමු තරමින් වියතක්‌.....
හදපානේ මද අදුරේ.....
අත් පටලා යමු ආයේ......
ඔබ ඔබෙ සෙවනැල්ලෙන් මිදී....
මම මගෙ සෙවනැල්ලෙන් මිදී....
අවුදින් සෙමින් රහසින් මුමුණා...
හදපානේ මද අදුරේ.....
සිරකර හසරැල්ලෙන් හැඩුම්....
අපි හිනහෙමු සපුරා පැතුම්.....
මතු ආත්මයේ හමුවෙන පැතුමෙන්
යමු වෙන් වී හිමිදිරියේ.....


Tuesday, July 7, 2015

On 10:07 PM by Unknown   No comments

තරගයකදී තරගයෙන් බැහැරව තරගය ජීවිතය කරගන්න ඔබට
අන් අය හා තරගයක් තැබීමට අවැසි නොවනු ඇත
අතරමග ජයක් නොපෙනුනත්
තරගය අවසානයේ ජයග්‍රහණය
ඔබට හිමිවනු ඇත
නිව වැඩ කරන්න
ඉන් නැගෙන
ප්‍රතිරාවයට 

හඩනගන්නට ඉඩදෙන්න .......


Monday, July 6, 2015

On 7:29 AM by Unknown   No comments
මේ පදමාලාව ස්ටැන්ලි පීරිස් නම් පදරචකයාගේයි. මියුරු හඩ හදවතර ආදරය එකතු කරන කිර්ති පැස්කුවෙල් ගායන ශිල්පියාගේ. මෙවැනි අත්දැකීමක් ඇතැම් විට කෙනෙකුට තියෙන්නට පුළුවන්. මේ අමුතුම අත්දැකීමක් සංකල්පනාවක්. නමුත් බොහෝ දෙනෙකුට මේ අත්දැකීම නැතිවා නොවෙන්නට පුළුවන්. ඊට හේතුව අප ළග ඇති වස්තුවට වඩා අපට අහිමි වූ එසේ නැත්නම් අප ළග නොමැති වස්තුවේ අගය දැනීමයි. එය සාමාන්‍යයි අප එය වටහාගත යුතුයි. මෙහි පදමාලාව එවැන්නක් ගැනයි. මේ ආදරවන්තයෙකුගේ ආපසු හැරී බැලීමක්.....

ඔහුට සිය පැරණි පෙම්වතිය සිහිවෙනවා. ඇය තවමත් රන්තරු පායන අහස දිහා බලාගෙන සිනාසෙනවා. ඔහු ඇගෙන් අහනවා ඇයි ඔබ තවමත් හිනැහෙන්නේ යනුවෙන්. මේ වන විට ඔහුගේ ආදරය වෙනෙකෙකු සතුවෙලා. දැන් අගේ පරණ පෙම්වතියට පෙම්වතෙකු සිටියි. ඔහුගේ හදවත දිනු ආදරය දැන් සොරාගෙන ඇත්තේ වෙන අයෙක්. මේ සම්බන්ධය නැවතිලා බොහෝ කලක් ගොසින්. සම්බන්ධය නවතින මොහොතේ ඔහුට ලොකු දුකක් ඇති නොවුන නමුත් ඔහුට දැන් පසුතැවීමක් දැනෙයි. ඒ මෙසේ වෙන්වීමක් සිදුවුනේ තමන්ගේ නොසැලකිලිමත් බව හේතුවෙන් යනුවෙන්. මිහිර සොයාගෙන ගිය ඔහුගේ ජීවිතය දැන් කදුලැලිත් සමගයි ජිවත් වන්නේ. ඔහු සිය පැරණි පෙම්වතියගෙන් නැවත නවත් සමාව ඉල්ලා සිටින්නේ ඇය අත වරදක් නොමැති බවත් තමා සතුව වරද පවතින බවත් සිතමින් පසුතැවෙමින්. මෙවැනි පෙම්වතුන් අප අතරත් ඕනෑ තරම් සිටින්නට පුළුවන නමුත් එය පිටතට පෙන්නේ නැත. මෙවැනි ගීයක් ශ්‍රවනයෙන් අපේ හදවත් අපේ ඇතුලාන්තය අපට එය ඉගි කරාවි.

රන්තරු පායන අහස බලාගෙන ඇයි ඔබ තව හිනැහෙන්නේ
මගේ හද දිනු ආදරය සොරාගෙන වෙනෙකෙකු නොවැ අද ඉන්නේ
මිහිර සොයා ගිය මගේ ජිවය දැන් කදුලැලි හා ලතවන්නේ
සමාවෙයන් සොදුරියේ තවමත් මා අතමයි වරද තියෙන්නේ

ඔහුට දැන් ජිවිතයට මාර්ගයක් පෙන්වීමට කෙනෙකු නොමැති සේයා. ඔහුගේ මුළු ජිවයම පෙර පෙම්වතිය හා බැදී ඇත. වෙනත් මගක් යාමට හෝ වෙනත් මගක් ගැන ඔහුට සිතෙන්නේද නැත. කුඩා රුවල බැද තනිවම සයුර මද සිට කොහෙට යන්නයි සිතාගත නොහැකිව ඔහු පසුවෙයි.

කුඩා රුවල බැද තනිව සයුර මද ඈත අතීතය දෙස බැලුවේ
කොහේ සිටන් කොයිබට මා යාවිද මටනම් නෑ වැටහෙන්නේ

ඔහුගේ හදවත් දැන් කැඩී බිදී ගොස් අවසන් එය නැවත කාට එකතු කිරීමට හැකිවේදැයි ඔහුට විශ්වාසයක් නොමැත.ඔහු අදටත් පවසන්නේ මෙතරම් දෙයක් වී නමුත් තවමත් මගේ අදවත තුළ සිටින්නේ ඔබ බවයි. මේ සෙනෙහස තාමත් ඔබ වෙනුවෙන් වෙන්වී ඇති බවයි. එය ඇයට කිසිදා නොඇසෙනු ඇත. එමෙන්ම නොවටහෙනුද ඇත. සැබෑ ආදරය ඇත්තේ මොහුගේ හදවතෙයි, ඔහුගේ පසුතවිමද ඒ ආදරයේ සත්‍යවාදී බව නැවත නැවතත් සාක්ෂි දරයි. ඔහු සමාව ඉල්ලිමම පසුතවිමම සෙනෙහස පැහැදිලි වීමකි. මුළු ජිවයම ඇය වී අවසන් බව ඔහුට දැන් වැටහී ඇත.

පලා දෙපලු කළ හදවත දැන් නම් කාට එකතු කළ හැක්කේ
බලාගන්න සෙනෙහස තව ඔබටයි මා හදතුල හැම වේලේ