Meet The Author

Tuesday, June 9, 2015

On 10:24 AM by Unknown   No comments
මුතු මැණික් යට ගිහින් ගොම රිටි උඩ එන කාලයක් එනවලු
කොහොමත් මුතුමැණික් තියෙන්නේ පොළව යට තමයි.
ගොමරිටි බයයි මුතු මැණික් උඩට එනවට
මොකද ඒවායේ නියම වටිනාකම ලෝකයා එදාට වටහාගන්න හින්ද
මුතු මැණික් වලට උඩට එන්න ඕන කමකුත් නෑ
කාලයක් ගිහාම මෙහෙම වැඩක් වෙනව
මිනිස්සු ගොමරිටිවල තත්වේ වටහා ගන්නවා
එදාට ගොමරිටි නොසලකා හරිනවා විතරක් නෙමෙයි
මුතු මැණික් හොයන්න පටන් ගන්නවා
කොයිතරම් පරණ වුනත්
මුතු මැණික් වල වටිනාකම අඩුවෙන්නේ නෑ...
ඒ නිසාම
මුතු මැණික් වලට තරගයක් නැහැ
ඔවුන් සැගවිලා සිටිනවා
ගොමරිටි
හැකි උපරිමෙන්
තම බලය රැකගැනීමට වෙහෙසෙනවා
මේක දකින මුතු මැණික්
හැමදාමත් හිනාවෙනව
මිනිස්සු ගොමරිටි ප්‍රතික්ෂේප කරන දවසට
හැමෝටම වඩා ගොමරිටි පසුතැවෙනවා ....
එහෙම දවසක් එනවා...
මිනිසත්කම ඔබව මුතුමැණික් කරනවා....

0 comments:

Post a Comment