Sunday, July 5, 2015
On 8:00 AM by Unknown No comments
ගුණදාස කපුගේ ශුරින් විරෝදාකල්ප ගීත සාහිත්‍යයේ විශේෂ සංධිස්ථානයක් සනිටුහන් කළ සමාජවාදී මතදාරී ප්‍රගතිශීලි ගායකයෙකි. ඔහු ධනපති ආණ්ඩුව ගීතයෙන් විවේචනය කළ අයෙක්. ඔහුට ලැබුණු ස්ථාන මාරු ඔහුව මර්දනය කිරීම වෙනුවට තව තවත් ඔහුව දිරිගැන්වීමට හේතු විය, සැබවින්ම විරෝදාකල්ප ගීත සාහිත්‍ය පොහොසත් කිරීමට හේතු වූ බවද කිව යුතුය. මේ ගීයේ රචකයා ගුණදාස කපුගේ ශුරින් මෙන්ම නිරන්තරව දේශපාලන පලිගැනීම් මත දුෂ්කර සේවයේ සිටි රත්න ශ්‍රී විජේසිංහයන්ය.
මගෙ බිසවනේ අසාපන්
මේ කදුළු ඇයිද දෑසේ
නුබ චන්ද්‍ර මඩල වැන්නේ
මගෙ බිසවනේ අසාපන්
නුබ මන්ත්‍රී දෙවි නොවුණි
දුෂ්කර වූ ඒ පළාතේ
මට යන්න දෙන්න දේවි
ආණ්ඩුවේ පලිගැනීම් මත දුෂ්කර මාරුව අනිවාර්ය අංගයකි. ඔහුව දැන් දුෂ්කර පළාතකට මාරු කර ඇත. දැන් දුෂ්කර ක්‍රියාවක දීමට සිදුවේ. මෙවැනි අවස්තාවක බිරිද ඔහුට එතරම් දුරක යන්නට නොදෙයි. එසේ යනවානම් ඇයද එන්නට සැරසෙයි. මෙහිදී සිදුවන්නේද එවැනිම තත්වයකි. ඔහු සිය බිරිදට බිසව ලෙස ආමන්ත්‍රණය කරයි. නුබ මට බිසවක් වුවාට මා සමග දුෂ්කර ක්‍රියාවක යෙදෙන්නට නුබ මන්ත්‍රී දේවිය නොවෙයි. ඒ හේතුවෙන් ඔබව මෙහි දමා මට පමණක් එහි යන්නට ඉඩදෙන්න ඒ ඔහුගේ ඉල්ලීමයි. එකට එක්වී පාරමිතා පුරන අවස්තාවක් නොවෙයි මෙය.
මේ කදුළු ඇයිද දෑසේ
බෑ යන්ට නුබට හිමයේ
ගොස් ඉන්ට කුලී නිවසේ
විෂඝෝර සර්ප භවනේ
ඔහු පසුව පැහැදිලි කරයි. නුබට වෙස්සන්තර රජු සමග මන්ත්‍රී දේවිය හිමාලයේ ගියා මෙන් මා සමග යාමට මෙය සුදුසු අවස්ථාවක් හා කාලයක් නොවෙයි. කුලී නිවසක කල් ගෙවන්නට ඒ විෂඝෝර භවනේ නුබට හැකියාවක් නොමැත. සමාජීය වශයෙන් සිදුවන සිදුවීම් අනුව මෙසේ කුලී නිවස විෂඝෝර භවනක් ලෙස ඔහු හදුන්වා ඇත.
නුබ චන්ද්‍ර මඩල වැන්නේ
සා පැටව් එහි නිදන්නේ
හාමතේ නොයා දරුවෝ
නවතින්න බිසව් නගරේ
නුබ නොදී එතෙර රටටා
දරු නොදී වහල් කමටා
දිවි පුදා තොප රකින්නම්
නොපුරා ඒ බෙත් පෙරුම්දම්
ඔහුගේ බිරිද චන්ද්‍ර මණ්ඩලය වගෙයි. රූමත් එමන්ම දරුවන් සිටින මවක්. මා සමග දුෂ්කර සේවයට යාමෙන් සිදුවන්නේ නුබත් දරුවනුත් හාමත් වීමයි. ඒ හෙයින් දරුවන් හාමත් නොකර නගරයේම නවතින ලෙස ඔහු අයට පවසයි. ඒ වකවානුව වන විට විවෘත ආර්ථිකයේ ආගමනයත් සමගින් රට රැකියාව සදහා ගෘහණියන්ට අවස්ථා විවර වී ඇත. නුබව රට රකියවෙත් නොයවා දරුවන් වහල් කමටත් නොදමා මා මේ දුක්විදින්නේ නුබලාව රැකබලා ගැනීමටයි. මෙසේ දුෂ්කර යන්නේ බෝසත් පාරමිතා ධර්මයන් පිරීමට නොවෙයි යනුවෙන් ඔහු අවසන් වශයෙන් පවසයි.
පැවති සහ පවතින සාමාජ ක්‍රමයේ යතාර්ථය මෙයයි. දේශපාලන පලිගැනීම් මත මෙවැනි සිදුවීම් සිදුවීම සාමාන්‍ය සිදුවීමක් ලෙස අප දකියි. නමුත් එවැනි අවස්ථාවකට මුහුණ දුන් පුද්ගලයෙකු පුද්ගලිකව මුහුණදෙන සමාජීය කාරණාවන් මෙම ගීතයෙන් මැනවින් විග්‍රහ කර තිබේ. මෙම ගීය මනා ලෙස වෙස්සන්තර ජාතකයේ දුෂ්කර ගමන හා වර්තමාන සිදුවීම් සසදමින් ඉදිරිපත් කිරීමට රචකයා සමත් වී තිබේ. හැමදෙනාගේම කතා බහට ලක්වන නමුත් වැඩි ගැබුරු අවධානයකට ලක් නොවන අවස්ථාවක් ලෙස මෙය පෙන්වා දිය හැකිය. රැකියා මාරු කිරීම් අසා ඇති නමුත් ඔවුන් පුද්ගලිකව මුහුණදෙන දුෂ්කරාතා පිළිබදව වැඩි අවධානයක් යොමුවන්නෙම නැත.
Subscribe to:
Post Comments (Atom)
Search
About Me
Popular Posts
-
චන්න කින්නරාවිය හෙවත් සදකිදුරිය යන නම ඇසීමත් සමග අපට සිහිවන්නේ සදකිදුරු ජාතකයේ බෝධිසත්වයන් සමග සමීපව සිටි යශෝදරාවියයි. බෞද්ධ සාහිත්‍යයට අනු...
-
මේ ගීය රචනා කරන්නේ රත්න ශ්‍රී විජේසිංහයන් විසින් සත්‍ය සිදුවීමක් පදනම කරගෙනයි. මේ කතාව වසර තිහක පමණ ඉතිහාසයකට අපව රැගෙන යනවා. මොනරාගල දෙබටව ...
-
ගේය පද රචක අධි නීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්නයන් රචනා කරන ලද ගුණදාස කපුගේ ශුරින් ගායනා කරනු ලබන දවසක් පල නැති හේනේ ගීතයේ ඇතුළාන්තයට යන්නට මත්තෙන...
-
මේ වචන ප්‍රේමකීර්ති ද අල්විස් නම් කෘතහස්ත මාධ්‍යවේදියාගේයි. හඩ ආදරණිය වූ මධුර 'ස' ස්වරය.. පෙම්වතෙක් සහ පෙම්වතියෙකු ගේ සමුගනිමකින් අ...
-
ඒ ගිය ශ්‍රවණය වෙත්ම සිහිපත්වන්නේ පළමු සංදේශ කාව්‍ය වශයෙන් හදුවනු ලබන මේඝ දුතයයි. මේඝ දුත කාව්‍යයේ දුතයා වන්නේ වලාකුලකි. සිරකුටියක සිරවී සිට...
-
අසූව දශකයේ මද භාගයේ පටිගත වුනු අජානේය ස්කුටර් තුරගා පිට වඩිනා ගීතය ප්‍රවීන ගේය පද රචක රත්න ශ්‍රී විජේසිංහයන් ගේ නිර්මාණයක්. ගායනය කරුණාරත්න ...
-
මුඩුක්කු පරිසරයක ජීවිතය පිළිබදව විග්‍රහ කරමින් ඒ මුඩුක්කු සංස්කෘතිය විදහා දක්වමින් ලියවුනු නිහාල් නෙල්සන් ගායන ශිල්පියා ගායනය කරන හේමසිරි ...
-
ශ්‍රී ලංකාවේ කුඩාම ජාතික වන උද්‍යානය ලෙස සැලකෙන හොරගොල්ල ජාතික වන උද්‍යානය ජනතාව අතර එතරම් සුප්‍රසිද්ධ නොවූවක් වුවද සතුන් හා ශාක ගැන විවි...
-
කුමක් කරන්නද අමතක කරන්නට වාරු නොමැතිව සිතමින්ම සිටියෙමි මෙසේ ජීවත්විය නොහැකි බව දැනුන කෙනෙහි අමතක කරන්නට උත්සක කලෙමි මලක් දෙස බලා සි...
-
ගමේ තරුණ යුවලක් පෙමින් වෙලෙනවා. සදකිදුරු නාඩගම ගමේ රගදක්වන විට එහි සදකිදුරා සද කිදුරිය චරිත රගපාන්නේ මොවුන් දෙදෙනායි. ඇය සතුවන ගායන හැකියාව ...
Recent Posts
Blog Archive
-
▼
2015
(30)
-
▼
July
(10)
- සකියනි රිදී කාසි සොලවන්නට බෙරපදය මදි ......
- අපි හැගුම් වලට ඉඩදී මොහොතක් -
- සාර්ථකත්වයට හඩනගන්න ඉඩදෙන්න
- රන්තරු පායන අහස බලාගෙන ඇයි ඔබ තව හිනැහෙන්නේ - ප්...
- මගෙ බිසවනේ අසාපන් - විරෝදාකල්ප ගීත සාහිත්‍යයේ සංධි...
- මුතුකුඩ ඉහළන මල් වරුසාවේ .......
- සුදු නෙළුම කෝ සොරබොර වැවේ ....... ගීතය පිටුපස ඇති ...
- සද කිදුරා මිය ගියා ගමට එන්න නංගියේ ... පසළොස්වක පෝ...
- දවසක් පැල නැති හේනේ ගීතයේ ඇතුලාන්තය ......
- රුවල් ඉරී ගීය නෞකාවේ නියමුවානෙනි - ගීතය අපව ගෙන ය...
-
▼
July
(10)
Powered by Blogger.
Random Posts
Total Pageviews
Contact Form
News
Design
Shooting
Followers
Popular Posts
-
චන්න කින්නරාවිය හෙවත් සදකිදුරිය යන නම ඇසීමත් සමග අපට සිහිවන්නේ සදකිදුරු ජාතකයේ බෝධිසත්වයන් සමග සමීපව සිටි යශෝදරාවියයි. බෞද්ධ සාහිත්‍යයට අනු...
-
මේ ගීය රචනා කරන්නේ රත්න ශ්‍රී විජේසිංහයන් විසින් සත්‍ය සිදුවීමක් පදනම කරගෙනයි. මේ කතාව වසර තිහක පමණ ඉතිහාසයකට අපව රැගෙන යනවා. මොනරාගල දෙබටව ...
-
ගේය පද රචක අධි නීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්නයන් රචනා කරන ලද ගුණදාස කපුගේ ශුරින් ගායනා කරනු ලබන දවසක් පල නැති හේනේ ගීතයේ ඇතුළාන්තයට යන්නට මත්තෙන...
-
මේ වචන ප්‍රේමකීර්ති ද අල්විස් නම් කෘතහස්ත මාධ්‍යවේදියාගේයි. හඩ ආදරණිය වූ මධුර 'ස' ස්වරය.. පෙම්වතෙක් සහ පෙම්වතියෙකු ගේ සමුගනිමකින් අ...
-
ඒ ගිය ශ්‍රවණය වෙත්ම සිහිපත්වන්නේ පළමු සංදේශ කාව්‍ය වශයෙන් හදුවනු ලබන මේඝ දුතයයි. මේඝ දුත කාව්‍යයේ දුතයා වන්නේ වලාකුලකි. සිරකුටියක සිරවී සිට...
-
අසූව දශකයේ මද භාගයේ පටිගත වුනු අජානේය ස්කුටර් තුරගා පිට වඩිනා ගීතය ප්‍රවීන ගේය පද රචක රත්න ශ්‍රී විජේසිංහයන් ගේ නිර්මාණයක්. ගායනය කරුණාරත්න ...
-
මුඩුක්කු පරිසරයක ජීවිතය පිළිබදව විග්‍රහ කරමින් ඒ මුඩුක්කු සංස්කෘතිය විදහා දක්වමින් ලියවුනු නිහාල් නෙල්සන් ගායන ශිල්පියා ගායනය කරන හේමසිරි ...
-
ශ්‍රී ලංකාවේ කුඩාම ජාතික වන උද්‍යානය ලෙස සැලකෙන හොරගොල්ල ජාතික වන උද්‍යානය ජනතාව අතර එතරම් සුප්‍රසිද්ධ නොවූවක් වුවද සතුන් හා ශාක ගැන විවි...
-
කුමක් කරන්නද අමතක කරන්නට වාරු නොමැතිව සිතමින්ම සිටියෙමි මෙසේ ජීවත්විය නොහැකි බව දැනුන කෙනෙහි අමතක කරන්නට උත්සක කලෙමි මලක් දෙස බලා සි...
-
ගමේ තරුණ යුවලක් පෙමින් වෙලෙනවා. සදකිදුරු නාඩගම ගමේ රගදක්වන විට එහි සදකිදුරා සද කිදුරිය චරිත රගපාන්නේ මොවුන් දෙදෙනායි. ඇය සතුවන ගායන හැකියාව ...
0 comments:
Post a Comment