Monday, July 6, 2015
On 7:29 AM by Unknown No comments
මේ පදමාලාව ස්ටැන්ලි පීරිස් නම් පදරචකයාගේයි. මියුරු හඩ හදවතර ආදරය එකතු කරන කිර්ති පැස්කුවෙල් ගායන ශිල්පියාගේ. මෙවැනි අත්දැකීමක් ඇතැම් විට කෙනෙකුට තියෙන්නට පුළුවන්. මේ අමුතුම අත්දැකීමක් සංකල්පනාවක්. නමුත් බොහෝ දෙනෙකුට මේ අත්දැකීම නැතිවා නොවෙන්නට පුළුවන්. ඊට හේතුව අප ළග ඇති වස්තුවට වඩා අපට අහිමි වූ එසේ නැත්නම් අප ළග නොමැති වස්තුවේ අගය දැනීමයි. එය සාමාන්‍යයි අප එය වටහාගත යුතුයි. මෙහි පදමාලාව එවැන්නක් ගැනයි. මේ ආදරවන්තයෙකුගේ ආපසු හැරී බැලීමක්.....
ඔහුට සිය පැරණි පෙම්වතිය සිහිවෙනවා. ඇය තවමත් රන්තරු පායන අහස දිහා බලාගෙන සිනාසෙනවා. ඔහු ඇගෙන් අහනවා ඇයි ඔබ තවමත් හිනැහෙන්නේ යනුවෙන්. මේ වන විට ඔහුගේ ආදරය වෙනෙකෙකු සතුවෙලා. දැන් අගේ පරණ පෙම්වතියට පෙම්වතෙකු සිටියි. ඔහුගේ හදවත දිනු ආදරය දැන් සොරාගෙන ඇත්තේ වෙන අයෙක්. මේ සම්බන්ධය නැවතිලා බොහෝ කලක් ගොසින්. සම්බන්ධය නවතින මොහොතේ ඔහුට ලොකු දුකක් ඇති නොවුන නමුත් ඔහුට දැන් පසුතැවීමක් දැනෙයි. ඒ මෙසේ වෙන්වීමක් සිදුවුනේ තමන්ගේ නොසැලකිලිමත් බව හේතුවෙන් යනුවෙන්. මිහිර සොයාගෙන ගිය ඔහුගේ ජීවිතය දැන් කදුලැලිත් සමගයි ජිවත් වන්නේ. ඔහු සිය පැරණි පෙම්වතියගෙන් නැවත නවත් සමාව ඉල්ලා සිටින්නේ ඇය අත වරදක් නොමැති බවත් තමා සතුව වරද පවතින බවත් සිතමින් පසුතැවෙමින්. මෙවැනි පෙම්වතුන් අප අතරත් ඕනෑ තරම් සිටින්නට පුළුවන නමුත් එය පිටතට පෙන්නේ නැත. මෙවැනි ගීයක් ශ්‍රවනයෙන් අපේ හදවත් අපේ ඇතුලාන්තය අපට එය ඉගි කරාවි.
රන්තරු පායන අහස බලාගෙන ඇයි ඔබ තව හිනැහෙන්නේ
මගේ හද දිනු ආදරය සොරාගෙන වෙනෙකෙකු නොවැ අද ඉන්නේ
මිහිර සොයා ගිය මගේ ජිවය දැන් කදුලැලි හා ලතවන්නේ
සමාවෙයන් සොදුරියේ තවමත් මා අතමයි වරද තියෙන්නේ
ඔහුට දැන් ජිවිතයට මාර්ගයක් පෙන්වීමට කෙනෙකු නොමැති සේයා. ඔහුගේ මුළු ජිවයම පෙර පෙම්වතිය හා බැදී ඇත. වෙනත් මගක් යාමට හෝ වෙනත් මගක් ගැන ඔහුට සිතෙන්නේද නැත. කුඩා රුවල බැද තනිවම සයුර මද සිට කොහෙට යන්නයි සිතාගත නොහැකිව ඔහු පසුවෙයි.
කුඩා රුවල බැද තනිව සයුර මද ඈත අතීතය දෙස බැලුවේ
කොහේ සිටන් කොයිබට මා යාවිද මටනම් නෑ වැටහෙන්නේ
ඔහුගේ හදවත් දැන් කැඩී බිදී ගොස් අවසන් එය නැවත කාට එකතු කිරීමට හැකිවේදැයි ඔහුට විශ්වාසයක් නොමැත.ඔහු අදටත් පවසන්නේ මෙතරම් දෙයක් වී නමුත් තවමත් මගේ අදවත තුළ සිටින්නේ ඔබ බවයි. මේ සෙනෙහස තාමත් ඔබ වෙනුවෙන් වෙන්වී ඇති බවයි. එය ඇයට කිසිදා නොඇසෙනු ඇත. එමෙන්ම නොවටහෙනුද ඇත. සැබෑ ආදරය ඇත්තේ මොහුගේ හදවතෙයි, ඔහුගේ පසුතවිමද ඒ ආදරයේ සත්‍යවාදී බව නැවත නැවතත් සාක්ෂි දරයි. ඔහු සමාව ඉල්ලිමම පසුතවිමම සෙනෙහස පැහැදිලි වීමකි. මුළු ජිවයම ඇය වී අවසන් බව ඔහුට දැන් වැටහී ඇත.
පලා දෙපලු කළ හදවත දැන් නම් කාට එකතු කළ හැක්කේ
බලාගන්න සෙනෙහස තව ඔබටයි මා හදතුල හැම වේලේ

Subscribe to:
Post Comments (Atom)
Search
About Me
Popular Posts
-
ගේය පද රචක අධි නීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්නයන් රචනා කරන ලද ගුණදාස කපුගේ ශුරින් ගායනා කරනු ලබන දවසක් පල නැති හේනේ ගීතයේ ඇතුළාන්තයට යන්නට මත්තෙන...
-
මේ ගීය රචනා කරන්නේ රත්න ශ්‍රී විජේසිංහයන් විසින් සත්‍ය සිදුවීමක් පදනම කරගෙනයි. මේ කතාව වසර තිහක පමණ ඉතිහාසයකට අපව රැගෙන යනවා. මොනරාගල දෙබටව ...
-
අසූව දශකයේ මද භාගයේ පටිගත වුනු අජානේය ස්කුටර් තුරගා පිට වඩිනා ගීතය ප්‍රවීන ගේය පද රචක රත්න ශ්‍රී විජේසිංහයන් ගේ නිර්මාණයක්. ගායනය කරුණාරත්න ...
-
ඒ ගිය ශ්‍රවණය වෙත්ම සිහිපත්වන්නේ පළමු සංදේශ කාව්‍ය වශයෙන් හදුවනු ලබන මේඝ දුතයයි. මේඝ දුත කාව්‍යයේ දුතයා වන්නේ වලාකුලකි. සිරකුටියක සිරවී සිට...
-
මේ වචන ප්‍රේමකීර්ති ද අල්විස් නම් කෘතහස්ත මාධ්‍යවේදියාගේයි. හඩ ආදරණිය වූ මධුර 'ස' ස්වරය.. පෙම්වතෙක් සහ පෙම්වතියෙකු ගේ සමුගනිමකින් අ...
-
ශ්‍රී ලංකාවේ කුඩාම ජාතික වන උද්‍යානය ලෙස සැලකෙන හොරගොල්ල ජාතික වන උද්‍යානය ජනතාව අතර එතරම් සුප්‍රසිද්ධ නොවූවක් වුවද සතුන් හා ශාක ගැන විවි...
-
මුතු මැණික් යට ගිහින් ගොම රිටි උඩ එන කාලයක් එනවලු කොහොමත් මුතුමැණික් තියෙන්නේ පොළව යට තමයි. ගොමරිටි බයයි මුතු මැණික් උඩට එනවට මොකද ඒවායේ ...
-
සංහිදියාව ඇතිකිරීමේ සහ වර්ධනය කිරීමේ පරමාර්ථයෙන් රාජ්‍ය අනුග්‍රහයෙන් නිෂ්පාදනය කරන ලද තුන්දෙනෙක් සිනමා කෘතිය නැරබීමට පෙර එම චිත්‍රපටයේ න...
-
සංචාරක ආකර්ශනයත් ජෛව විවිධත්වවයෙනුත් අනුන සොදුරු වෙරළබඩ තිරයේ නිරිතදිග වෙරළේ දක්නට ලැබෙන ඉතාමත් සුවිශේෂී ස්ථානයක් වශයෙන් මාදු ගග ආශ්රිත ප්...
-
මුඩුක්කු පරිසරයක ජීවිතය පිළිබදව විග්රහ කරමින් ඒ මුඩුක්කු සංස්කෘතිය විදහා දක්වමින් ලියවුනු නිහාල් නෙල්සන් ගායන ශිල්පියා ගායනය කරන හේමසිරි ...
Recent Posts
Blog Archive
-
▼
2015
(30)
-
▼
July
(10)
- සකියනි රිදී කාසි සොලවන්නට බෙරපදය මදි ......
- අපි හැගුම් වලට ඉඩදී මොහොතක් -
- සාර්ථකත්වයට හඩනගන්න ඉඩදෙන්න
- රන්තරු පායන අහස බලාගෙන ඇයි ඔබ තව හිනැහෙන්නේ - ප්...
- මගෙ බිසවනේ අසාපන් - විරෝදාකල්ප ගීත සාහිත්‍යයේ සංධි...
- මුතුකුඩ ඉහළන මල් වරුසාවේ .......
- සුදු නෙළුම කෝ සොරබොර වැවේ ....... ගීතය පිටුපස ඇති ...
- සද කිදුරා මිය ගියා ගමට එන්න නංගියේ ... පසළොස්වක පෝ...
- දවසක් පැල නැති හේනේ ගීතයේ ඇතුලාන්තය ......
- රුවල් ඉරී ගීය නෞකාවේ නියමුවානෙනි - ගීතය අපව ගෙන ය...
-
▼
July
(10)
Powered by Blogger.
Random Posts
Total Pageviews
Contact Form
News
Design
Shooting
Followers
Popular Posts
-
ගේය පද රචක අධි නීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්නයන් රචනා කරන ලද ගුණදාස කපුගේ ශුරින් ගායනා කරනු ලබන දවසක් පල නැති හේනේ ගීතයේ ඇතුළාන්තයට යන්නට මත්තෙන...
-
මේ ගීය රචනා කරන්නේ රත්න ශ්‍රී විජේසිංහයන් විසින් සත්‍ය සිදුවීමක් පදනම කරගෙනයි. මේ කතාව වසර තිහක පමණ ඉතිහාසයකට අපව රැගෙන යනවා. මොනරාගල දෙබටව ...
-
අසූව දශකයේ මද භාගයේ පටිගත වුනු අජානේය ස්කුටර් තුරගා පිට වඩිනා ගීතය ප්‍රවීන ගේය පද රචක රත්න ශ්‍රී විජේසිංහයන් ගේ නිර්මාණයක්. ගායනය කරුණාරත්න ...
-
ඒ ගිය ශ්‍රවණය වෙත්ම සිහිපත්වන්නේ පළමු සංදේශ කාව්‍ය වශයෙන් හදුවනු ලබන මේඝ දුතයයි. මේඝ දුත කාව්‍යයේ දුතයා වන්නේ වලාකුලකි. සිරකුටියක සිරවී සිට...
-
මේ වචන ප්‍රේමකීර්ති ද අල්විස් නම් කෘතහස්ත මාධ්‍යවේදියාගේයි. හඩ ආදරණිය වූ මධුර 'ස' ස්වරය.. පෙම්වතෙක් සහ පෙම්වතියෙකු ගේ සමුගනිමකින් අ...
-
ශ්‍රී ලංකාවේ කුඩාම ජාතික වන උද්‍යානය ලෙස සැලකෙන හොරගොල්ල ජාතික වන උද්‍යානය ජනතාව අතර එතරම් සුප්‍රසිද්ධ නොවූවක් වුවද සතුන් හා ශාක ගැන විවි...
-
මුතු මැණික් යට ගිහින් ගොම රිටි උඩ එන කාලයක් එනවලු කොහොමත් මුතුමැණික් තියෙන්නේ පොළව යට තමයි. ගොමරිටි බයයි මුතු මැණික් උඩට එනවට මොකද ඒවායේ ...
-
සංහිදියාව ඇතිකිරීමේ සහ වර්ධනය කිරීමේ පරමාර්ථයෙන් රාජ්‍ය අනුග්‍රහයෙන් නිෂ්පාදනය කරන ලද තුන්දෙනෙක් සිනමා කෘතිය නැරබීමට පෙර එම චිත්‍රපටයේ න...
-
සංචාරක ආකර්ශනයත් ජෛව විවිධත්වවයෙනුත් අනුන සොදුරු වෙරළබඩ තිරයේ නිරිතදිග වෙරළේ දක්නට ලැබෙන ඉතාමත් සුවිශේෂී ස්ථානයක් වශයෙන් මාදු ගග ආශ්රිත ප්...
-
මුඩුක්කු පරිසරයක ජීවිතය පිළිබදව විග්රහ කරමින් ඒ මුඩුක්කු සංස්කෘතිය විදහා දක්වමින් ලියවුනු නිහාල් නෙල්සන් ගායන ශිල්පියා ගායනය කරන හේමසිරි ...

0 comments:
Post a Comment