Thursday, June 18, 2015
On 9:19 AM by Unknown No comments
ඒක හරි පුදුම දෙයක්
ඇත්තටම සුන්දරයි
තිබුනම සුන්දරත්වය විදින්න පුළුවන්
නැති වුනාම විරහවේ සුන්දරත්වය විදින්න පුළුවන්
ජීවය එක් කරනවා වගේම
ජීවය නැති කරන්නත් පුළුවන්
නමුත් මේ හැමදේටම
හේතුව
අපේම හිත තමයි...
හැමදාමත් ආදරේ කරන අයට
තරගයක් නෑ
ඒ මිනිස්සුන්ගේ හිතේ තියෙන ආදරේ
හැමදාමත් ඒ වගේම
නොවෙනස්ව දකින්න පුළුවන්

Wednesday, June 17, 2015
On 7:28 AM by Unknown No comments
ඉන්දියාව විවිධ ජාති ආගම් දර්ශනවාදයන්ගෙන් පිරුණු
රාජ්‍යයකි. ඒ ප්‍රමාණය මෙපමණකැයි ගණන් බැලීමට නොහැකි තරම් ඇති විශාල වේ. නමුත් මේ
සියලු ජාති ආගම් එකට එක්ව ලෝකය ඉදිරියේ හින්දුස්ථානි නම් එක ධජයක් යටතේ එක් රාජ්‍යයක්
ලෙස පෙනී සිටියි. ඉන්දු පකිස්තානු අර්බුදයේදී ඉන්දියාව එක් රාජ්‍යයක් ලෙස සිය රටේ
ජනතාව පෙළගස්වාගෙන සිටියි. අන්තර්ජාතික වශයෙන් ඉන්දියාවට එල්ලවන බලපෑම් හිදී එයට
සාර්ථකව මුහුණදීමට පෙළගැසෙන දේශපාලන අධිකාරයට විවිධත්වයෙන් යුතු ජනතාවක් එක් රාජ්‍යයක්
ලෙස අවසන් වශයෙන් එකතුවී සිටීම සහයක් විය හැකිය. ලෝකයේ ඉහලට මතුවෙමින් සිටින රාජ්‍යයන්
කිහිපය අතර නුදුරේදී ඉන්දියාව විශේෂ ස්ථානයක් ගනු ඇත.
ඉන්දියාව අති විශාල රාජ්‍යයකි ලෝක බැංකු වාර්තාවට
අනුව එය භුමි ප්‍රමාණයෙන් වර්ග කිලෝමීටර 2,973,190.0 කි, භුමි ප්‍රමාණයෙන් පමණක්
නොව ජනගහනයෙන්ද අති විශාල රාජ්‍යයකි. මේ වන විට ඉන්දියාවේ ජනගහනය බිලියන 1.27 ක්
ඉක්මවා තිබෙයි. විවිධ අදහස් මතවාද වලින් යුක්ත අතිවිශාල රාජ්‍යයක දේශපාලන පක්ෂ පිළිබදව
විමසා බැලිය යුතුම වෙයි.
මේ අනුව බලන විට පැහැදිලිව පෙනෙන තත්ත්වයක් නම්
දේශපාලන පක්ෂයක් තුළ විවිධ මතවාදයන් සහිත ජනතාවක් සිටියි. එමෙන්ම අති විශාල
දේශපාලන පක්ෂ ප්‍රමාණය තුළද විවිධ මතවාදයන් මත න්‍යාය පත්‍ර මත පිහිටා ක්‍රියා කරන
දේශපාලන පක්ෂ සහ බලපෑම් කණ්ඩායම් සිටිති. ඒ අනුව ඉන්දියාවේ දේශපාලන ක්‍රියාකාරකම්, මත
දැක්වීම්, විවේචනය කිරීම්, උද්ඝෝෂණය කිරීම් නොඅඩුව දැකිය හැකි තත්ත්වයක් විය
යුතුය. සැබවින්ම ඉන්දියාව තුළ මෙම තත්ත්වය නොඅඩුව දැකගත හැකිය.
මතවාද විවේචන ඉවසීමට ආණ්ඩුවකට ශක්තිය තිබිය
යුතුය. එමෙන්ම මතවාද විවේචන සදහා නිසි අවස්ථාවක්ද ලබාදී තිබිය යුතුය. එය යහපත්
රාජ්‍ය ක්‍රමයක් වෙනුවෙන් හේතු වනු ඇත. මතවාද විවේචන හරහා ආණ්ඩු ක්‍රමයේ පවතින
අයහපත් ලක්ෂණයන් පෙන්වාදීම් සිදුවන අතර පොදු ජනතාව ඒ පිළිබදව දැනුවත් වීමද සිදුවේ.
ඒ අනුව ජනතාවගේ තොරතුරු දැනගැනීමේ පිපාසය සංසිදෙන අතර විශිෂ්ට ප්‍රජාතන්ත්‍රවාදී
පරිසරයක් ගොඩ නැගෙනු ඇත. මත දැක්වීම් විවේචනය කිරීම් උද්ඝෝෂණය කිරීම් සදහා ඉඩ
ලබාදිය යුතුමය. නමුත් මේ පවත්වන පෙළපාලි පොදු ජනතාවගේ සාමාන්‍ය දිවි පැවැත්මට
බාධාකාරී නොවිය යුතුය. එසේම පොදු ජනතාවගේ කටයුතු වලට බාධා වන බව පවසමින් උද්ඝෝෂණ
කරුවන් තලා පෙලා එලවා දැමීමද නොකළ යුතු වෙයි. මේ තත්වයන් දෙකම සමතුලිතව පවත්වා
ගැනීම සදහා ඉන්දියාවේ නවදිල්ලි නගරයේ සුවිශේෂී ස්ථානයක් පිහිටුවා ඇත.
ඉන්දියාවේ අග නගරය වන නවදිල්ලි නගරයේ එක්තරා
ස්ථානයක් මේ සදහා වෙන්කර තිබේ. එම ස්ථානයට විශේෂ පොලිස් ආරක්ෂාවක්ද සපයා තිබෙනු
දැකගත හැකිය. ඕනෑම දේශපාලන පක්ෂයකට බලපෑම් කණ්ඩායමකට මෙම ස්ථානයට පැමිණ තමන්ට රිසි
සේ තම අදහස් මතවාද ඉදිරිපත් කල හැකිය. වෙන්කර තිබෙන භුමි ප්‍රමාණයෙන් එක් කොටසක
වේදිකාවක් සකස් කරගෙන ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරමින් දේශපාලාන රැස්වීම් පැවැත්විය
හැකිය. පවතින දේශපාලන ක්‍රමවේදය හෝ රටේ වෙනත් තත්ත්වයක් පිළිබදව විවේචන ඉදිරිපත්
කල හැකිය. තම මතවාදය ජනතාව අතරට ගෙනයා හැකිය. ජනමාධ්‍යයද ඒවා ආවරණය කිරීමට
යුහුසුළුව ක්‍රියාකරනු දැකගත හැකිය.
ලංකාවේ දේශපාලන වේදිකා මතද ගී කියනු දැකගත හැකිය.
ඒ පැරණි ගීයක නාද මාලාවට වෙනත් වචන දීමෙන් හෝ අර්ථ දැක්වීමෙනි. ඉන්දියානු මේ ඇතැම්
ක්‍රම ලංකාවට ආදේශ කිරීම යෝග්‍ය නොවෙයි. ඒ රටවල් දෙකේ පවතින සංස්කෘතීන් සහ වෙනත්
අගනාකම් වල පවතින විවිධත්වය හේතුවෙනි. කෙසේ නමුත් මේ නිදහස් ප්‍රදේශය ලංකාවේ අපට
ආදර්ශයට ගත හැකිය. එකම භුමි ප්‍රදේශයක එක ලග දේශපාලන පක්ෂ දෙකක රැස්වීම් පැවැත්වේ.
මේ කණ්ඩායම් දෙක අතර මතවාද හුවමාරු වීම් ද සිදුවන අවස්ථා ඇත. කණ්ඩායම් දෙක අතර
සංවාද ඇතිවන අවස්ථා ඇත. මේ සියල්ල තුලින් අවසානයේ දැකිය හැකි තත්ත්වය නම් මහජනතාවට
වගකියන මහජන නියෝජිතයන් බිහිවීමයි. මෙහිදී මහජන නියෝජිතයන්ව සෘජුව මහජනතාවගේ ප්‍රශ්න
කිරීම වලට බදුන් වෙයි. ඉන් පැනයාමට මහජන නියෝජිතයාට හැකියාවක් නොමැත.
Monday, June 15, 2015
On 11:16 AM by Unknown No comments
හිනාවෙයන්
ඔබට වලකපන්න හදපු මිනිස්සු උබ එක්ක උබ වෙනුවෙන් කතා කරනකොට,
හිනාවෙයන්
අවශ්‍ය වෙලාවේ ඔබ වෙනුවෙන් හිටිය නැති මිනිස්සු පස්සෙ උබට සහෝදරකම පෙන්නද්දි
හිනාවෙයන්
කොන්දක් නැති මිනිස්සු දේශපාලනේ කරනවා දැක්කම
හිනාවෙයන්
මුදල් වෙනුවෙන් බොරුව කරන මිනිස්සු ඔබට ජීවිතේ ගැන කියල දෙනකොට
හිනාවෙයන්
කෙනෙක්ගේ සොයාගැනීමක් තමන්ගේ වගේ කියනකොට
හිනාවෙයන්
තමන් හිස් බව තමන්ට නොතේරුණු මිනිස්සු අනුන්ට උගන්වනකොට
හිනාවෙයන්
සමාජවාදය කරපින්නාගත් ආචාර්යවරු ධනවාදය වෙනුවෙන් රුපවාහිනියේ පෙනී ඉද්දි
හිනාවෙයන්
උබට මේව නොතේරුණු විදිහට

On 6:43 AM by Unknown No comments
හෙක්ටයාර් 770 ක භුමි භාගයක් වසා පැතිරෙන මාදු ගග පරිවාර දුපත් 64 කින් පමණ යුක්තය ඉන් දුපත් 17 ක් ස්ථිර දුපත් වශයෙන් හදුනාගෙන ඇත. මාදුගග ආශ්‍රිතව ජිවත්වන සත්ව විශේෂ පිලිබදව සලකා බැලීමේදී මාදු ගගට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ලංකාවේ ජිවත්වන 607 ක් පමණ වූ පක්ෂි විශේෂ අතරින් පක්ෂි විශේෂ 248 ක් ම තම වාසස්ථාන කරගෙන ඇත්තේ මාදු ගගයි. යුරෝපිය රටවල ශීතකාල වලදී ලංකාවට පැමිණෙන සංචාරක පක්ෂි විශේෂ 111 කගේ නවාතැන්පල වන්නේ මේ ඇති රමණිය මාදුගගයි. ශ්‍රී ලංකාවේ ජිවත්වන මිරිදිය මත්ස්‍ය විශේෂ 78න් 70 ක්ම සොදුරු මාදු ගංගාවේ ජිවත් වෙයි. මේ අතර ඉස්සන් සහ කකුළුවන් විශේෂද රාශියකි. එමෙන්ම මේ දුපත් ආශ්‍රිතව ජිවත්වන සමනල විශේෂ 50 ක් පමණ හදුනාගෙන ඇති අතර ගොළුබෙල්ලන් විශේෂ 25 ක් දක්නට ලැබෙයි.
හෙක්ටයාර් 915 ක මුළු වපසරියක් ඇති මෙම භුමි භාගයේ ඇති ශාක විශේෂයන්ද ඉතාමත් විශේෂ ස්ථානයක් ගනියි. ඒ අතරින් කඩොලාන වලට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. ලංකාවේ මෙතෙක් වාර්තාවන කඩොලාන විශේෂ 24 න් 14ක් ම මාදු ගග ආශ්‍රිතව දක්නට ලැබීමත් ඉතාමත් දුර්ලභ කඩොලාන විශේෂයක් වන රතමිල්ල ( lumnitzera littoriya ) ශාකය සුලබ වශයෙන් දැකගන්නට ලැබීමද මෙහි ඇති විශේෂත්වයකි. එමන්ම ගංගා කලපු මෝය ආශ්‍රිත ලවන මිශ්‍ර පසෙහි ඉව්රෙහි පදුරු වශයෙන් වැවෙන තාල වර්ගයට අයත් එකම කඩොලාන විශේෂය වන ගිං පොල් ශාකයද මෙහි දක්නට ලැබෙයි.
මාදු ගග ආශ්‍රිතව ජිවත්වන සොදුරු මිනිසුන්ගේ සරල ගැමි දිවියද මාදු ගගටම අවේනික වුවකි. බොහෝ දෙනෙක් ධිවර කර්මාන්තය ආශ්‍රිතව තම ජීවිකාව ගත කරයි. තවත් බොහෝ දෙනෙක් කුරුදු නිෂ්පාදන වලින් තම ජීවිකාව ගෙවයි. අක්කර දෙකේ දුපතෙහි තම දරුවන් තිදෙනාත් සමග ජිවත්වන ඩබ්ලිව්.කරුණාවතී තම ජීවිකාව ගැන මෙසේ අදහස් දැක්විය
එමෙන්ම මේ ගංගාව ආශ්‍රිතව තම ජීවිකාව ගෙවන තවත් පිරිසකි බෝට්ටුවකින් ගංගාව වටා සංචාරයක් රැගෙන යන පිරිස. ඔවුන් අතරින් අවුරුදු 20 ක් වයසැති අශාන් ඩිල්ෂාන් මෙසේ අදහස් දැක්විය
“ මම අට වසරට විතර තමයි පාසල් ගියේ ආර්ථික ප්‍රශ්න නිසා පාසැල ගමන නැවතුනාට පස්සේ මේ රස්සාවට ආවේ. එක ගමනකට රුපියල් 400 ක් විතර ගන්නවා. හැමදාමත් කට්ටිය එන්නේ නෑ පෝය දවසට වගේ තමයි ඉතින් ටික දෙනෙක් එන්නේ ගොඩක් අය මේ ගංගාවේ තියෙන දේවල් ගැන දන්නේ නෑ වගෙයි. ගොඩක් අඩුවෙන් තම එන්නේ”
මෙවන් සොදුරු පරිසරයක් මතු පරම්පරාව වෙනුවෙන් ආරක්ෂා කර ගැනීම අප යුතුකමක් මෙන්ම වගකීමකි.
Saturday, June 13, 2015
On 9:21 AM by Unknown 1 comment
ශ්‍රී ලංකාවේ කුඩාම ජාතික වන උද්‍යානය ලෙස සැලකෙන හොරගොල්ල ජාතික වන උද්‍යානය ජනතාව අතර එතරම් සුප්‍රසිද්ධ නොවූවක් වුවද සතුන් හා ශාක ගැන විවිධ පර්යේෂණ කරන්නන් හට මෙම වන උද්‍යානය නුපුරුදු ස්ථානයක් නොවෙයි.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පවතින මෙම ජාතික උද්‍යානයට ප්‍රවේශ වීමට කොළඹ - නුවර මාර්ගයේ නිට්ටඹුව නගරයෙන් කිලෝමීටරයක් වේයන්ගොඩ දෙසට ගමන් කළ විට හමුවන පින්නගොල්ල හන්දියෙන් වමට හැරී මීටර 600ක් ගිය විට හොරගොල්ල ජාතික උද්‍යානයේ කාර්යාලයට පැමිණිය හැක.

සාමාන්‍ය ව්‍යවහාරයේ ‘හොර කැලය’ යනුවෙන් හැදින්වූ මෙම අකකර තිස් ගණනක භූමිය හොරගොල්ල වලව්වට අයිතිව තිබූවකි. හැත්තෑව දශකයේ එය වනජීවී සංකර්ෂණ දෙපාර්තමේන්තුවට පවරා ඇත. වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ 1973 ඔක්තෝම්බර් මස 5 දින හොරගොල්ල රක්ෂිතය අභය භූමියක් වශයෙන් ප්‍රකාශයට පත්කර ඇත.
මෙම ප්‍රදේශයේ වෙසෙන සත්ව හා ශාක විශේෂ දිගු කාලීනව ආරක්ෂා කර ගැනීම පිණිසත් අධ්‍යාපන, පර්යේෂණ සහ පරිසරය පිලිබදව ජනතාවට ආශ්වාදයක් ලබාදීම සදහාත් වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ 2004 ජුලි 28 වන දින මෙම අභය භුමිය ජාතික වන උද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.
මෙම ජාතික උද්‍යානය බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ සියනෑ කෝරලයේ නැගෙනහිර ප්‍රාදේශීය ආදායම් පාලක කොට්ඨාශයට අයත් උඩහපත්තුවේ පිහිටි හම්බදළුව ග්‍රාමයෙහි හෙක්ටයාර් 13,362 ක ( අක්කර 33 ) භුමි ප්‍රදේශයක් පුරා පැතිරී ඇත.
මිනිස් හා වෙනත් උපද්‍රවයයන්ගෙන් අවතැන් වුණු සතුන් මෙහි ගෙන විත් සුවවන තුරු ප්‍රතිකාර කොට සුදුසු පරිසරයකට නිදහස් කිරීමද මෙහිදී සිදු කැරෙයි.
හදුන් දිවියන්, කොළ දිවියන් වැනි දිවි පවුලට අයත් සතුන් මෙන්ම උකුස්සන් වැනි පක්ෂින්ද මෙහි ගෙනවිත් ප්‍රතිකාර කොට නිදහස් කරනු ලැබෙයි. එමෙන්ම වදවියාමේ තර්ජනයට ලක්ව ඇති විල්මුවා ආරක්ෂා කර ගැනීම සදහාත්, එම සතුන් බෝකිරීම සදහාත් විශේෂ ව්‍යාපෘතියක් වසර දෙකකට පමණ පෙර සිටම මෙහි ක්‍රියාත්මක වෙයි.
මෙම උද්‍යානය ආශ්‍රිතව තෙත් සදාහරිත වනාන්තර වලට අයත් ශාක ප්‍රජාවන් දැකිය හැකිය. හොර ( Dipterocarpus zeylanicus ), කැකුණ (Canariumzeylanicum ), ගොඩපර (Dilleniaretusa ), දියපර (Wormiyatriquetra ), කිතුල් (Caryotaurens ), බට (Ochlandrastridula ), නැදුන් (Pericopsismooniana ),ඇටබ (Mangiferazeylanicus ), බෝ (Ficusriligiosa ), රුක් (Hoescieldiairyaghedhi ), අන්කෙන්ද (Acronychiaaltilis ), මිල්ල (Vitexpinnata ), මුණමල් (Mimusopselengi ), දෙල් (Artocarpusaltilis ), වෙලංග (Pterospermuscanesens ) වැනි ශාක උද්‍යානයේ බහුලව දක්නට ලැබේ.
මිට අමතරව තෘණ විශේෂද රැසක්ද ඇත. ඒ අතර නිල්මොනරැස්ස (Uiriculariareticulata), කදුලැස්ස (Dreseraindica),වටැස්ස (Droseraburmanni)ඇත.
මෙම උද්‍යානයේ වන සත්තු අතර හදුන් දිවියා (Felisviverrinas), කොළ දිවියා (Felisrubiginosaphillipsi), මීමින්නන් (Tragulusmeminna), නරියා (Canisaureuslanka) සහ දඬුලේනා (Ratufamacroura) වෙති.
සර්ප විශේෂ අතර පිඹුරා (Python molurusmolurus), තිත් පොළගා (Daboiarusselii), ගැරඩියා (Ptyasmucocusmaximus), පොළොන් තෙලිස්සා (Hypnalehypnale), දෙපත් නයා (Cylindrphismaculatus), හෙල්මල් කරවලා (Chrysopeleaornata), ඇහැටුල්ලා (Ahaetullanasutus), මුදුකරවලා (Bungarusceylonicus) සහ නයා (Najanaja) වෙති.
හොරගොල්ල ජාතික උද්‍යානය වනසතුන් හා වෘක්ෂලතාවන් පිළිබදව පර්යේෂණ කරන්නන්ට පමණක්ම සිමා වුවක් නොවෙයි. නිස්කලංක පරිසරයක සුවයක් මෙහි පැමිණෙන්නෙකුට වීඳිය හැක. පරිසරයේ නිහැඩියාව ආරක්ෂා කරගන තරමට වන සතුන් හොදින් දැකබලා ගැනීමට ඔබට හැකිවනු ඇත.
එමෙන්ම ගෙන ආ කිසිවක් වනයේ තබා නොයාමත් මතකයන් පමණක් රැගෙන යාමත් තුලින් මේ සුන්දර පරිසරය මතු පරපුරටත් නොකිලිටිව දැකබලා ගැනීමට හැකිවනු ඇත. වනසතුන් තුරුලතාවන් නගන හඬට කන්දෙන්න ඉන් ඔබේ සිතට සහනයක් දැනෙනු ඇත. උද්‍යානයට පැමිණෙන්නන්ට ඇති එකම දුෂ්කරතාව නම් පිවිසුම් මග පටු වීමයි. එහි පළල අඩි තුන හමාරකන් පමණය.
එමෙන්ම වාහන නවතා තැබීමේ පහසුකම්ද අඩුය. බලධාරීන් ඒ ගැන සොයා බලා එම පහසුකම් සලසන්නේනම් අනෙක් වනෝද්‍යාන තරමටම මේ වනෝද්‍යානයද වටිනාකමින් වැඩි වනු ඇතැයි ප්‍රදේශවාසීහු කියති.
වැලි මිශ්‍ර මැටි පසක් පවතින මෙම උද්‍යානය පුරාම තෙත් සහිත ස්වභාවයක් පවතියි. පහතරට තෙත් කලාපීය වනාන්තරයක් වන මෙය නිට්ටඹුව නගරයට ආසන්නව පැවතුනද විශාල උෂ්ණත්ව පරාසයක් වර්ෂය පුරා දැකගත හැක. ප්‍රධාන වශයෙන් නිරිත දිග මෝසම් වැසි ලබන උද්‍යානයට වර්ෂය පුරාම විටින් විට වැසි ලැබේ.
උද්‍යානය තුළ ඇති තෘණ භුමි ප්‍රමාණය හෙක්ටයාර් 1.5 ක් වන අතර එය උද්‍යානය තුළ පිහිටි එකම තෘණ භූමියද වේ.
මෙම උද්‍යානය ආශ්‍රිතව තෙත් සදාහරිත වනාන්තර වලට අයත් ශාක ප්‍රජාවන් දැකිය හැකිය. හොර ( Dipterocarpus zeylanicus ), කැකුණ (Canariumzeylanicum ), ගොඩපර (Dilleniaretusa ), දියපර (Wormiyatriquetra ), කිතුල් (Caryotaurens ), බට (Ochlandrastridula ), නැදුන් (Pericopsismooniana ),ඇටබ (Mangiferazeylanicus ), බෝ (Ficusriligiosa ), රුක් (Hoescieldiairyaghedhi ), අන්කෙන්ද (Acronychiaaltilis ), මිල්ල (Vitexpinnata ), මුණමල් (Mimusopselengi ), දෙල් (Artocarpusaltilis ), වෙලංග (Pterospermuscanesens ) වැනි ශාක උද්‍යානයේ බහුලව දක්නට ලැබේ.
උද්‍යානයේ ප්‍රධාන වැල් විශේෂ ලෙස හිඹුටු වැල් (Salaciareticulata), කොරස වැල් (Tetracerasarmentosa), මා වේවැල් (Calamuszeylanicus), පෝට වැල් (Pothosscandens) සහ පුස් වැල් (Entadaphaseoloides) දැකිය හැකිය.
උද්‍යානය ආශ්‍රිතව පක්ෂි විශේෂද බහුලව හමුවේ. ඒ අතර අළු කෑදැත්තා (Ocyeerosgingalensis ), ශ්‍රී ලංකා ගිරා මලිත්තා (Loriculusberyllinus ), හිස කළු කොණ්ඩයා (Pyenonotusmelanicterus ), ශ්‍රී ලංකා අළු ගිරවා (Psittaculacalthropae ), ශ්‍රී ලංකා මුදුන්බොර දෙමලිච්චා (Pellorneumfuscocapillum ), ආසියානු කොහා (Eudynamysscolopacea ), ඇටි කුකුළා (Centropussinensis ) දැකිය හැකිය.
මෙහි ජලාශයේ මගුරා (Clariasbrachysoma ), කනයා (labeodussumieri), කොට පෙතියා (Puntiusfilamentosus) සහ අහිරාවා (Lepidocephalichthysthermalis) යන මත්ස්‍ය විශේෂද සිටිති.
Thursday, June 11, 2015
On 9:44 AM by Unknown No comments
ඒක හරි අපුරු කෑම මේසයක්. මේ කාල සීමාව තුළ ඒ කෑම මේසය ගාවින් දහසක් දෙනා එහාට මෙහාට යන්න ඇති.
ඒ වුනත් එතන ඉද ගත්තේ ටික දෙනයි. ඒකත් හරි අපුරුයි.
කනව.
කනව.
කනව..
කන තරමට ලැබෙනෙ රැදෙන්න වාසනාව.
කන තරමට ලැබෙනවා සිතේ වේදනාවේ අවාසනාව.
හැමෝම හිනාවෙවී කනව
ඒත් කෙනෙක් කන එක දිහා අනෙකා බලා ඉන්නේ හරි අමාරුවෙන්
කුහක කමෙන් පිරුණු කෑම මේසයක්
කෑමවල නෙමෙයි
කන අයගේ
ඒ තරගයේ යෙදෙන්න බැරි මිනිස්සුන්ට ඒ පුටුවෙන් නැගිටින්න වෙනව
හිනාවෙවී එකට කෑම කන එක තරම් සතුටක් තවත් තියෙනවද
ඒ සතුට එතන නැත්නම්
එහෙම කෑමක් මොකටද
තෘෂ්ණාවෙන් කුහක කමෙන් පිරුණු කෑම මේසයට
මිනිසත් කමේ සුවද එන්නේ කවදාද
මතක තියාගන්න
ඔතනින් ඇවිදපු දහසක් දෙනා
නොදන්නවා සේ හිටියාට
කෑම මේසයේ රග දන්නා බව

Subscribe to:
Posts (Atom)
Search
About Me
Popular Posts
-
ගේය පද රචක අධි නීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්නයන් රචනා කරන ලද ගුණදාස කපුගේ ශුරින් ගායනා කරනු ලබන දවසක් පල නැති හේනේ ගීතයේ ඇතුළාන්තයට යන්නට මත්තෙන...
-
අසූව දශකයේ මද භාගයේ පටිගත වුනු අජානේය ස්කුටර් තුරගා පිට වඩිනා ගීතය ප්‍රවීන ගේය පද රචක රත්න ශ්‍රී විජේසිංහයන් ගේ නිර්මාණයක්. ගායනය කරුණාරත්න ...
-
මේ ගීය රචනා කරන්නේ රත්න ශ්‍රී විජේසිංහයන් විසින් සත්‍ය සිදුවීමක් පදනම කරගෙනයි. මේ කතාව වසර තිහක පමණ ඉතිහාසයකට අපව රැගෙන යනවා. මොනරාගල දෙබටව ...
-
ඒ ගිය ශ්‍රවණය වෙත්ම සිහිපත්වන්නේ පළමු සංදේශ කාව්‍ය වශයෙන් හදුවනු ලබන මේඝ දුතයයි. මේඝ දුත කාව්‍යයේ දුතයා වන්නේ වලාකුලකි. සිරකුටියක සිරවී සිට...
-
මුඩුක්කු පරිසරයක ජීවිතය පිළිබදව විග්රහ කරමින් ඒ මුඩුක්කු සංස්කෘතිය විදහා දක්වමින් ලියවුනු නිහාල් නෙල්සන් ගායන ශිල්පියා ගායනය කරන හේමසිරි ...
-
සංහිදියාව ඇතිකිරීමේ සහ වර්ධනය කිරීමේ පරමාර්ථයෙන් රාජ්‍ය අනුග්‍රහයෙන් නිෂ්පාදනය කරන ලද තුන්දෙනෙක් සිනමා කෘතිය නැරබීමට පෙර එම චිත්‍රපටයේ න...
-
කුමක් කරන්නද අමතක කරන්නට වාරු නොමැතිව සිතමින්ම සිටියෙමි මෙසේ ජීවත්විය නොහැකි බව දැනුන කෙනෙහි අමතක කරන්නට උත්සක කලෙමි මලක් දෙස බලා සි...
-
ශ්‍රී ලංකාවේ කුඩාම ජාතික වන උද්‍යානය ලෙස සැලකෙන හොරගොල්ල ජාතික වන උද්‍යානය ජනතාව අතර එතරම් සුප්‍රසිද්ධ නොවූවක් වුවද සතුන් හා ශාක ගැන විවි...
-
මේ වචන ප්‍රේමකීර්ති ද අල්විස් නම් කෘතහස්ත මාධ්‍යවේදියාගේයි. හඩ ආදරණිය වූ මධුර 'ස' ස්වරය.. පෙම්වතෙක් සහ පෙම්වතියෙකු ගේ සමුගනිමකින් අ...
-
ඒක රතුපාට කොටු කොටු කමිසයක් මට මතකයි අද වගේ ඇය ඇද සිටියා මීට වසර ගණනකට පෙර මට අගේ රුව තවමත් මැවෙන්නේ ඒ රතුපාට කොටු කොටු කමිසයත් සම...
Recent Posts
Blog Archive
Powered by Blogger.
Random Posts
Total Pageviews
Contact Form
News
Design
Shooting
Followers