Thursday, July 2, 2015
On 9:02 AM by Unknown 5 comments
ගේය පද රචක අධි නීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්නයන් රචනා කරන ලද ගුණදාස කපුගේ ශුරින් ගායනා කරනු ලබන දවසක් පල නැති හේනේ ගීතයේ ඇතුළාන්තයට යන්නට මත්තෙන් මට සිහිපත් වන්නේ මහගම සේකරයන් රචනා කරන ලද පද්‍ය පන්තියක්. එහි කොටසක් මෙසේ සදහන් කරන්නම්. සිදාදියට එන්නට මට බුද්ධිය ඔබ තමයි එදා පාර කියා දුන්නේ, ගමෙන් උරුම වූ වස්තුව පොදියක් බැද කරතියාන උබේ බහට රැවටිලයි සිදාදියට අවේ, ඒ එනකොට ගෙන ආ දෙය වියපැහැදම් කළා මිසක මෙහිදී අලුතින් ඉපයූ කිසිම දෙයක් නැත්තේ, හිස බාරකළ පුහු නම්බුව විතරයි මට ඇත්තේ, සිදාදියෙන් ආපහු මගේ ගමට එන්න ආසයි මට එත් ගමට එන්නට දැන් පාර මතක නැත්තේ .... අම්මේ මට ගමට එන්න පාර කියාපාන්නේ ......
රන්බණ්ඩා සෙනෙවිරත්නයන් ඉතාම ගැබුරු අරුතක් සහිතව මේ ගීය රචනා කර ඇත. මා සටහන් කරන අර්ථයට වඩා එහා ගීය අර්ථයකට නැවත නැවත ඒ ගීය ශ්‍රවනය කිරීමෙන් ඔබට ගමන් කල හැකිය.
දවසක් පැල නැති හේනේ
අකාල මහා වැහි වස්සා
තුරුලේ හංගාගෙන මා
ඔබ තෙමුනා අම්මේ
පායනතුරු හිටි පියවර
සිටියා ඔබ අම්මේ ...
පැල නැති හේන යනු ආරක්ෂාවක් නැති කුටුම්භයයි. හේනට ආරක්ෂාව සලසන්න පැල සකසා තිබුන නමුදු මේ හේන ආරක්ෂා කිරීමට පැලක් නැත. මේ කතා නායකයාගේ පියා නොමැත. පියා නොමැති මේ පවුලට අකාලයේ වැටුණු වරුසාව හෙවත් නිතර පැමිණි කරදර වලින් ඔහුව අම්මා ආරක්ෂා කරගත්තේ අම්මා වැස්සට බිලි වෙමින්. සියලු කරදර අම්මා විදගනිමින් ඔහුව ආරක්ෂා කරගත්තා. අම්මා වැස්ස පායන තුරුම හිටිපියවරම සිටියා. ඔහු සවිමත් වන තුරුම අම්මා සියලු කරදර දුක්ක දෝමනස්සයන් විදගනිමින් ඔහුව ආරක්ෂා කරගත්තා.
නුවර වීදි යටකරගෙන
නින්දා වැහි වැගිරුණු දා
බිරිදකගේ සෙනෙහෙ ගියා
යෝද ඇලේ නැම්මේ .....
නුබෙ සෙනෙහස සුවද දිදී
දැනුනා මට අම්මේ ....
ඔහු මුහුණදෙන දෙවෙනි වැස්ස මෙයයි. නුවරට යන තරුණයා එහි කාන්තාවක් සරණ පාවා ගනියි. නුවර ගතියට ඔහු හැඩගැසෙයි. ගම අමතක වෙයි. ඔහු නුවර සාමාජිකයෙකුද නොවේ දැන් ගමටද අමුත්තෙකි. ඔහුව ගමෙන් පිළිගන්නේ මහත්තයෙකු ලෙසිනි නගරය පිළිගන්නේ ගමේ බයියෙකු ලෙසිනි. මේ දෙකම අතර ඔහු අතරමං වී ඇත. පවුල් ප්‍රශ්න සහ වෙනත් ප්‍රශ්න හමුවේ ඔහුට මුහුණ දෙන්න වෙන නිනදා අපහාසයන් එමටයි. නුවර වීදි යටකරගෙන යන්න තරම් නින්දාව නමැති විශාල වර්ෂාවක් ඇදහැලෙන වෙලාවේ ඔහුට සිටින බිරිදගේ සෙනෙහසද නැතිව යයි එය සිදුවන්නේ යෝද ඇලේ ජලය බස්නා ආකාරයෙනි. එනම් යෝද ඇල නිර්මාණය කර ඇත්තේ සැතපුමකට අගලක බැස්මක් ඇතිවෙන ආකාරයෙනි. ඒ හේතුවෙන් යෝද ඇලේ ජලය ගලාගෙන යන අයුරු මතුපිටින් පැහැදිලිව නොපෙනෙයි. නමුත් ජලය නිසලව පෙනුනදා හෙමින් ගලාගෙන යයි. බිරිදගේ සෙනෙහස දිනෙන් දින අඩුවුණේ එසේමයි. නොදැනීම ඒ සෙනෙහස අඩුවිය. නමුත් එය දැනෙන වෙලාවක් එයි ඒ අවස්ථාවේ ඔහුට තිවන පීඩනය යෝද ඇලේ නම්මට සමානකර රචකයා පෙන්වා දෙයි. යෝද ඇලේ ජල බැස්ම ඒ ආකාරයෙන් වීම හේතුවෙන් යෝද ඇලේ ජල තලය ඝනත්වයෙන් වැඩි වේ. හෙමින් ගලා බසින හේතුවෙන් විශාල ජල ප්‍රමාණයකින් පීඩනයක් එල්ල කරයි. යෝද ඇලේ නම්මට ඒ පීඩනය ඉතා දැඩිව දැනෙයි. මේ දෙකම එකට සංකලනය කරමින් බිරිදගේ සෙනෙහස අහිමිවීමත් ඒ වියෝවත් ඔහු පෙන්වා දෙයි. ඒ වෙලාවේ අම්මේ නුබේ සෙනෙහස මට සුවද දිදී දැනුනු බව ඔහු කියයි. අම්මා ඔහුව කුඩා කාලයේ සෙනෙහසින් බලාගත්ත ආකාරය ඒ වියෝවේදී ඔහුට මතක වුනේ ඒ මවගේ සෙනෙහස වඩ වඩාත් දනෙමිනි.
කොළඹ අහස කලුකරගෙන
මුහුදු හුලග හඩලන කොට
ඔටුන්න බිමදා දුවගෙන
එන්නද එක පිම්මේ
මන් එනතුරු ඉදිකඩ ලග
ඉන්නවාද අම්මේ ....
ඔහු තවත් වැස්සකට තෙමෙන්නට ආසන්නයි. නගරයේ සිටින මේ පුද්ගලයාට එහි ඇති තරගකාරිත්වය සහ එහි ඇති බාධක වලට මුහුණ දීමට සිදුවෙයි. දැන් ඔහු තනිවී ඇත. ඔටුන්න යනු දැන් ඔහු සතුවන ධනය සහ බලයි. මේ සියල්ල ඉවතලා අම්මේ ඔබ වෙත මන් පමිනේන්නද යනුවෙන් ඔහු මවගෙන් අසයි. ඔහු පැමිණෙන බව පවසන්නේ එක පිම්මටයි. එතරම්ම ගමට යාමේ අවශ්‍යතාවය මවගේ සෙනෙහසේ ලැගුම් ගැනීමේ අවශ්‍යතාව ඔහු සතුවෙයි. මන් එනතුරු ඉදිකඩ ලග ඉන්නවාද අම්මේ යනුවෙන් ඔහු අවසන් වශයෙන් මවගෙන් ඉල්ලා සිටියි. ඒ පුතෙකුගේ අවසන් පැතුමයි. මවක් ඒ ආයාචනය සිදුකලත් නැතත් පුතු වෙනුවෙන් සැමදාම ඉදිකඩ ලග බලා සිටියි. නමුත් මේ ගීය රචනා වන විට මා දන්නා පරිදි පදරචකයාගේ මව මියගොසිනි. ඉදිකඩ ලග ඔහු එනතුරු අම්මාර රැදී සිටීමට හැකියාවක් නොමැත. මව සිහිවන විට ඇය මියගොස් අවසන්ය.
Subscribe to:
Post Comments (Atom)
Search
About Me
Popular Posts
-
ගේය පද රචක අධි නීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්නයන් රචනා කරන ලද ගුණදාස කපුගේ ශුරින් ගායනා කරනු ලබන දවසක් පල නැති හේනේ ගීතයේ ඇතුළාන්තයට යන්නට මත්තෙන...
-
අසූව දශකයේ මද භාගයේ පටිගත වුනු අජානේය ස්කුටර් තුරගා පිට වඩිනා ගීතය ප්‍රවීන ගේය පද රචක රත්න ශ්‍රී විජේසිංහයන් ගේ නිර්මාණයක්. ගායනය කරුණාරත්න ...
-
මේ ගීය රචනා කරන්නේ රත්න ශ්‍රී විජේසිංහයන් විසින් සත්‍ය සිදුවීමක් පදනම කරගෙනයි. මේ කතාව වසර තිහක පමණ ඉතිහාසයකට අපව රැගෙන යනවා. මොනරාගල දෙබටව ...
-
ඒ ගිය ශ්‍රවණය වෙත්ම සිහිපත්වන්නේ පළමු සංදේශ කාව්‍ය වශයෙන් හදුවනු ලබන මේඝ දුතයයි. මේඝ දුත කාව්‍යයේ දුතයා වන්නේ වලාකුලකි. සිරකුටියක සිරවී සිට...
-
මුඩුක්කු පරිසරයක ජීවිතය පිළිබදව විග්රහ කරමින් ඒ මුඩුක්කු සංස්කෘතිය විදහා දක්වමින් ලියවුනු නිහාල් නෙල්සන් ගායන ශිල්පියා ගායනය කරන හේමසිරි ...
-
සංහිදියාව ඇතිකිරීමේ සහ වර්ධනය කිරීමේ පරමාර්ථයෙන් රාජ්‍ය අනුග්‍රහයෙන් නිෂ්පාදනය කරන ලද තුන්දෙනෙක් සිනමා කෘතිය නැරබීමට පෙර එම චිත්‍රපටයේ න...
-
කුමක් කරන්නද අමතක කරන්නට වාරු නොමැතිව සිතමින්ම සිටියෙමි මෙසේ ජීවත්විය නොහැකි බව දැනුන කෙනෙහි අමතක කරන්නට උත්සක කලෙමි මලක් දෙස බලා සි...
-
ශ්‍රී ලංකාවේ කුඩාම ජාතික වන උද්‍යානය ලෙස සැලකෙන හොරගොල්ල ජාතික වන උද්‍යානය ජනතාව අතර එතරම් සුප්‍රසිද්ධ නොවූවක් වුවද සතුන් හා ශාක ගැන විවි...
-
මේ වචන ප්‍රේමකීර්ති ද අල්විස් නම් කෘතහස්ත මාධ්‍යවේදියාගේයි. හඩ ආදරණිය වූ මධුර 'ස' ස්වරය.. පෙම්වතෙක් සහ පෙම්වතියෙකු ගේ සමුගනිමකින් අ...
-
ඒක රතුපාට කොටු කොටු කමිසයක් මට මතකයි අද වගේ ඇය ඇද සිටියා මීට වසර ගණනකට පෙර මට අගේ රුව තවමත් මැවෙන්නේ ඒ රතුපාට කොටු කොටු කමිසයත් සම...
Recent Posts
Blog Archive
-
▼
2015
(30)
-
▼
July
(10)
- සකියනි රිදී කාසි සොලවන්නට බෙරපදය මදි ......
- අපි හැගුම් වලට ඉඩදී මොහොතක් -
- සාර්ථකත්වයට හඩනගන්න ඉඩදෙන්න
- රන්තරු පායන අහස බලාගෙන ඇයි ඔබ තව හිනැහෙන්නේ - ප්...
- මගෙ බිසවනේ අසාපන් - විරෝදාකල්ප ගීත සාහිත්‍යයේ සංධි...
- මුතුකුඩ ඉහළන මල් වරුසාවේ .......
- සුදු නෙළුම කෝ සොරබොර වැවේ ....... ගීතය පිටුපස ඇති ...
- සද කිදුරා මිය ගියා ගමට එන්න නංගියේ ... පසළොස්වක පෝ...
- දවසක් පැල නැති හේනේ ගීතයේ ඇතුලාන්තය ......
- රුවල් ඉරී ගීය නෞකාවේ නියමුවානෙනි - ගීතය අපව ගෙන ය...
-
▼
July
(10)
Powered by Blogger.
Random Posts
Total Pageviews
Contact Form
News
Design
Shooting
Followers
Popular Posts
-
ගේය පද රචක අධි නීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්නයන් රචනා කරන ලද ගුණදාස කපුගේ ශුරින් ගායනා කරනු ලබන දවසක් පල නැති හේනේ ගීතයේ ඇතුළාන්තයට යන්නට මත්තෙන...
-
අසූව දශකයේ මද භාගයේ පටිගත වුනු අජානේය ස්කුටර් තුරගා පිට වඩිනා ගීතය ප්‍රවීන ගේය පද රචක රත්න ශ්‍රී විජේසිංහයන් ගේ නිර්මාණයක්. ගායනය කරුණාරත්න ...
-
මේ ගීය රචනා කරන්නේ රත්න ශ්‍රී විජේසිංහයන් විසින් සත්‍ය සිදුවීමක් පදනම කරගෙනයි. මේ කතාව වසර තිහක පමණ ඉතිහාසයකට අපව රැගෙන යනවා. මොනරාගල දෙබටව ...
-
ඒ ගිය ශ්‍රවණය වෙත්ම සිහිපත්වන්නේ පළමු සංදේශ කාව්‍ය වශයෙන් හදුවනු ලබන මේඝ දුතයයි. මේඝ දුත කාව්‍යයේ දුතයා වන්නේ වලාකුලකි. සිරකුටියක සිරවී සිට...
-
මුඩුක්කු පරිසරයක ජීවිතය පිළිබදව විග්රහ කරමින් ඒ මුඩුක්කු සංස්කෘතිය විදහා දක්වමින් ලියවුනු නිහාල් නෙල්සන් ගායන ශිල්පියා ගායනය කරන හේමසිරි ...
-
සංහිදියාව ඇතිකිරීමේ සහ වර්ධනය කිරීමේ පරමාර්ථයෙන් රාජ්‍ය අනුග්‍රහයෙන් නිෂ්පාදනය කරන ලද තුන්දෙනෙක් සිනමා කෘතිය නැරබීමට පෙර එම චිත්‍රපටයේ න...
-
කුමක් කරන්නද අමතක කරන්නට වාරු නොමැතිව සිතමින්ම සිටියෙමි මෙසේ ජීවත්විය නොහැකි බව දැනුන කෙනෙහි අමතක කරන්නට උත්සක කලෙමි මලක් දෙස බලා සි...
-
ශ්‍රී ලංකාවේ කුඩාම ජාතික වන උද්‍යානය ලෙස සැලකෙන හොරගොල්ල ජාතික වන උද්‍යානය ජනතාව අතර එතරම් සුප්‍රසිද්ධ නොවූවක් වුවද සතුන් හා ශාක ගැන විවි...
-
මේ වචන ප්‍රේමකීර්ති ද අල්විස් නම් කෘතහස්ත මාධ්‍යවේදියාගේයි. හඩ ආදරණිය වූ මධුර 'ස' ස්වරය.. පෙම්වතෙක් සහ පෙම්වතියෙකු ගේ සමුගනිමකින් අ...
-
ඒක රතුපාට කොටු කොටු කමිසයක් මට මතකයි අද වගේ ඇය ඇද සිටියා මීට වසර ගණනකට පෙර මට අගේ රුව තවමත් මැවෙන්නේ ඒ රතුපාට කොටු කොටු කමිසයත් සම...

මරු කතාවක්....
ReplyDeleteකතාම තමයි ඉතින්
Deleteකතාම තමයි ඉතින්
Deleteදුක හිතේන කතවක්
ReplyDeleteඅම්මා ගැන ලියූ හොඳම සිංදුව
ReplyDelete