Wednesday, June 17, 2015
On 7:28 AM by Unknown No comments
ඉන්දියාව විවිධ ජාති ආගම් දර්ශනවාදයන්ගෙන් පිරුණු
රාජ්‍යයකි. ඒ ප්‍රමාණය මෙපමණකැයි ගණන් බැලීමට නොහැකි තරම් ඇති විශාල වේ. නමුත් මේ
සියලු ජාති ආගම් එකට එක්ව ලෝකය ඉදිරියේ හින්දුස්ථානි නම් එක ධජයක් යටතේ එක් රාජ්‍යයක්
ලෙස පෙනී සිටියි. ඉන්දු පකිස්තානු අර්බුදයේදී ඉන්දියාව එක් රාජ්‍යයක් ලෙස සිය රටේ
ජනතාව පෙළගස්වාගෙන සිටියි. අන්තර්ජාතික වශයෙන් ඉන්දියාවට එල්ලවන බලපෑම් හිදී එයට
සාර්ථකව මුහුණදීමට පෙළගැසෙන දේශපාලන අධිකාරයට විවිධත්වයෙන් යුතු ජනතාවක් එක් රාජ්‍යයක්
ලෙස අවසන් වශයෙන් එකතුවී සිටීම සහයක් විය හැකිය. ලෝකයේ ඉහලට මතුවෙමින් සිටින රාජ්‍යයන්
කිහිපය අතර නුදුරේදී ඉන්දියාව විශේෂ ස්ථානයක් ගනු ඇත.
ඉන්දියාව අති විශාල රාජ්‍යයකි ලෝක බැංකු වාර්තාවට
අනුව එය භුමි ප්‍රමාණයෙන් වර්ග කිලෝමීටර 2,973,190.0 කි, භුමි ප්‍රමාණයෙන් පමණක්
නොව ජනගහනයෙන්ද අති විශාල රාජ්‍යයකි. මේ වන විට ඉන්දියාවේ ජනගහනය බිලියන 1.27 ක්
ඉක්මවා තිබෙයි. විවිධ අදහස් මතවාද වලින් යුක්ත අතිවිශාල රාජ්‍යයක දේශපාලන පක්ෂ පිළිබදව
විමසා බැලිය යුතුම වෙයි.
මේ අනුව බලන විට පැහැදිලිව පෙනෙන තත්ත්වයක් නම්
දේශපාලන පක්ෂයක් තුළ විවිධ මතවාදයන් සහිත ජනතාවක් සිටියි. එමෙන්ම අති විශාල
දේශපාලන පක්ෂ ප්‍රමාණය තුළද විවිධ මතවාදයන් මත න්‍යාය පත්‍ර මත පිහිටා ක්‍රියා කරන
දේශපාලන පක්ෂ සහ බලපෑම් කණ්ඩායම් සිටිති. ඒ අනුව ඉන්දියාවේ දේශපාලන ක්‍රියාකාරකම්, මත
දැක්වීම්, විවේචනය කිරීම්, උද්ඝෝෂණය කිරීම් නොඅඩුව දැකිය හැකි තත්ත්වයක් විය
යුතුය. සැබවින්ම ඉන්දියාව තුළ මෙම තත්ත්වය නොඅඩුව දැකගත හැකිය.
මතවාද විවේචන ඉවසීමට ආණ්ඩුවකට ශක්තිය තිබිය
යුතුය. එමෙන්ම මතවාද විවේචන සදහා නිසි අවස්ථාවක්ද ලබාදී තිබිය යුතුය. එය යහපත්
රාජ්‍ය ක්‍රමයක් වෙනුවෙන් හේතු වනු ඇත. මතවාද විවේචන හරහා ආණ්ඩු ක්‍රමයේ පවතින
අයහපත් ලක්ෂණයන් පෙන්වාදීම් සිදුවන අතර පොදු ජනතාව ඒ පිළිබදව දැනුවත් වීමද සිදුවේ.
ඒ අනුව ජනතාවගේ තොරතුරු දැනගැනීමේ පිපාසය සංසිදෙන අතර විශිෂ්ට ප්‍රජාතන්ත්‍රවාදී
පරිසරයක් ගොඩ නැගෙනු ඇත. මත දැක්වීම් විවේචනය කිරීම් උද්ඝෝෂණය කිරීම් සදහා ඉඩ
ලබාදිය යුතුමය. නමුත් මේ පවත්වන පෙළපාලි පොදු ජනතාවගේ සාමාන්‍ය දිවි පැවැත්මට
බාධාකාරී නොවිය යුතුය. එසේම පොදු ජනතාවගේ කටයුතු වලට බාධා වන බව පවසමින් උද්ඝෝෂණ
කරුවන් තලා පෙලා එලවා දැමීමද නොකළ යුතු වෙයි. මේ තත්වයන් දෙකම සමතුලිතව පවත්වා
ගැනීම සදහා ඉන්දියාවේ නවදිල්ලි නගරයේ සුවිශේෂී ස්ථානයක් පිහිටුවා ඇත.
ඉන්දියාවේ අග නගරය වන නවදිල්ලි නගරයේ එක්තරා
ස්ථානයක් මේ සදහා වෙන්කර තිබේ. එම ස්ථානයට විශේෂ පොලිස් ආරක්ෂාවක්ද සපයා තිබෙනු
දැකගත හැකිය. ඕනෑම දේශපාලන පක්ෂයකට බලපෑම් කණ්ඩායමකට මෙම ස්ථානයට පැමිණ තමන්ට රිසි
සේ තම අදහස් මතවාද ඉදිරිපත් කල හැකිය. වෙන්කර තිබෙන භුමි ප්‍රමාණයෙන් එක් කොටසක
වේදිකාවක් සකස් කරගෙන ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරමින් දේශපාලාන රැස්වීම් පැවැත්විය
හැකිය. පවතින දේශපාලන ක්‍රමවේදය හෝ රටේ වෙනත් තත්ත්වයක් පිළිබදව විවේචන ඉදිරිපත්
කල හැකිය. තම මතවාදය ජනතාව අතරට ගෙනයා හැකිය. ජනමාධ්‍යයද ඒවා ආවරණය කිරීමට
යුහුසුළුව ක්‍රියාකරනු දැකගත හැකිය.
ලංකාවේ දේශපාලන වේදිකා මතද ගී කියනු දැකගත හැකිය.
ඒ පැරණි ගීයක නාද මාලාවට වෙනත් වචන දීමෙන් හෝ අර්ථ දැක්වීමෙනි. ඉන්දියානු මේ ඇතැම්
ක්‍රම ලංකාවට ආදේශ කිරීම යෝග්‍ය නොවෙයි. ඒ රටවල් දෙකේ පවතින සංස්කෘතීන් සහ වෙනත්
අගනාකම් වල පවතින විවිධත්වය හේතුවෙනි. කෙසේ නමුත් මේ නිදහස් ප්‍රදේශය ලංකාවේ අපට
ආදර්ශයට ගත හැකිය. එකම භුමි ප්‍රදේශයක එක ලග දේශපාලන පක්ෂ දෙකක රැස්වීම් පැවැත්වේ.
මේ කණ්ඩායම් දෙක අතර මතවාද හුවමාරු වීම් ද සිදුවන අවස්ථා ඇත. කණ්ඩායම් දෙක අතර
සංවාද ඇතිවන අවස්ථා ඇත. මේ සියල්ල තුලින් අවසානයේ දැකිය හැකි තත්ත්වය නම් මහජනතාවට
වගකියන මහජන නියෝජිතයන් බිහිවීමයි. මෙහිදී මහජන නියෝජිතයන්ව සෘජුව මහජනතාවගේ ප්‍රශ්න
කිරීම වලට බදුන් වෙයි. ඉන් පැනයාමට මහජන නියෝජිතයාට හැකියාවක් නොමැත.
Subscribe to:
Post Comments (Atom)
Search
About Me
Popular Posts
-
මේ ගීය රචනා කරන්නේ රත්න ශ්‍රී විජේසිංහයන් විසින් සත්‍ය සිදුවීමක් පදනම කරගෙනයි. මේ කතාව වසර තිහක පමණ ඉතිහාසයකට අපව රැගෙන යනවා. මොනරාගල දෙබටව ...
-
ගේය පද රචක අධි නීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්නයන් රචනා කරන ලද ගුණදාස කපුගේ ශුරින් ගායනා කරනු ලබන දවසක් පල නැති හේනේ ගීතයේ ඇතුළාන්තයට යන්නට මත්තෙන...
-
චන්න කින්නරාවිය හෙවත් සදකිදුරිය යන නම ඇසීමත් සමග අපට සිහිවන්නේ සදකිදුරු ජාතකයේ බෝධිසත්වයන් සමග සමීපව සිටි යශෝදරාවියයි. බෞද්ධ සාහිත්‍යයට අනු...
-
මේ වචන ප්‍රේමකීර්ති ද අල්විස් නම් කෘතහස්ත මාධ්‍යවේදියාගේයි. හඩ ආදරණිය වූ මධුර 'ස' ස්වරය.. පෙම්වතෙක් සහ පෙම්වතියෙකු ගේ සමුගනිමකින් අ...
-
ඒ ගිය ශ්‍රවණය වෙත්ම සිහිපත්වන්නේ පළමු සංදේශ කාව්‍ය වශයෙන් හදුවනු ලබන මේඝ දුතයයි. මේඝ දුත කාව්‍යයේ දුතයා වන්නේ වලාකුලකි. සිරකුටියක සිරවී සිට...
-
අසූව දශකයේ මද භාගයේ පටිගත වුනු අජානේය ස්කුටර් තුරගා පිට වඩිනා ගීතය ප්‍රවීන ගේය පද රචක රත්න ශ්‍රී විජේසිංහයන් ගේ නිර්මාණයක්. ගායනය කරුණාරත්න ...
-
ශ්‍රී ලංකාවේ කුඩාම ජාතික වන උද්‍යානය ලෙස සැලකෙන හොරගොල්ල ජාතික වන උද්‍යානය ජනතාව අතර එතරම් සුප්‍රසිද්ධ නොවූවක් වුවද සතුන් හා ශාක ගැන විවි...
-
මුඩුක්කු පරිසරයක ජීවිතය පිළිබදව විග්රහ කරමින් ඒ මුඩුක්කු සංස්කෘතිය විදහා දක්වමින් ලියවුනු නිහාල් නෙල්සන් ගායන ශිල්පියා ගායනය කරන හේමසිරි ...
-
කුමක් කරන්නද අමතක කරන්නට වාරු නොමැතිව සිතමින්ම සිටියෙමි මෙසේ ජීවත්විය නොහැකි බව දැනුන කෙනෙහි අමතක කරන්නට උත්සක කලෙමි මලක් දෙස බලා සි...
-
ගමේ තරුණ යුවලක් පෙමින් වෙලෙනවා. සදකිදුරු නාඩගම ගමේ රගදක්වන විට එහි සදකිදුරා සද කිදුරිය චරිත රගපාන්නේ මොවුන් දෙදෙනායි. ඇය සතුවන ගායන හැකියාව ...
Recent Posts
Blog Archive
-
▼
2015
(30)
-
▼
June
(18)
- හිත මිතුරු සුළග ළග එන වහි වලාවට කියන් - ගීතයේ ආයාච...
- මා එක්ක එනවාද චන්න කින්නරාවී... ගීතය ගැඹුරින් - කෙ...
- කළු සුදු අන්තරය
- උසස් පෙළ සමත් අසමත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ ජන...
- යුද්ධයක් අවසන් කළ Huynh Cong (Nick ut) නම් ඡායාරූප...
- ජනප්‍රිය සිනමාවේ අවිඥාණික ලැගුම් ගැනීම
- ආදරය ???
- ආදරය ....
- ආදරය යනු පරිත්‍යාගයද / හිමිකර ගැනීමද
- කාමරේ අස්කරගන්න කෙල්ලෙක් ඕනේ ......
- ආදරය
- මහජන නියෝජිතයින් විවේචනය කිරීමට ඉන්දියාවේ නිදහස් ත...
- හිනාවෙයන් ... උබට මේවා නොතේරුණු විදිහට .....
- Roony & Rexey
- සංදේශ කාව්‍යයන්හි පවා වර්ණනයට පත්‍ර වූ මාදු ගඟ
- ලංකාවේ කුඩාම ජාතික වන උද්‍යානය -
- කෑම මේසය
- ගොමරිටි උඩ එන කාලයක් එනවලු ....
-
▼
June
(18)
Powered by Blogger.
Random Posts
Total Pageviews
Contact Form
News
Design
Shooting
Followers
Popular Posts
-
මේ ගීය රචනා කරන්නේ රත්න ශ්‍රී විජේසිංහයන් විසින් සත්‍ය සිදුවීමක් පදනම කරගෙනයි. මේ කතාව වසර තිහක පමණ ඉතිහාසයකට අපව රැගෙන යනවා. මොනරාගල දෙබටව ...
-
ගේය පද රචක අධි නීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්නයන් රචනා කරන ලද ගුණදාස කපුගේ ශුරින් ගායනා කරනු ලබන දවසක් පල නැති හේනේ ගීතයේ ඇතුළාන්තයට යන්නට මත්තෙන...
-
චන්න කින්නරාවිය හෙවත් සදකිදුරිය යන නම ඇසීමත් සමග අපට සිහිවන්නේ සදකිදුරු ජාතකයේ බෝධිසත්වයන් සමග සමීපව සිටි යශෝදරාවියයි. බෞද්ධ සාහිත්‍යයට අනු...
-
මේ වචන ප්‍රේමකීර්ති ද අල්විස් නම් කෘතහස්ත මාධ්‍යවේදියාගේයි. හඩ ආදරණිය වූ මධුර 'ස' ස්වරය.. පෙම්වතෙක් සහ පෙම්වතියෙකු ගේ සමුගනිමකින් අ...
-
ඒ ගිය ශ්‍රවණය වෙත්ම සිහිපත්වන්නේ පළමු සංදේශ කාව්‍ය වශයෙන් හදුවනු ලබන මේඝ දුතයයි. මේඝ දුත කාව්‍යයේ දුතයා වන්නේ වලාකුලකි. සිරකුටියක සිරවී සිට...
-
අසූව දශකයේ මද භාගයේ පටිගත වුනු අජානේය ස්කුටර් තුරගා පිට වඩිනා ගීතය ප්‍රවීන ගේය පද රචක රත්න ශ්‍රී විජේසිංහයන් ගේ නිර්මාණයක්. ගායනය කරුණාරත්න ...
-
ශ්‍රී ලංකාවේ කුඩාම ජාතික වන උද්‍යානය ලෙස සැලකෙන හොරගොල්ල ජාතික වන උද්‍යානය ජනතාව අතර එතරම් සුප්‍රසිද්ධ නොවූවක් වුවද සතුන් හා ශාක ගැන විවි...
-
මුඩුක්කු පරිසරයක ජීවිතය පිළිබදව විග්රහ කරමින් ඒ මුඩුක්කු සංස්කෘතිය විදහා දක්වමින් ලියවුනු නිහාල් නෙල්සන් ගායන ශිල්පියා ගායනය කරන හේමසිරි ...
-
කුමක් කරන්නද අමතක කරන්නට වාරු නොමැතිව සිතමින්ම සිටියෙමි මෙසේ ජීවත්විය නොහැකි බව දැනුන කෙනෙහි අමතක කරන්නට උත්සක කලෙමි මලක් දෙස බලා සි...
-
ගමේ තරුණ යුවලක් පෙමින් වෙලෙනවා. සදකිදුරු නාඩගම ගමේ රගදක්වන විට එහි සදකිදුරා සද කිදුරිය චරිත රගපාන්නේ මොවුන් දෙදෙනායි. ඇය සතුවන ගායන හැකියාව ...
0 comments:
Post a Comment