Wednesday, July 1, 2015
On 9:00 AM by Unknown 3 comments
පෙම්වතුන් පෙම්වතියන් වෙන්වීම සාමාන්‍ය දෙයකි. එක් අයෙකුගේ ආත්මාර්ථකාමිත්වය එසේ වීමට හේතු විය හැකිය. එසේත් නැත්නම් නොගැලපීම දෙදෙනකු වෙන් කරවනු ඇත. ආදරය වෙනුවෙන් වෙන්වීම ඉතාම පුජනිය වේ. එසේ සිදුවූ අවස්ථා අල්පය. ආදරයේ නියම අරුත එක්වීම පමණක්ම නොවිය හැක. වෙන්ව සිටීමද ආදරය විය හැකිය. මේ ගීය වෙනස්ම තැනකට අපව රැගෙන යනු ඇත.
රුවල් ඉරී ගීය නෞකාවේ
නියමුවානෙනි
නොගිලී දළ රළ පෙළ අතරේ
මා හා යා නොහැකිය
ගොඩබිමකට
මේ ගීය වසර සිය ගණනක් ඈත ඉතිහාසයකට අපව ගෙනයනු ඇත. සොලී ආක්‍රමණ හේතුවෙන් වළගම්බා රජතුමන්ට රාජ්‍ය අතහැර පලායන්නට සිදුවිය. රජු පලායන විට රථයේ සිටි පිරිස හේතුවෙන් රථයේ ගමනට බාධා එල්ලවිය. මේ අවස්ථවේ සෝමා දේවිය සිතන සිතුවිල්ලක් ලෙස මෙය පෙන්වා දිය හැකිය. නෞකාවේ රුවල් ඉරි ගීය පසුව ගමන ඉතා දුෂ්කරය. දළ රළ පෙළ හමුවේ නොගිලී යාමට මා බාධාවකි. ඔබට මා හා යාමට නොහැකිය.
දෝතට එක්කල වැසිදිය පොවමින් පවසට
ඉරුණු රුවල් රෙදි දවටා සදමින් උණුසුම
මා රැකගත් ඔබ රැකගත යුතුවේ අද දින
දියබේ නවතිමි යනු මැන පෙරමග තනිවම
ඇයව රැකබලා ගත් ආකාරය මෙහි කියවේ. මුහුදේ කරදිය හේතුවෙන් පානයට සුදුසු ජලය නොමැත. වැසි දිය අයට ලබාදෙන ලද්දේ දෝතට එකතු කරමිනි. ඇයට උණුසුම සාදා දෙන ලද්දේ ඉරුණු රුවල් රෙදි දවටමිනි. එසේ මා රැකබලා ගත් ඔබව අද මා රැකගත යුතුව ඇත. ඇය තීරණයක් ගත්තේ දියබේ නැවතීමටය. ආදරයේ ඇති නියමැ පරිත්‍යාගය නම් මෙයයි.
රථයෙන් බැස සොළින්ට සෝමා අසුවිය.
සුන්බුන් නැව දැන් දියබත් වී යයි හෙමිහිට
අත්හළ මැන දැන් මෙතුවක් මට බැදි සෙනෙහස
දෑස පියාගෙන මා බිලිදී දිය ගබුරට
ගැලවී යනු මැන මේ විපතින් සිත දැඩිකොට
සෝමා දේවිය රථයෙන් බැසීමට තීරණය කළද ඒ සදහා වළගම්බා රජුට අවසර දීමට කෙතරම් අසීරු වන්නට ඇත්ද ? ඇයව දියබට බිලිදෙන ලෙස පවසන්නේ දෑස වසාගෙනය. සිදුකිරීමට අසීරු දෙයකි. වළගම්බා රජු වසර 12 ක් සගවා සිට සේනා සංවිධානය කර සොලින් පලවා හැර සිරිලක නැවත එක් සේසත් කළේය. සෝමා දේවිය රථයෙන් බසින ලද ස්ථානයේ සෝමාවතී වෙහෙර ඉදිකරන ලදී. මේ ගීය පුරාවට දැනෙන ඒ අසීමිත ආදරය වචන වලට පෙරලිය නොහැක. ගීතය පසුපසින් ඇදෙන මේ අර්ථය දැන් ගියාට තවත් ජිවය එක්කරනු ඇත.
Subscribe to:
Post Comments (Atom)
Search
About Me
Popular Posts
-
ගේය පද රචක අධි නීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්නයන් රචනා කරන ලද ගුණදාස කපුගේ ශුරින් ගායනා කරනු ලබන දවසක් පල නැති හේනේ ගීතයේ ඇතුළාන්තයට යන්නට මත්තෙන...
-
අසූව දශකයේ මද භාගයේ පටිගත වුනු අජානේය ස්කුටර් තුරගා පිට වඩිනා ගීතය ප්‍රවීන ගේය පද රචක රත්න ශ්‍රී විජේසිංහයන් ගේ නිර්මාණයක්. ගායනය කරුණාරත්න ...
-
මේ ගීය රචනා කරන්නේ රත්න ශ්‍රී විජේසිංහයන් විසින් සත්‍ය සිදුවීමක් පදනම කරගෙනයි. මේ කතාව වසර තිහක පමණ ඉතිහාසයකට අපව රැගෙන යනවා. මොනරාගල දෙබටව ...
-
ඒ ගිය ශ්‍රවණය වෙත්ම සිහිපත්වන්නේ පළමු සංදේශ කාව්‍ය වශයෙන් හදුවනු ලබන මේඝ දුතයයි. මේඝ දුත කාව්‍යයේ දුතයා වන්නේ වලාකුලකි. සිරකුටියක සිරවී සිට...
-
සංහිදියාව ඇතිකිරීමේ සහ වර්ධනය කිරීමේ පරමාර්ථයෙන් රාජ්‍ය අනුග්‍රහයෙන් නිෂ්පාදනය කරන ලද තුන්දෙනෙක් සිනමා කෘතිය නැරබීමට පෙර එම චිත්‍රපටයේ න...
-
ශ්‍රී ලංකාවේ කුඩාම ජාතික වන උද්‍යානය ලෙස සැලකෙන හොරගොල්ල ජාතික වන උද්‍යානය ජනතාව අතර එතරම් සුප්‍රසිද්ධ නොවූවක් වුවද සතුන් හා ශාක ගැන විවි...
-
මුතු මැණික් යට ගිහින් ගොම රිටි උඩ එන කාලයක් එනවලු කොහොමත් මුතුමැණික් තියෙන්නේ පොළව යට තමයි. ගොමරිටි බයයි මුතු මැණික් උඩට එනවට මොකද ඒවායේ ...
-
මේ වචන ප්‍රේමකීර්ති ද අල්විස් නම් කෘතහස්ත මාධ්‍යවේදියාගේයි. හඩ ආදරණිය වූ මධුර 'ස' ස්වරය.. පෙම්වතෙක් සහ පෙම්වතියෙකු ගේ සමුගනිමකින් අ...
-
මුඩුක්කු පරිසරයක ජීවිතය පිළිබදව විග්රහ කරමින් ඒ මුඩුක්කු සංස්කෘතිය විදහා දක්වමින් ලියවුනු නිහාල් නෙල්සන් ගායන ශිල්පියා ගායනය කරන හේමසිරි ...
-
සංචාරක ආකර්ශනයත් ජෛව විවිධත්වවයෙනුත් අනුන සොදුරු වෙරළබඩ තිරයේ නිරිතදිග වෙරළේ දක්නට ලැබෙන ඉතාමත් සුවිශේෂී ස්ථානයක් වශයෙන් මාදු ගග ආශ්රිත ප්...
Recent Posts
Blog Archive
-
▼
2015
(30)
-
▼
July
(10)
- සකියනි රිදී කාසි සොලවන්නට බෙරපදය මදි ......
- අපි හැගුම් වලට ඉඩදී මොහොතක් -
- සාර්ථකත්වයට හඩනගන්න ඉඩදෙන්න
- රන්තරු පායන අහස බලාගෙන ඇයි ඔබ තව හිනැහෙන්නේ - ප්...
- මගෙ බිසවනේ අසාපන් - විරෝදාකල්ප ගීත සාහිත්‍යයේ සංධි...
- මුතුකුඩ ඉහළන මල් වරුසාවේ .......
- සුදු නෙළුම කෝ සොරබොර වැවේ ....... ගීතය පිටුපස ඇති ...
- සද කිදුරා මිය ගියා ගමට එන්න නංගියේ ... පසළොස්වක පෝ...
- දවසක් පැල නැති හේනේ ගීතයේ ඇතුලාන්තය ......
- රුවල් ඉරී ගීය නෞකාවේ නියමුවානෙනි - ගීතය අපව ගෙන ය...
-
▼
July
(10)
Powered by Blogger.
Random Posts
Total Pageviews
Contact Form
News
Design
Shooting
Followers
Popular Posts
-
ගේය පද රචක අධි නීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්නයන් රචනා කරන ලද ගුණදාස කපුගේ ශුරින් ගායනා කරනු ලබන දවසක් පල නැති හේනේ ගීතයේ ඇතුළාන්තයට යන්නට මත්තෙන...
-
අසූව දශකයේ මද භාගයේ පටිගත වුනු අජානේය ස්කුටර් තුරගා පිට වඩිනා ගීතය ප්‍රවීන ගේය පද රචක රත්න ශ්‍රී විජේසිංහයන් ගේ නිර්මාණයක්. ගායනය කරුණාරත්න ...
-
මේ ගීය රචනා කරන්නේ රත්න ශ්‍රී විජේසිංහයන් විසින් සත්‍ය සිදුවීමක් පදනම කරගෙනයි. මේ කතාව වසර තිහක පමණ ඉතිහාසයකට අපව රැගෙන යනවා. මොනරාගල දෙබටව ...
-
ඒ ගිය ශ්‍රවණය වෙත්ම සිහිපත්වන්නේ පළමු සංදේශ කාව්‍ය වශයෙන් හදුවනු ලබන මේඝ දුතයයි. මේඝ දුත කාව්‍යයේ දුතයා වන්නේ වලාකුලකි. සිරකුටියක සිරවී සිට...
-
සංහිදියාව ඇතිකිරීමේ සහ වර්ධනය කිරීමේ පරමාර්ථයෙන් රාජ්‍ය අනුග්‍රහයෙන් නිෂ්පාදනය කරන ලද තුන්දෙනෙක් සිනමා කෘතිය නැරබීමට පෙර එම චිත්‍රපටයේ න...
-
ශ්‍රී ලංකාවේ කුඩාම ජාතික වන උද්‍යානය ලෙස සැලකෙන හොරගොල්ල ජාතික වන උද්‍යානය ජනතාව අතර එතරම් සුප්‍රසිද්ධ නොවූවක් වුවද සතුන් හා ශාක ගැන විවි...
-
මුතු මැණික් යට ගිහින් ගොම රිටි උඩ එන කාලයක් එනවලු කොහොමත් මුතුමැණික් තියෙන්නේ පොළව යට තමයි. ගොමරිටි බයයි මුතු මැණික් උඩට එනවට මොකද ඒවායේ ...
-
මේ වචන ප්‍රේමකීර්ති ද අල්විස් නම් කෘතහස්ත මාධ්‍යවේදියාගේයි. හඩ ආදරණිය වූ මධුර 'ස' ස්වරය.. පෙම්වතෙක් සහ පෙම්වතියෙකු ගේ සමුගනිමකින් අ...
-
මුඩුක්කු පරිසරයක ජීවිතය පිළිබදව විග්රහ කරමින් ඒ මුඩුක්කු සංස්කෘතිය විදහා දක්වමින් ලියවුනු නිහාල් නෙල්සන් ගායන ශිල්පියා ගායනය කරන හේමසිරි ...
-
සංචාරක ආකර්ශනයත් ජෛව විවිධත්වවයෙනුත් අනුන සොදුරු වෙරළබඩ තිරයේ නිරිතදිග වෙරළේ දක්නට ලැබෙන ඉතාමත් සුවිශේෂී ස්ථානයක් වශයෙන් මාදු ගග ආශ්රිත ප්...

nice....
ReplyDeleteyeeee
Deleteහිතට දැනෙනවා කියාගන්න බැරි තරමටම.මට මගෙම කතාවක් තියනවා මේකට එකතු කරන්න ගලපන්න පුළුවන්.මාරයි දිගටම කරන්න ජය වේවා
ReplyDelete