Monday, June 15, 2015
On 6:43 AM by Unknown No comments
සංචාරක ආකර්ශනයත් ජෛව විවිධත්වවයෙනුත් අනුන සොදුරු වෙරළබඩ තිරයේ නිරිතදිග වෙරළේ දක්නට ලැබෙන ඉතාමත් සුවිශේෂී ස්ථානයක් වශයෙන් මාදු ගග ආශ්‍රිත ප්‍රදේශය පෙන්වා දිය හැකිය. කොළඹ නගරයේ සිට ගාලු ප්‍රදේශයට කිලෝමීටර 81 ක පමණ දුරක් පැමිණීමේදී හමුවන කරන්දෙණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඇති මාදු ගග දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණයෙන් යුත් අතිරමණිය ප්‍රදේශයකි. අද පමණක් නොව ඈත අතීතයේද සංදේශ කාව්‍ය කතුවරු මාදු ගග වර්ණනා කිරීමට අමතක නොකළෝය. තිසර, ගිරා, පරවී, කෝකිල සංදේශ කාව්‍යයන් ගායනා කිරීමේදී ඒ බැව් අපට මනාවට ප්‍රතිධ්වනිත වනු ඇත. එපමණක් නොව මාදු ගග වටා ගෙතුණු ඉතිහාස කතාවන්ද ජනප්‍රවාද ද රාශියකි. ලංකාවේ මාදු ගග ආශ්‍රිතව පමණක් දැකගත හැකි ශාක හා සත්ව විශේෂ පැවතීමත් ඒ හා තම ජීවිකාව ගත කරන සොදුරු මිනිසුන්ගේ ජිවන අරගලයත් මාදු ගගටම විශේෂිත වුවකි.
හෙක්ටයාර් 770 ක භුමි භාගයක් වසා පැතිරෙන මාදු ගග පරිවාර දුපත් 64 කින් පමණ යුක්තය ඉන් දුපත් 17 ක් ස්ථිර දුපත් වශයෙන් හදුනාගෙන ඇත. මාදුගග ආශ්‍රිතව ජිවත්වන සත්ව විශේෂ පිලිබදව සලකා බැලීමේදී මාදු ගගට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ලංකාවේ ජිවත්වන 607 ක් පමණ වූ පක්ෂි විශේෂ අතරින් පක්ෂි විශේෂ 248 ක් ම තම වාසස්ථාන කරගෙන ඇත්තේ මාදු ගගයි. යුරෝපිය රටවල ශීතකාල වලදී ලංකාවට පැමිණෙන සංචාරක පක්ෂි විශේෂ 111 කගේ නවාතැන්පල වන්නේ මේ ඇති රමණිය මාදුගගයි. ශ්‍රී ලංකාවේ ජිවත්වන මිරිදිය මත්ස්‍ය විශේෂ 78න් 70 ක්ම සොදුරු මාදු ගංගාවේ ජිවත් වෙයි. මේ අතර ඉස්සන් සහ කකුළුවන් විශේෂද රාශියකි. එමෙන්ම මේ දුපත් ආශ්‍රිතව ජිවත්වන සමනල විශේෂ 50 ක් පමණ හදුනාගෙන ඇති අතර ගොළුබෙල්ලන් විශේෂ 25 ක් දක්නට ලැබෙයි.
හෙක්ටයාර් 915 ක මුළු වපසරියක් ඇති මෙම භුමි භාගයේ ඇති ශාක විශේෂයන්ද ඉතාමත් විශේෂ ස්ථානයක් ගනියි. ඒ අතරින් කඩොලාන වලට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. ලංකාවේ මෙතෙක් වාර්තාවන කඩොලාන විශේෂ 24 න් 14ක් ම මාදු ගග ආශ්‍රිතව දක්නට ලැබීමත් ඉතාමත් දුර්ලභ කඩොලාන විශේෂයක් වන රතමිල්ල ( lumnitzera littoriya ) ශාකය සුලබ වශයෙන් දැකගන්නට ලැබීමද මෙහි ඇති විශේෂත්වයකි. එමන්ම ගංගා කලපු මෝය ආශ්‍රිත ලවන මිශ්‍ර පසෙහි ඉව්රෙහි පදුරු වශයෙන් වැවෙන තාල වර්ගයට අයත් එකම කඩොලාන විශේෂය වන ගිං පොල් ශාකයද මෙහි දක්නට ලැබෙයි.
මාදුගග ආශ්‍රිතව ගෙතුණු ජනප්‍රවාදද රැසකි. මාදු ගගෙහි එක දුපතක පිහිටි කොත්දුව රජමහා විහාරයේ විහාරාධිපති ඕමන්තේ පුණ්‍යසාර ස්වාමින් වහන්සේ පවසන පරිදි උතුම්වූ දන්ත ධාතුන් වහන්සේ දෙවතාවක් එම භූමියට වැඩම කරවා තිබෙයි. එක් වරකදී හේමමාලා කුමරිය සහ දන්ත කුමරු විසින් දන්ත ධාතුන් වහන්සේ ගෙන එන අවස්ථාවේදී ආරක්ෂාවට එම ස්ථානයේ දින තුනක් නැවතී ඇති බවයි අනෙක් අවස්ථාව වන්නේ කෝට්ටේ යුගයේ විදිය බණ්ඩාර අවදියෙදී එක් අවස්ථාවක දන්ත ධාතුන් වහන්සේ වැඩම කරවූ බවයි. අවස්ථා දෙකකදී ධාතුන් වහන්සේ වැඩම කරවූ එකම ස්ථානය මෙය බව උන්වහන්සේ තව දුරටත් ප්‍රකාශ කරන්න ලදී.
එමෙන්ම මෙම ගංගාව ආශ්‍රිතව ජිවත් වන කිබුලන්ගෙන් කිසි කලෙක හානියක් සිදු නොවූ බවයි. ඒ සදහාද ගෙතුණු ජනප්‍රවාදයකි එනම් මෙම විහාරස්ථානය පිහිටි භුමියේ ජිවත් වුනු උපාසක මහතෙකුගේ අක්කා කෙනෙකුගේ පුතෙකුව දිය නෑමේදී වරක් කිබුලෙකු ගොදුරු කරගෙන ඇත. ඉන් දුකට පත් එම උපාසක මහතා විසින් සබ්බ පාපස්ස අකරනං ගාථාවෙන් ලක්ෂ වාරයක් මතිරු ගල් මේ මුළු මාදු ගග වටාම ඔරුවකින් ගොස් ඉස ඇති බවයි. ඉන් අනතුරුව කිසිම දිනෙක කිබුලෙකු මිනිසෙකුට අනතුරක් කර ඇති බවක් දැනගන්නට වත් නොලැබුන බව උන වහන්සේ පැවසුවේය.අනුරාධපුර යුගයේ රෝපණය කරන ලද ජය ශ්‍රී මහා බෝදීන් වහන්සේගේ ශාකාවක් මෙම විහාරස්ථානයේ විරාජමානව වැඩ වාසය කරයි.
මාදු ගග ආශ්‍රිතව ජිවත්වන සොදුරු මිනිසුන්ගේ සරල ගැමි දිවියද මාදු ගගටම අවේනික වුවකි. බොහෝ දෙනෙක් ධිවර කර්මාන්තය ආශ්‍රිතව තම ජීවිකාව ගත කරයි. තවත් බොහෝ දෙනෙක් කුරුදු නිෂ්පාදන වලින් තම ජීවිකාව ගෙවයි. අක්කර දෙකේ දුපතෙහි තම දරුවන් තිදෙනාත් සමග ජිවත්වන ඩබ්ලිව්.කරුණාවතී තම ජීවිකාව ගැන මෙසේ අදහස් දැක්විය
“ මහත්තය කුලී වැඩ තමයි කරන්නේ මේ දුපතේ අක්කර කාලක් විතර අපිට අයිති ඉතින් මම කුරුදු පොතු හදල තමයි කියක් හරි හොයාගන්නේ හැමදාමත් කරන්න බෑ. එක කාලෙකට තමයි. දවසකට කිලෝ දෙකක් විතර තමයි හදන්න පුළුවන් කිලෝ එකකට රුපියල් 3000 ක් විතර හම්බෙනවා. දවස තුනක් විතර මද පවනේ වෙලන්නත් ඕනේ ඉතින් මාසෙකට රුපියල් 5000 ක් විතර තමයි හොයන්න පුළුවන් දරුවෝ පාසැල් යන්නේ ඔරුවේ. ඉදල හිටලා ගග බලන්න ආව අය මෙහෙටත් ඇවිත් කුරුදු අරගෙන යනවා. පිටරටවල ඉදල එන සංචාරකයෝ කුරුදු කුඩු ගන්නවා.”
එමෙන්ම මේ ගංගාව ආශ්‍රිතව තම ජීවිකාව ගෙවන තවත් පිරිසකි බෝට්ටුවකින් ගංගාව වටා සංචාරයක් රැගෙන යන පිරිස. ඔවුන් අතරින් අවුරුදු 20 ක් වයසැති අශාන් ඩිල්ෂාන් මෙසේ අදහස් දැක්විය
“ මම අට වසරට විතර තමයි පාසල් ගියේ ආර්ථික ප්‍රශ්න නිසා පාසැල ගමන නැවතුනාට පස්සේ මේ රස්සාවට ආවේ. එක ගමනකට රුපියල් 400 ක් විතර ගන්නවා. හැමදාමත් කට්ටිය එන්නේ නෑ පෝය දවසට වගේ තමයි ඉතින් ටික දෙනෙක් එන්නේ ගොඩක් අය මේ ගංගාවේ තියෙන දේවල් ගැන දන්නේ නෑ වගෙයි. ගොඩක් අඩුවෙන් තම එන්නේ”
සොදුරු පාරිසරික පද්දතියකින් හෙබි මාදු ගංගාවේ පවතින සොදුරු බව මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් විනාශවීමේ අවදානමකට පත්ව තිබෙයි. ගංගාව නැරඹීමට පැමිණෙන සංචාරකයින් දමන කැලිකසල නිසාවෙන් ඉවුරු දුෂණය වෙමින් පවතියි. එමෙන්ම මෙම මෝටර් බෝට්ටුවල ශබ්දය සහ ඉවුරු අසල ජලය කැලතීම හේතුවෙන් සංචාරක පක්ෂීන් බියවීමත්, එම ස්ථාන අතහැර යාමත් සහ මිරිදිය මත්සයින්ගේ බිත්තර විනාශ වීමත් සිදුවේ. එමෙන්ම ජලයට එක්වෙන තෙල් සහ රසායනික ද්‍රවය හේතුවෙන් පාරිසරික ගැටළු රැසක මතුවී තිබෙයි. කටුපේද සහ වෙල් ආත්ත වැවීම හේතුවෙන් දිය තලය තවත් විනාශවෙයි.
කෙසේ නමුත් අප සිතා හෝ නොසිතා සිදුකරන දේවල් හේතුවෙන් විනාශවන සුන්දර මාදුගග ආරක්ෂා කර ගැනීමට වෙරල සංරක්ෂණ දෙපාර්තමේන්තුව සුවිශාල කාර්යභාරයක් මේ වන විටත් ඉටුකරයි. මුහුදින් වටවුණු දිවයිනක් වන ශ්‍රී ලංකාව වටා පිහිටි වෙරල තිරය කිලෝමීටර 1520කින් යුතු වුවද සිදුවූ වෙරක ඛාදනය නිසාවෙන්ම මේ වන විට කිලෝමීටර 267ක්ම විනාශවී ගොසිනි තවත් කිලෝමීටර 650ක ප්‍රදේශයක් යාල, විල්පත්තු ආදී අභය භුමි වලට වෙන්ව ඇති බැවින් මිනිස් පරිභෝජනයට යොදාගත නොහැකි ප්‍රදේශයකි. බුන්දල ඉහල අරුගම්බේ පොතුවිල් දක්කවා ඇති කිලෝමීටර 280 ක පමණ වෙරල තිරය අධි සංවේදී ප්‍රදේශ වශයෙන් වෙනකොට ඇති අතර තවත් කිලෝමීටර 140ක් සංචාරක කටයුතු වෙනුවෙන් වෙන්ව ඇත. තවත් කිලෝමීටර 35ක් ධිවර කටයුතු වෙනුවෙන් වෙන්ව ඇත. වේගයෙන් විනාශවෙන වෙරල තිරයෙන් තවත් ඉතුරුව ඇත්තේ කොයිතරම් සුළු ප්‍රමාණයක්ද?
මෙවන් සොදුරු පරිසරයක් මතු පරම්පරාව වෙනුවෙන් ආරක්ෂා කර ගැනීම අප යුතුකමක් මෙන්ම වගකීමකි.
Subscribe to:
Post Comments (Atom)
Search
About Me
Popular Posts
-
චන්න කින්නරාවිය හෙවත් සදකිදුරිය යන නම ඇසීමත් සමග අපට සිහිවන්නේ සදකිදුරු ජාතකයේ බෝධිසත්වයන් සමග සමීපව සිටි යශෝදරාවියයි. බෞද්ධ සාහිත්‍යයට අනු...
-
මේ ගීය රචනා කරන්නේ රත්න ශ්‍රී විජේසිංහයන් විසින් සත්‍ය සිදුවීමක් පදනම කරගෙනයි. මේ කතාව වසර තිහක පමණ ඉතිහාසයකට අපව රැගෙන යනවා. මොනරාගල දෙබටව ...
-
ගේය පද රචක අධි නීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්නයන් රචනා කරන ලද ගුණදාස කපුගේ ශුරින් ගායනා කරනු ලබන දවසක් පල නැති හේනේ ගීතයේ ඇතුළාන්තයට යන්නට මත්තෙන...
-
මේ වචන ප්‍රේමකීර්ති ද අල්විස් නම් කෘතහස්ත මාධ්‍යවේදියාගේයි. හඩ ආදරණිය වූ මධුර 'ස' ස්වරය.. පෙම්වතෙක් සහ පෙම්වතියෙකු ගේ සමුගනිමකින් අ...
-
ඒ ගිය ශ්‍රවණය වෙත්ම සිහිපත්වන්නේ පළමු සංදේශ කාව්‍ය වශයෙන් හදුවනු ලබන මේඝ දුතයයි. මේඝ දුත කාව්‍යයේ දුතයා වන්නේ වලාකුලකි. සිරකුටියක සිරවී සිට...
-
අසූව දශකයේ මද භාගයේ පටිගත වුනු අජානේය ස්කුටර් තුරගා පිට වඩිනා ගීතය ප්‍රවීන ගේය පද රචක රත්න ශ්‍රී විජේසිංහයන් ගේ නිර්මාණයක්. ගායනය කරුණාරත්න ...
-
මුඩුක්කු පරිසරයක ජීවිතය පිළිබදව විග්රහ කරමින් ඒ මුඩුක්කු සංස්කෘතිය විදහා දක්වමින් ලියවුනු නිහාල් නෙල්සන් ගායන ශිල්පියා ගායනය කරන හේමසිරි ...
-
ශ්‍රී ලංකාවේ කුඩාම ජාතික වන උද්‍යානය ලෙස සැලකෙන හොරගොල්ල ජාතික වන උද්‍යානය ජනතාව අතර එතරම් සුප්‍රසිද්ධ නොවූවක් වුවද සතුන් හා ශාක ගැන විවි...
-
කුමක් කරන්නද අමතක කරන්නට වාරු නොමැතිව සිතමින්ම සිටියෙමි මෙසේ ජීවත්විය නොහැකි බව දැනුන කෙනෙහි අමතක කරන්නට උත්සක කලෙමි මලක් දෙස බලා සි...
-
ගමේ තරුණ යුවලක් පෙමින් වෙලෙනවා. සදකිදුරු නාඩගම ගමේ රගදක්වන විට එහි සදකිදුරා සද කිදුරිය චරිත රගපාන්නේ මොවුන් දෙදෙනායි. ඇය සතුවන ගායන හැකියාව ...
Recent Posts
Blog Archive
-
▼
2015
(30)
-
▼
June
(18)
- හිත මිතුරු සුළග ළග එන වහි වලාවට කියන් - ගීතයේ ආයාච...
- මා එක්ක එනවාද චන්න කින්නරාවී... ගීතය ගැඹුරින් - කෙ...
- කළු සුදු අන්තරය
- උසස් පෙළ සමත් අසමත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ ජන...
- යුද්ධයක් අවසන් කළ Huynh Cong (Nick ut) නම් ඡායාරූප...
- ජනප්‍රිය සිනමාවේ අවිඥාණික ලැගුම් ගැනීම
- ආදරය ???
- ආදරය ....
- ආදරය යනු පරිත්‍යාගයද / හිමිකර ගැනීමද
- කාමරේ අස්කරගන්න කෙල්ලෙක් ඕනේ ......
- ආදරය
- මහජන නියෝජිතයින් විවේචනය කිරීමට ඉන්දියාවේ නිදහස් ත...
- හිනාවෙයන් ... උබට මේවා නොතේරුණු විදිහට .....
- Roony & Rexey
- සංදේශ කාව්‍යයන්හි පවා වර්ණනයට පත්‍ර වූ මාදු ගඟ
- ලංකාවේ කුඩාම ජාතික වන උද්‍යානය -
- කෑම මේසය
- ගොමරිටි උඩ එන කාලයක් එනවලු ....
-
▼
June
(18)
Powered by Blogger.
Random Posts
Total Pageviews
Contact Form
News
Design
Shooting
Followers
Popular Posts
-
චන්න කින්නරාවිය හෙවත් සදකිදුරිය යන නම ඇසීමත් සමග අපට සිහිවන්නේ සදකිදුරු ජාතකයේ බෝධිසත්වයන් සමග සමීපව සිටි යශෝදරාවියයි. බෞද්ධ සාහිත්‍යයට අනු...
-
මේ ගීය රචනා කරන්නේ රත්න ශ්‍රී විජේසිංහයන් විසින් සත්‍ය සිදුවීමක් පදනම කරගෙනයි. මේ කතාව වසර තිහක පමණ ඉතිහාසයකට අපව රැගෙන යනවා. මොනරාගල දෙබටව ...
-
ගේය පද රචක අධි නීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්නයන් රචනා කරන ලද ගුණදාස කපුගේ ශුරින් ගායනා කරනු ලබන දවසක් පල නැති හේනේ ගීතයේ ඇතුළාන්තයට යන්නට මත්තෙන...
-
මේ වචන ප්‍රේමකීර්ති ද අල්විස් නම් කෘතහස්ත මාධ්‍යවේදියාගේයි. හඩ ආදරණිය වූ මධුර 'ස' ස්වරය.. පෙම්වතෙක් සහ පෙම්වතියෙකු ගේ සමුගනිමකින් අ...
-
ඒ ගිය ශ්‍රවණය වෙත්ම සිහිපත්වන්නේ පළමු සංදේශ කාව්‍ය වශයෙන් හදුවනු ලබන මේඝ දුතයයි. මේඝ දුත කාව්‍යයේ දුතයා වන්නේ වලාකුලකි. සිරකුටියක සිරවී සිට...
-
අසූව දශකයේ මද භාගයේ පටිගත වුනු අජානේය ස්කුටර් තුරගා පිට වඩිනා ගීතය ප්‍රවීන ගේය පද රචක රත්න ශ්‍රී විජේසිංහයන් ගේ නිර්මාණයක්. ගායනය කරුණාරත්න ...
-
මුඩුක්කු පරිසරයක ජීවිතය පිළිබදව විග්රහ කරමින් ඒ මුඩුක්කු සංස්කෘතිය විදහා දක්වමින් ලියවුනු නිහාල් නෙල්සන් ගායන ශිල්පියා ගායනය කරන හේමසිරි ...
-
ශ්‍රී ලංකාවේ කුඩාම ජාතික වන උද්‍යානය ලෙස සැලකෙන හොරගොල්ල ජාතික වන උද්‍යානය ජනතාව අතර එතරම් සුප්‍රසිද්ධ නොවූවක් වුවද සතුන් හා ශාක ගැන විවි...
-
කුමක් කරන්නද අමතක කරන්නට වාරු නොමැතිව සිතමින්ම සිටියෙමි මෙසේ ජීවත්විය නොහැකි බව දැනුන කෙනෙහි අමතක කරන්නට උත්සක කලෙමි මලක් දෙස බලා සි...
-
ගමේ තරුණ යුවලක් පෙමින් වෙලෙනවා. සදකිදුරු නාඩගම ගමේ රගදක්වන විට එහි සදකිදුරා සද කිදුරිය චරිත රගපාන්නේ මොවුන් දෙදෙනායි. ඇය සතුවන ගායන හැකියාව ...
0 comments:
Post a Comment