Meet The Author

Wednesday, December 24, 2014

On 6:21 AM by Unknown   No comments
ඡායාරූපය හරිම ප්‍රභල මාධ්‍යයක්
කාලයක් අමාරුවෙන් යට ගැහුවත්
අහම්බෙන් දකින
එක ඡායාරූපයකට පුළුවන්
ඇතුලේ හංගන
ඔක්කොම අවුස්සලා
ඇත්ත
ආපහු මතක් කරලා දෙන්න


Monday, November 17, 2014

On 8:31 AM by Unknown   No comments

Sunday, August 10, 2014

On 8:30 AM by Unknown   No comments
අද දළදා පෙරහර,
දළදාව කිව්වම
මගෙ මතකයට එන්නේ
වෙනස්ම මතකයන් කිහිපයක්
ගියවසරේ පෙරහර මට තාම මතකයි
එදා
නුඹ
නිවැසියන් සමග පෙරහර බලද්දී
නුඹට ලැබුණු වතුර බෝතලය
මා වෙනුවෙන් කොළඹ රැගෙන ආවා
ඔබ නැතත්
ඒ වතුර බෝතලය
තාමත්
මා සතුව තිබෙනවා

Wednesday, August 6, 2014

On 10:16 AM by Unknown   No comments
මේක හරි මගුලක් උනානේ
මට තමුන්ව
හැම වෙලේම මතක වෙනවා
අමතක කරන්නම බෑ...
ඊටත් වඩා අමාරු
ඒ හැම වෙලේම
මම වැරදි බවත්
ඔබ නිවැරදි බවත් සිතීමයි....
දැන් මන් දුකෙන් නෙමෙයිද
සියබලා මල්ලේ තිබුනේ නැද්ද එතකොට
හරි වේදනාවයි
එච්චරයි


එච්.ඒ.ගයාන් මධුශංඛ

Monday, July 28, 2014

On 8:59 AM by Unknown   No comments
හිතට නැගෙන වේදනාවෙන්
මිදියහැකි මගක් සොයමි
සිතට නිවනකුත්
නෙතට කදුලකුත්
නැත
ඔබේ හොදම මතක් වීම
එකම වේදනාව වෙයි
ඔහේ බලා සිටින්නට
සිතුනද
එය තවත් දුක් වඩවන්නකි
කුමක් නමුත්
මිදිය නොහැකි පවක් ගෙවන්නේ යැයි
මට සිතේ

එච්.ඒ.ගයාන් මධුශංඛ

Saturday, July 26, 2014

On 10:42 AM by Unknown   No comments
ආදරෙයි කියන්නට අමතක වුනාට
තාමත් හුස්ම ගනිද්දි
ඔබව මතක වෙනවා...
ඔබ දින සති  ගෙවී ගියත්
මම අපේ සංවත්සරය
මෙවර
තනිවම සමරනවා,

ඔබ මෙන්ම මමත්
නොවෙනස් වන නිසා...
ඔබ නොදන්නවා වුවාට
ඔබේ අඩුව පුරවන්නට
කිසිවෙකු සමත් වුයේ නැත
හේතුව
සියලු දෙනාව
මම
අසමත් කරවන නිසා ......

එච්.ඒ.ගයාන් මධුශංඛ

Wednesday, July 16, 2014

On 10:49 AM by Unknown   3 comments

මම ඔ‍බට
ගෞරව කරමි

මා නොරවටා
හැරගිය නිසාම නොවෙයි
ඔබ මා හැරගිය පසුව
පෙරටත් වඩා
මා
ඔබට
ආදරය කරන නිසා.....

එච්.ඒ.ගයාන් මධුශංඛ
On 9:02 AM by Unknown   3 comments
ඔබ මාව කවියෙකු කළා
කාටවත් නොපෙනුණු
මගේ කවිකම
ඔබ නිසා
කවියක් වුනා
ඔබ නොමැතිව
දැනෙන හැගුම
මා
කවියෙකු කළා
ලොවම අසන
මගේ කවි අසන්නට
නුබ නොමැතිව
මගේ කවිකම කුමටද
කවිය
නැවත එනු මැන
කවිකම තාමත් ඔබ එනතුරු
බලා සිටියි .........


එච්.ඒ.ගයාන් මධුශංඛ

Monday, July 14, 2014

On 7:39 AM by Unknown   6 comments
කුමක් කරන්නද
අමතක කරන්නට වාරු නොමැතිව
සිතමින්ම
සිටියෙමි
මෙසේ ජීවත්විය නොහැකි බව
දැනුන කෙනෙහි
අමතක කරන්නට උත්සක කලෙමි
මලක් දෙස
බලා සිටියේ
ඔබව අමතක වන්නටය
සිදුවුයේ
ඔබේ සුවද
තව තවත්
සිහිපත් වීමය
අමතක නොකොට
ජිවත් විය නොහැකිය
අමතක කරන්නටද
නොහැකිය
ඔබව අමතක කරන්නට
සිදුකළ
හැමදේකින්ම සිදුවුයේ
නැවත නැවතත්
ඔබවම සිහිපත්විමයි
එක්කෝ මරණය ගෙනත් දෙනු මැනවි
නැත්නම් ජීවිතය ගෙනත් දෙනු මැනවි

එච්.ඒ.ගයාන් මධුශංඛ.

Friday, June 6, 2014

On 8:53 AM by Unknown   No comments
මතක තියා ගනින්
යාළුවේ
උඹ හැමදාමත් මැන්නේ
මගේ පෝසත්කම
ඒත්
උඹ හැමදාමත් හෙව්වේ
උඹේ දුප්පත්කම
ඒ නිසාම
මම
උඹේ පන්තියේම වෙලත්
උඹට වඩා පෝසත්
මම තනියම නැගිටිද්දී
මගේ තාත්තා මට කිව්ව
අනිත් එකාගේ දියුණුව බලල
සතුටු වෙයන් කියල
යාළුවේ
උඹට කවදාහරි තේරේවි
මම උඹට වඩා
ඇත්තටම පෝසත් කියල
එදාට
මේක මතක තියාගනින්
මම හැමදාමත් උඹ ගැන
දුක්වුණා කියල..... ෴

එච්.ඒ.ගයාන් මධුශංඛ

Tuesday, May 13, 2014

On 9:50 AM by Unknown   2 comments

මුඩුක්කු පරිසරයක ජීවිතය පිළිබදව විග්‍රහ කරමින් ඒ  මුඩුක්කු සංස්කෘතිය විදහා දක්වමින් ලියවුනු නිහාල් නෙල්සන් ගායන ශිල්පියා ගායනය කරන හේමසිරි හල්පිට මහතා විසින් පදරචනාව සිදුකල මේක ගුනෙ අයියගෙ බජව් දාන කාමරේ ගීතය හැදින්විය හැකිය. එමෙන්ම මේ ගීය සමාජ විද්‍යාත්මකව බලන කල  මුඩුක්කු උප සංස්කෘතිය පිළිබදව සිදුකරන විග්‍රහයකි. මුඩුක්කු පරිසරයේ සිදුවන දේ ඔවුහු කන බොන හැටි අදින පළදින හැටි යන එන හැටි මේ ගීය ඇසෙනවිට ඒ රිද්මයට අසන්නාගේ සිතේ චිත්‍රණය වෙයි. මුඩුක්කු පරිසරයේ ජිවත්වන පුද්ගලයන් සිතන පතන අයුරු පවා මේ ගීතයේ ඇතුලත් ව ඇත.

මෙම ගීතය මුඩුක්කු සමාජයක ජිවත් වන ගුණේ අයියාගේ කාමරය පිළිබදව කතා බහ කරයි එමෙන්ම ගුණේ අයියා පිළිබදව කතාබහ කරයි. ගුණේ අයියාගේ කාමරයට පැමිණෙ පිරිස පිළිබදව පැහැදිලි කරන ගීපද රචකයා මුඩුක්කු සමාජයේ ජිවත්වන ජනතාව පිළිබදව පුළුල් විග්‍රහයක යෙදෙයි. ගීතය ආරම්භ වන්නේ කතාන්දරයක් කීම සදහා ආරම්භයක් ගන්නා පරිද්දෙනි. ගීතය පුරාවට මුඩුක්කු උප සංස්කෘතියට අදාළ උප භාෂාවේ වචන භාවිතා කර තිබීම මෙම ගීතයේ පද රචනයේ ඇති විශේෂත්වයකි. නිහාල් නෙල්සන් මහතාගේ හඩ ඒ ගියාට මානව ජිවය එකතු කරයි.

සොමියට වරෙන් පුතා අගුලු දාල නෑ දොරේ 
අහපං රියල් කතා ගුනෙ අයියගෙ කාමරේ

ගුනෙ අයියගෙ කාමරයේ අගුලු දමා නැත. ඕනෑම අයෙකුට පැමිණීමටත් ඕනෑම අයෙකුට පිටවයාමටත් එහි අවසරය ඇත. තරාතිරම් බාධාවකින් තොරව ගුනෙ අයියා හමුවීමට විවිධ මිනිස්සු පැමිණෙති. ඒ බව ගීතය මැදක් යනවිට අපට වැටහී යයි. මෙහි දොරේ යනුවෙන් සදහන් කිරීම ආමන්ත්‍රණයක් වශයෙන්ද ගැනිය හැකිය. 'දොරේ' යනුවෙන් මුඩුක්කු සමාජයේ තවත් පුද්ගලයෙකුට ආමන්ත්‍රණය කිරීමටද යොදාගනියි .

ගුණේ අයියගෙ කාමරයේ 'රියල් කතා' හෙවත් ඇත්ත කතාව අහන්න රසිකයාට ගීතය ආරම්භයේදී ආරාධනා කරයි.

හිටපන් සයිඩ් ඒකෙන වාඩිවෙලා සුමිතුරේ
මස්කට් පැණි බූන්දි තියෙනව මගේ කාමරේ

ගුනෙ අයියගෙ කාමරයේ මස්කට් පැණි බූන්දි ඇත. මේ අයුරින් සැබවින්ම ප්‍රකාශ කරන්නේ කුමක්ද? ගුණේ අයියගෙ කාමරය තුළ මත්ද්‍රවය භාවිත කරන බවයි. මත්ද්‍රවය භාවිත කරන්නන් සීනි ආදී පැණිරස අධික වශයෙන් භාවිතයට ගනියි. මුඩුක්කු පරිසරය තුළ එම තත්වය සියලු දෙනාම දන්නා කරුණකි. මෙම තත්වය ව්‍යංගයෙන් රචනා කිරීමට මෙන්ම   එක පද පේලියකින් හැගවීමට මෙහිදී  ගීපද රචකයා සමත්විය. මෙහි මගේ කාමරේ යනුවෙන් සදහන් වෙයි. එනම් මේ කතාව අපට කියන්නේ ගුණේ අයියා විසින්ම බව අපට ගම්‍යවන කරුණකි.

මේක ගුණේ අයියගෙ බජව් දාන කාමරේ යනුවෙන් ඔහු තම කාමරය හදුන්වාදෙයි.

පච්ච සිරාලා එතකොට කොච්චි අලාලා 
ගුස්පිරොබාලා එයි මෙහේ සොමිය සොයාලා
සැප විදලා කසා වෙලා පීචන් වෙලා 
කැපිල යන්නෙ සක්විති සුව මෙහෙන් වළදලා 

මෙහිදී ගුණේ අයියගෙ කාමරයට පැමිණෙන පුද්ගලයන් කිහිපදෙනෙකු ඔහු හදුන්වාදෙයි. පච්ච සිරාලා, කොච්චි අලාලා, ගුස්පි රොබාලා ගීතය අවසන් වන විට තවත් පිරිස් හදුන්වාදෙයි. මෙහි ඇත්තේ මුඩුක්කු සමාජය තුළ විවිධ පුද්ගලයන් හැදින්වීම සදහා ලබාදී ඇති නම් ය. විශ්වවිද්‍යාල උප සංස්කෘතිය තුල කාඩ් යනුවෙන් හදුන්වන්නේද මෙයයි. කාමරය තුළ සතුටු වීම, මත්ද්‍රවය භාවිතය, එකිනෙකාට අපහාස කරගනිමින් විහිලු කිරීම යනාදී වශයෙන් වූ සෑම ආකාරයකම සිදුවීම් මෙහි සිදුවෙයි. 'කැපිල යන්නෙ' ගුණේ අයියගෙ කාමරයෙන් පිටත්වීම හදුන්වන්නේ එලෙසය. නමුත් මෙසේ කාමරයෙන් පිටත්වන්නේ සතුටු සිතිනි එනම් සක්විති සුව වළදමිනි. එම සතුට සක්විති සුවයටත් එය වැළදීම යනුවෙන් පුජනියත්වයෙන් හදුන්වා දී ඇත.ඒ සතුට මත්ද්‍රවය භාවිතය හෝ අපහාස කිරීමෙන් ලද සතුට හෝ සුදුවෙන් ලද සතුටක් හෝ විය හැකිය. ඒ මුඩුක්කු සංස්කෘතිය තුළ ඇති වචන මාලාවකි. නිසි පරිදි ශබ්ද රසයත් අර්ථ රසයත් රැකෙන පරිදි වචන භාවිතා කිරීමට මෙහිදී ගීපද රචකයා කටයුතු කර ඇත.

සලුමන්ලා එලිමන්ලා කමරකටාලා
අලි වන්සෙන් වැඩ පෙන්වන සුපර්මෑන් ලා
බර පොරවල් වොරින් කකුල් එකට වැටීලා
ටු තව්සන් ත්‍රි තව්සන් යයි විසි කරලා

ගුණේ අයියගෙ කාමරයේ කාඩ් සෙල්ලමත් යහමින් සිදුවෙයි. එනම් බුරු ගැසීම. පෙර කි චරිත වලට අමතරව තවත් චරිත කිහිපයක් ඔහු හදුන්වා දෙයි. ඒ නම් ඇසෙන විටම ඒ චරිත වල ලක්ෂණ මනාවට විද්‍යාමාන වෙයි.  ගුණේ අයියගෙ කාමරයට පැමිණෙන මේ පොරවල්  ටු තව්සන් ත්‍රි තව්සන් විසිකරනේ බූරු ගැසීමටයි නැත්නම් සුදුවටයි. මෙහිදී ගී පද රචකයා මෙවැනි වචන මාලාවක් යොදාගන්න ලද්දේ ඒ මුඩුක්කු පරිසරයේ හැගීම මනාවට දැනවීමටයි. මේ වචන ඉංග්‍රීසි වචන භාවිතය ඒ සංස්කෘතියේ දැනට ලැබෙන ලක්ෂණයකි.


ටින්කිරි ටින් ඒකෙන් නැත්නම් ටොනික් ඩප්පියෙන්
ෆෙස්ටු ෆේස් එනවානම් වැඩ අතින් පයින්
ඔය සෙවල කිවල වැක්කෙරුවොත් තෙල්විද ගමෙන්
වැලි ගල් කටු බොරු නෑ මගෙ වැඩ රාත්තලෙන් 

මුඩුක්කු පරිසරයක වුවත් ගුණේ අයියා අවංක පරහිතකාමී පුද්ගලයෙකි. කිසියම් සටනකට හෙවත් ගැටුමකට මුහුණදෙන විට සතුරා සතුවන බලය අවබෝදකොටගෙන ඒ අනුව සටන් කරන පුද්ගලයෙකි. ගුණේ අයියා අතින් පයින් ගහගනිමට පැමිණි කෙනෙකුට කඩුවෙන් කොටන පුද්ගලයෙකු නොවෙයි. ඔහුද සටනට බහින්නේ අතින් පයිනි. මුඩුක්කු පරිසරයක ජිවත් වන මිනිසුන්ගේ ඇති ඇතැම් අව්‍යාජත්වය මෙයින් පෙන්නුම් කරයි. හැකි නම් හැකි බවත් බැරි නම් බැරි බවත් කෙලින් ප්‍රකාශ කරන බොරුව නැති පුද්ගලයෙකි. මේ සියලු කරුණු වටහා දෙන්නේ මුඩුක්කු උප භාෂාවේ එන වචන යොදාගනිමිනි. මුඩුක්කු සමාජයේ ජිවත්වන මිනිසුන් පිළිබදව කෙරෙන සමාජ විග්‍රහයක් මේ ගීතය තුළ දැකිය හැකිය.

පොතන්ම් පොත කුරුසවලට මගෙ ලග ඉඩ නැත
ඔය කාගේත් වතගොත මගෙ ෆයිල් එකේ ඇත

මේ කීමක් සිදු වුවත් ගුණේ අයියගෙ මුඩුක්කු පරිසරයේ හෙවත් වත්තේ සියලු දෙනා ගැන තොරතුරු ගුණේ අයියා ඉතාම හොදින් දනියි. එනම් සියලු දෙනාගේ ක්‍රියාකලාපයන් හැසිරීම් ගතිගුණ ගුණේ අයියා ඉතාම හොදින් දනියි. ඒ බව උක්ත පද මාලාවෙන් පෙන්වාදෙයි. මොන කතා කිව්වත් මොන දේ සිදුකරත් ඒ සියල්ල සැමට පෙර ගුණේ අයියාට වාර්තා වෙයි. එමෙන්ම කාගේත් කැරැට්ටුව ගුණේ අයියා දනියි.

දුකට සැපට මම එන්ටර් මගෙ නෑ බොරු පොත
බ්ලේඩ් වලින් කැපෙන්නෙ නෑ කෙනෙකුගෙ හොද හිත

ගීය අවසන් වන්නේ මේක ගුණේ අයියගෙ බජව් දාන කාමරේ යන වචන මාලවෙන්නි නමුත් ගියේ අවසන් පද මාලාවේ ගුණේ අයියගෙ චරිත ලක්ෂණ මනාවට විග්‍රහ කරයි. දුකට සැපට දෙකටම කා වෙනුවෙන් වුවත් එලියට බහින ගුණේ අයියගෙ හිත බ්ලේඩ් වලින් වත කැපෙන්නෙ නැත.
මේ ගීය සැබවින්ම මුඩුක්කු සමාජයේ එක් චරිතයක් යොදාගෙන ඔහු පිළිබදව විවරණයක් කරමින් සමස්ත මුඩුක්කු සමාජයම පිළිබදව සුක්ෂම ලෙස විග්‍රහයකට ලක්කරන්නකි. ගීතයටම උචිත නාද මාලාවකින් යුක්ත වේග රිද්මයෙන් යුක්ත මේ ගීය අප කාගේත් සිත ඇද ගත්තේ එහි නාද මාලවටයි. නමුත් සියුම් ලෙස එහි පද එකින එක ගෙන බලන කළ උක්ත මා විසින් ඉතා සරලව දක්වා ලු අර්ථයකට වඩා එහා ගිය අර්ථයක් වෙත ඔබට ගමන් කළ හැකිය. ගීතය පුරාවට විහිදුනු සෑම වචනයක්ම මුඩුක්කු පරිසරයට අවේනික වචනයන් ය. මුඩුක්කු සමාජයට ආගන්තුක එකදු වචනයක් මේ පදමාලාවට යොදාගෙන නැත. ඒ ගී පදරචකයා සතු විශිෂ්ටත්වය යැයි මම දකිමි.

දැන් නාද මාලාවට නොව පද මාලාවට අවධානය යොමු කර ගීතයට සවන් දෙන්න ඔබට ගුණේ අයියාගේ කාමරය තුළින් අව්‍යාජ මුඩුක්කු සමාජයක් මැවෙනු ඇත.





Sunday, April 27, 2014

On 11:31 AM by Unknown   No comments


උපැස් යුවලක් අවශ්‍යයි.


ඈ  
මා අසලම සිටින විට 
මම 
මගේ දෑසින් ඈ දෙස බැලුවෙමි
සිතින් බොහෝ දෑ සිතුවෙමි 
බොහෝ දෑ කළෙමි 
ඈ 
මා අසල නොමැති විට 
මම 
සිතින් ඈ දෙස බැලුවෙමි 
අගේ රුව මැකේයැයි බියෙන්
මගේ සිත ඇගෙන් ඉවතට නොයයි
බොහෝ දෑ සිතීමට
සිත අවනත නැත 

බොහෝ දෑ කිරීමට
සිත එක්තැන් නැත

බොහොම වෙහෙසයි
එහෙත්   
මගේ සිත 
පැරණි මතකයේ සුව විදිමින් 
තවමත් සිනාසෙයි   
බොහෝ කලකින්
අගේ රුව නොදුටු 
මගේ දෑස 
දැන් 
දුර්වලය 
සිතේ රුව මැකේ යැයි බියෙන් 
වෙනත් දෙයක් දෙස බැලීමට 
මගේ සිත
දෑසට ඉඩ නොදෙයි  
අගේ රුව මතුකර ගැනීමට  
උපැස් යුවලක් අවශ්‍යයි 


Saturday, April 26, 2014

On 8:55 AM by Unknown   4 comments
ඒක රතුපාට කොටු කොටු කමිසයක්
මට මතකයි අද වගේ
ඇය ඇද සිටියා
මීට වසර
ගණනකට පෙර
මට අගේ රුව
තවමත් මැවෙන්නේ

රතුපාට
කොටු කොටු
කමිසයත් සමගින්
කාලය ගෙවී ගොසින්
තවමත්
මා තෝරන්නේ
රතුපාට
කොටු කොටු
කමිස

ගයාන් මධුශංඛ