Meet The Author

Monday, July 28, 2014

On 8:59 AM by Unknown   No comments
හිතට නැගෙන වේදනාවෙන්
මිදියහැකි මගක් සොයමි
සිතට නිවනකුත්
නෙතට කදුලකුත්
නැත
ඔබේ හොදම මතක් වීම
එකම වේදනාව වෙයි
ඔහේ බලා සිටින්නට
සිතුනද
එය තවත් දුක් වඩවන්නකි
කුමක් නමුත්
මිදිය නොහැකි පවක් ගෙවන්නේ යැයි
මට සිතේ

එච්.ඒ.ගයාන් මධුශංඛ

Saturday, July 26, 2014

On 10:42 AM by Unknown   No comments
ආදරෙයි කියන්නට අමතක වුනාට
තාමත් හුස්ම ගනිද්දි
ඔබව මතක වෙනවා...
ඔබ දින සති  ගෙවී ගියත්
මම අපේ සංවත්සරය
මෙවර
තනිවම සමරනවා,

ඔබ මෙන්ම මමත්
නොවෙනස් වන නිසා...
ඔබ නොදන්නවා වුවාට
ඔබේ අඩුව පුරවන්නට
කිසිවෙකු සමත් වුයේ නැත
හේතුව
සියලු දෙනාව
මම
අසමත් කරවන නිසා ......

එච්.ඒ.ගයාන් මධුශංඛ

Wednesday, July 16, 2014

On 10:49 AM by Unknown   3 comments

මම ඔ‍බට
ගෞරව කරමි

මා නොරවටා
හැරගිය නිසාම නොවෙයි
ඔබ මා හැරගිය පසුව
පෙරටත් වඩා
මා
ඔබට
ආදරය කරන නිසා.....

එච්.ඒ.ගයාන් මධුශංඛ
On 9:02 AM by Unknown   3 comments
ඔබ මාව කවියෙකු කළා
කාටවත් නොපෙනුණු
මගේ කවිකම
ඔබ නිසා
කවියක් වුනා
ඔබ නොමැතිව
දැනෙන හැගුම
මා
කවියෙකු කළා
ලොවම අසන
මගේ කවි අසන්නට
නුබ නොමැතිව
මගේ කවිකම කුමටද
කවිය
නැවත එනු මැන
කවිකම තාමත් ඔබ එනතුරු
බලා සිටියි .........


එච්.ඒ.ගයාන් මධුශංඛ

Monday, July 14, 2014

On 7:39 AM by Unknown   6 comments
කුමක් කරන්නද
අමතක කරන්නට වාරු නොමැතිව
සිතමින්ම
සිටියෙමි
මෙසේ ජීවත්විය නොහැකි බව
දැනුන කෙනෙහි
අමතක කරන්නට උත්සක කලෙමි
මලක් දෙස
බලා සිටියේ
ඔබව අමතක වන්නටය
සිදුවුයේ
ඔබේ සුවද
තව තවත්
සිහිපත් වීමය
අමතක නොකොට
ජිවත් විය නොහැකිය
අමතක කරන්නටද
නොහැකිය
ඔබව අමතක කරන්නට
සිදුකළ
හැමදේකින්ම සිදුවුයේ
නැවත නැවතත්
ඔබවම සිහිපත්විමයි
එක්කෝ මරණය ගෙනත් දෙනු මැනවි
නැත්නම් ජීවිතය ගෙනත් දෙනු මැනවි

එච්.ඒ.ගයාන් මධුශංඛ.