Meet The Author

Monday, July 14, 2014

On 7:39 AM by Unknown   6 comments
කුමක් කරන්නද
අමතක කරන්නට වාරු නොමැතිව
සිතමින්ම
සිටියෙමි
මෙසේ ජීවත්විය නොහැකි බව
දැනුන කෙනෙහි
අමතක කරන්නට උත්සක කලෙමි
මලක් දෙස
බලා සිටියේ
ඔබව අමතක වන්නටය
සිදුවුයේ
ඔබේ සුවද
තව තවත්
සිහිපත් වීමය
අමතක නොකොට
ජිවත් විය නොහැකිය
අමතක කරන්නටද
නොහැකිය
ඔබව අමතක කරන්නට
සිදුකළ
හැමදේකින්ම සිදුවුයේ
නැවත නැවතත්
ඔබවම සිහිපත්විමයි
එක්කෝ මරණය ගෙනත් දෙනු මැනවි
නැත්නම් ජීවිතය ගෙනත් දෙනු මැනවි

එච්.ඒ.ගයාන් මධුශංඛ.

6 comments:

  1. did u wrote this one?wow!!!!!!!!!!!!!! superrrrrrrrrrrrrb!

    ReplyDelete
  2. මතක් කරන්න හෝ අමතක කරන්න හදනව කියන්නෙම ඉබේම ආයෙ මතක් වීමක්.... වෙන දෙයක් ගැන කල්පනා කිරීම තමයි හොඳම... ඒ කියන්නේ ඔයා ආස කරන වෙනත් දෙයක් ගැන...

    ලස්සනට ලියල තියෙනව විරහ වේදනාවක් ගැන... ටික කාලයක් යනකම් ඕම තමයි සහෝ.... ජීවිතේ අරන් ගියා වගේ තමයි... ජීවත් වෙන්නෙ නෑ වගේ තමයි දැනෙන්නෙ... ඒත් කාලය ඔය හැම දෙයක්ම විසඳනව...
    :)

    දිගටම ලියන්න....

    --ජයවේවා--

    ReplyDelete