Friday, July 31, 2015
On 4:26 AM by Unknown No comments
රත්න ශ්‍රී විජේසිංහයන් රචනා කර ඇති මෙම ගීතය තුළින් ලාංකේය නර්තන ශිල්පියා පවතින ආර්ථික රාමුව තුළ අසරණ භාවයට පත්ව තිබෙන බව කියවෙයි. සංගීතය එච්. එම්. ජයවර්ධනයන් ගායනය ජානක වික්‍රමසිංහයන්.... නටන තාලය පැටලෙයි පෙනෙන කිරුල සැබෑ ලෙසම ඔහු සතු නොවේ. සැබවින්ම ඔහු මේ නටනවා නොවෙයි වැහැරුණු දෙපා වෙව්ලීමක් පමණයි. කකුලේ ගිගිරි වැලපෙමින් පවසන්නේ මේ ප්‍රකාශනයයි. සාම්ප්‍රදායික නර්තන ශිල්පියා වයසට යත්ම ඔහු කුසලතාවයෙන් සහ ප්‍රතිභාවෙන් ඉහලින් ඉහලටම යයි. නමුත් කායික ශක්තියෙන් පිරිහෙයි. ඔහුට සවියක් වන්නට ආර්ථිකය ශක්තියක් සපයන්නේ නම් නැත. කරලියේ පෙනෙන වර්ණවත් බව සැබෑ ජිවිතයේ දකින්නට නොමැත. වන්නම සේම තානම සුමිහිරි නැත. මේ ගිරෙන් ගිරට පැන යාම නර්තනයේදී හැකි වුවද සැබෑ ජීවිතය එසේ ගත කිරීම පහසු වන්නක් නොවන බව ගී පද රචකයා මෙහිදී පවසයි. රගබිමෙන් බසිනවිට කලාකරුවා සතුව සන්තකයට පැවති නර්තන ආභරණ සියල්ලත් අවසානයේ සින්න වී ඇත. රංග භුමිය ඔහුගේ ජීවිකාව සරි කරන්නට තරම් සවිමත් නැත. යහළුව සැබෑ ලෙසම රිදී කාසි සොලවන්නට බෙරපදය ප්‍රමාණවත් නොවේ. කලාකරුවාගේ ඉරණම සහ ආර්ථිකය යන සාධකය හමුවේ ඔහු පෙළෙන වේදනාබර තත්වය මේ ගීතයෙන් මනාවට විද්‍යාමාන කරන්නට ගී පද රචකයා සමත්ව තිබේ. සංගීතය ඒ පදමාලාවට සහ කතාන්දරයට ගැලපෙන ලෙසම සකස්වී ඇත. ගායන අප හදවත් තුළට ගීතයේ අර්ථය ඇතුළු කරන්නේ ඉතාම මෘදු ලෙසිනි.
Thursday, July 9, 2015
On 7:36 AM by Unknown 1 comment
මේ වචන ප්‍රේමකීර්ති ද අල්විස් නම් කෘතහස්ත මාධ්‍යවේදියාගේයි. හඩ ආදරණිය වූ මධුර 'ස' ස්වරය.. පෙම්වතෙක් සහ පෙම්වතියෙකු ගේ සමුගනිමකින් අනතුරුව ඔවුන් පිළිබදව මැවෙන මතකය දෙදෙනාටම අනන්‍ය වේ. එය සැගවිය නොහැක. කුමන හේතුවක් මත හෝ හමුවුනත් දන් ඔවුන් වෙන්වනු දෙදෙනෙක්. කෙසේ නමුත් පැරණි මතයක මිහිරියි. වෙන්වීමේ හේතු කෙතරම් කුරිරු වූ නමුත් ආදරණිය මතකයන් සදා මිහිර ඉතුරු කරවාලයි. දින සති ගෙවී යත්ම දෙදෙනාගේම ජීවිත විවිධ දිශානතීන් වලට ගලාගෙන යයි. පසුව හැරී බලන කළ දන ඔවුන් සදහා අයිතිකරුවන් සිටියි. එවැනි අවස්ථාවකදී වුවත් පැරණි ආදරයට හිත තුල ජිවත් වීමට බාධාවක් නැත. මේ එවැනි මොහොතක සිදුවන ප්‍රාර්ථනයක් ලෙස පෙන්වාදීමට කැමැත්තෙමි. අපි හැගුම් වලට මේ අවස්ථාවේ දී මොහොතකට ඉඩ දෙමු. අප දෙදෙනා අතර පරතරය වියතක් තරම් දුර තබාගමු. ස්පර්ශ වන ලෙස ලංවන්නේ වත් වඩාත් ඈතින් සිටින්නේත් නැත. පැරණි මතකයන් ආයෙත් සිහිපත් කරමින් හදපානේ මද අදුර මැදින් නැවතත් මතක අතරේ ඇවිදගෙන යමුද? ....
ඔබේ වර්තමාන හිමිකරුගෙන් සහ මගේ වර්තමාන හිමිකරියගෙන් මිදී සෙමින් රහසේ ඇවිත් හමුවී හදපානේ මද දුරක් ඇවිදගෙන යමු. සිතතුළ සිරකර තිබෙන සෙනෙහස හැඩුමකින් පිටකරමු. නමුත් අපි ප්‍රර්ථනා සහිතව සිනාසෙමු මතු ආත්මයේදී නියත ලෙසම හමුවෙන ප්‍රාර්ථනාව ඇතිව. මේ සියල්ල සිදුවන්නේ එක් දිනක රාත්‍රියේයි. ගීය අවසානයේ පවසන්නේ යමු වෙන්වී හිමිදිරියේ යනුවෙනි. ..... මේ පදමාලාව ඇසෙන ඕනෑම අයෙකු ගීතය අවසානයේ මේ අත්දැකීම තමන්ගේ කොට තනිවම විද අවසන්ය සැබවින්ම.....
අපි හැගුම් වලට ඉඩදී මොහොතක්
ඉඩ ලබා ගනිමු තරමින් වියතක්.....
හදපානේ මද අදුරේ.....
අත් පටලා යමු ආයේ......
ඉඩ ලබා ගනිමු තරමින් වියතක්.....
හදපානේ මද අදුරේ.....
අත් පටලා යමු ආයේ......
ඔබ ඔබෙ සෙවනැල්ලෙන් මිදී....
මම මගෙ සෙවනැල්ලෙන් මිදී....
අවුදින් සෙමින් රහසින් මුමුණා...
හදපානේ මද අදුරේ.....
මම මගෙ සෙවනැල්ලෙන් මිදී....
අවුදින් සෙමින් රහසින් මුමුණා...
හදපානේ මද අදුරේ.....
සිරකර හසරැල්ලෙන් හැඩුම්....
අපි හිනහෙමු සපුරා පැතුම්.....
මතු ආත්මයේ හමුවෙන පැතුමෙන්
යමු වෙන් වී හිමිදිරියේ.....
අපි හිනහෙමු සපුරා පැතුම්.....
මතු ආත්මයේ හමුවෙන පැතුමෙන්
යමු වෙන් වී හිමිදිරියේ.....
Tuesday, July 7, 2015
On 10:07 PM by Unknown No comments
තරගයකදී තරගයෙන් බැහැරව තරගය ජීවිතය කරගන්න ඔබට
අන් අය හා තරගයක් තැබීමට අවැසි නොවනු ඇත
අතරමග ජයක් නොපෙනුනත්
තරගය අවසානයේ ජයග්‍රහණය
ඔබට හිමිවනු ඇත
නිව වැඩ කරන්න
ඉන් නැගෙන
ප්‍රතිරාවයට
හඩනගන්නට ඉඩදෙන්න .......
Monday, July 6, 2015
On 7:29 AM by Unknown No comments
මේ පදමාලාව ස්ටැන්ලි පීරිස් නම් පදරචකයාගේයි. මියුරු හඩ හදවතර ආදරය එකතු කරන කිර්ති පැස්කුවෙල් ගායන ශිල්පියාගේ. මෙවැනි අත්දැකීමක් ඇතැම් විට කෙනෙකුට තියෙන්නට පුළුවන්. මේ අමුතුම අත්දැකීමක් සංකල්පනාවක්. නමුත් බොහෝ දෙනෙකුට මේ අත්දැකීම නැතිවා නොවෙන්නට පුළුවන්. ඊට හේතුව අප ළග ඇති වස්තුවට වඩා අපට අහිමි වූ එසේ නැත්නම් අප ළග නොමැති වස්තුවේ අගය දැනීමයි. එය සාමාන්‍යයි අප එය වටහාගත යුතුයි. මෙහි පදමාලාව එවැන්නක් ගැනයි. මේ ආදරවන්තයෙකුගේ ආපසු හැරී බැලීමක්.....
ඔහුට සිය පැරණි පෙම්වතිය සිහිවෙනවා. ඇය තවමත් රන්තරු පායන අහස දිහා බලාගෙන සිනාසෙනවා. ඔහු ඇගෙන් අහනවා ඇයි ඔබ තවමත් හිනැහෙන්නේ යනුවෙන්. මේ වන විට ඔහුගේ ආදරය වෙනෙකෙකු සතුවෙලා. දැන් අගේ පරණ පෙම්වතියට පෙම්වතෙකු සිටියි. ඔහුගේ හදවත දිනු ආදරය දැන් සොරාගෙන ඇත්තේ වෙන අයෙක්. මේ සම්බන්ධය නැවතිලා බොහෝ කලක් ගොසින්. සම්බන්ධය නවතින මොහොතේ ඔහුට ලොකු දුකක් ඇති නොවුන නමුත් ඔහුට දැන් පසුතැවීමක් දැනෙයි. ඒ මෙසේ වෙන්වීමක් සිදුවුනේ තමන්ගේ නොසැලකිලිමත් බව හේතුවෙන් යනුවෙන්. මිහිර සොයාගෙන ගිය ඔහුගේ ජීවිතය දැන් කදුලැලිත් සමගයි ජිවත් වන්නේ. ඔහු සිය පැරණි පෙම්වතියගෙන් නැවත නවත් සමාව ඉල්ලා සිටින්නේ ඇය අත වරදක් නොමැති බවත් තමා සතුව වරද පවතින බවත් සිතමින් පසුතැවෙමින්. මෙවැනි පෙම්වතුන් අප අතරත් ඕනෑ තරම් සිටින්නට පුළුවන නමුත් එය පිටතට පෙන්නේ නැත. මෙවැනි ගීයක් ශ්‍රවනයෙන් අපේ හදවත් අපේ ඇතුලාන්තය අපට එය ඉගි කරාවි.
රන්තරු පායන අහස බලාගෙන ඇයි ඔබ තව හිනැහෙන්නේ
මගේ හද දිනු ආදරය සොරාගෙන වෙනෙකෙකු නොවැ අද ඉන්නේ
මිහිර සොයා ගිය මගේ ජිවය දැන් කදුලැලි හා ලතවන්නේ
සමාවෙයන් සොදුරියේ තවමත් මා අතමයි වරද තියෙන්නේ
ඔහුට දැන් ජිවිතයට මාර්ගයක් පෙන්වීමට කෙනෙකු නොමැති සේයා. ඔහුගේ මුළු ජිවයම පෙර පෙම්වතිය හා බැදී ඇත. වෙනත් මගක් යාමට හෝ වෙනත් මගක් ගැන ඔහුට සිතෙන්නේද නැත. කුඩා රුවල බැද තනිවම සයුර මද සිට කොහෙට යන්නයි සිතාගත නොහැකිව ඔහු පසුවෙයි.
කුඩා රුවල බැද තනිව සයුර මද ඈත අතීතය දෙස බැලුවේ
කොහේ සිටන් කොයිබට මා යාවිද මටනම් නෑ වැටහෙන්නේ
ඔහුගේ හදවත් දැන් කැඩී බිදී ගොස් අවසන් එය නැවත කාට එකතු කිරීමට හැකිවේදැයි ඔහුට විශ්වාසයක් නොමැත.ඔහු අදටත් පවසන්නේ මෙතරම් දෙයක් වී නමුත් තවමත් මගේ අදවත තුළ සිටින්නේ ඔබ බවයි. මේ සෙනෙහස තාමත් ඔබ වෙනුවෙන් වෙන්වී ඇති බවයි. එය ඇයට කිසිදා නොඇසෙනු ඇත. එමෙන්ම නොවටහෙනුද ඇත. සැබෑ ආදරය ඇත්තේ මොහුගේ හදවතෙයි, ඔහුගේ පසුතවිමද ඒ ආදරයේ සත්‍යවාදී බව නැවත නැවතත් සාක්ෂි දරයි. ඔහු සමාව ඉල්ලිමම පසුතවිමම සෙනෙහස පැහැදිලි වීමකි. මුළු ජිවයම ඇය වී අවසන් බව ඔහුට දැන් වැටහී ඇත.
පලා දෙපලු කළ හදවත දැන් නම් කාට එකතු කළ හැක්කේ
බලාගන්න සෙනෙහස තව ඔබටයි මා හදතුල හැම වේලේ

Sunday, July 5, 2015
On 8:00 AM by Unknown No comments
ගුණදාස කපුගේ ශුරින් විරෝදාකල්ප ගීත සාහිත්‍යයේ විශේෂ සංධිස්ථානයක් සනිටුහන් කළ සමාජවාදී මතදාරී ප්‍රගතිශීලි ගායකයෙකි. ඔහු ධනපති ආණ්ඩුව ගීතයෙන් විවේචනය කළ අයෙක්. ඔහුට ලැබුණු ස්ථාන මාරු ඔහුව මර්දනය කිරීම වෙනුවට තව තවත් ඔහුව දිරිගැන්වීමට හේතු විය, සැබවින්ම විරෝදාකල්ප ගීත සාහිත්‍ය පොහොසත් කිරීමට හේතු වූ බවද කිව යුතුය. මේ ගීයේ රචකයා ගුණදාස කපුගේ ශුරින් මෙන්ම නිරන්තරව දේශපාලන පලිගැනීම් මත දුෂ්කර සේවයේ සිටි රත්න ශ්‍රී විජේසිංහයන්ය.
මගෙ බිසවනේ අසාපන්
මේ කදුළු ඇයිද දෑසේ
නුබ චන්ද්‍ර මඩල වැන්නේ
මගෙ බිසවනේ අසාපන්
නුබ මන්ත්‍රී දෙවි නොවුණි
දුෂ්කර වූ ඒ පළාතේ
මට යන්න දෙන්න දේවි
ආණ්ඩුවේ පලිගැනීම් මත දුෂ්කර මාරුව අනිවාර්ය අංගයකි. ඔහුව දැන් දුෂ්කර පළාතකට මාරු කර ඇත. දැන් දුෂ්කර ක්‍රියාවක දීමට සිදුවේ. මෙවැනි අවස්තාවක බිරිද ඔහුට එතරම් දුරක යන්නට නොදෙයි. එසේ යනවානම් ඇයද එන්නට සැරසෙයි. මෙහිදී සිදුවන්නේද එවැනිම තත්වයකි. ඔහු සිය බිරිදට බිසව ලෙස ආමන්ත්‍රණය කරයි. නුබ මට බිසවක් වුවාට මා සමග දුෂ්කර ක්‍රියාවක යෙදෙන්නට නුබ මන්ත්‍රී දේවිය නොවෙයි. ඒ හේතුවෙන් ඔබව මෙහි දමා මට පමණක් එහි යන්නට ඉඩදෙන්න ඒ ඔහුගේ ඉල්ලීමයි. එකට එක්වී පාරමිතා පුරන අවස්තාවක් නොවෙයි මෙය.
මේ කදුළු ඇයිද දෑසේ
බෑ යන්ට නුබට හිමයේ
ගොස් ඉන්ට කුලී නිවසේ
විෂඝෝර සර්ප භවනේ
ඔහු පසුව පැහැදිලි කරයි. නුබට වෙස්සන්තර රජු සමග මන්ත්‍රී දේවිය හිමාලයේ ගියා මෙන් මා සමග යාමට මෙය සුදුසු අවස්ථාවක් හා කාලයක් නොවෙයි. කුලී නිවසක කල් ගෙවන්නට ඒ විෂඝෝර භවනේ නුබට හැකියාවක් නොමැත. සමාජීය වශයෙන් සිදුවන සිදුවීම් අනුව මෙසේ කුලී නිවස විෂඝෝර භවනක් ලෙස ඔහු හදුන්වා ඇත.
නුබ චන්ද්‍ර මඩල වැන්නේ
සා පැටව් එහි නිදන්නේ
හාමතේ නොයා දරුවෝ
නවතින්න බිසව් නගරේ
නුබ නොදී එතෙර රටටා
දරු නොදී වහල් කමටා
දිවි පුදා තොප රකින්නම්
නොපුරා ඒ බෙත් පෙරුම්දම්
ඔහුගේ බිරිද චන්ද්‍ර මණ්ඩලය වගෙයි. රූමත් එමන්ම දරුවන් සිටින මවක්. මා සමග දුෂ්කර සේවයට යාමෙන් සිදුවන්නේ නුබත් දරුවනුත් හාමත් වීමයි. ඒ හෙයින් දරුවන් හාමත් නොකර නගරයේම නවතින ලෙස ඔහු අයට පවසයි. ඒ වකවානුව වන විට විවෘත ආර්ථිකයේ ආගමනයත් සමගින් රට රැකියාව සදහා ගෘහණියන්ට අවස්ථා විවර වී ඇත. නුබව රට රකියවෙත් නොයවා දරුවන් වහල් කමටත් නොදමා මා මේ දුක්විදින්නේ නුබලාව රැකබලා ගැනීමටයි. මෙසේ දුෂ්කර යන්නේ බෝසත් පාරමිතා ධර්මයන් පිරීමට නොවෙයි යනුවෙන් ඔහු අවසන් වශයෙන් පවසයි.
පැවති සහ පවතින සාමාජ ක්‍රමයේ යතාර්ථය මෙයයි. දේශපාලන පලිගැනීම් මත මෙවැනි සිදුවීම් සිදුවීම සාමාන්‍ය සිදුවීමක් ලෙස අප දකියි. නමුත් එවැනි අවස්ථාවකට මුහුණ දුන් පුද්ගලයෙකු පුද්ගලිකව මුහුණදෙන සමාජීය කාරණාවන් මෙම ගීතයෙන් මැනවින් විග්‍රහ කර තිබේ. මෙම ගීය මනා ලෙස වෙස්සන්තර ජාතකයේ දුෂ්කර ගමන හා වර්තමාන සිදුවීම් සසදමින් ඉදිරිපත් කිරීමට රචකයා සමත් වී තිබේ. හැමදෙනාගේම කතා බහට ලක්වන නමුත් වැඩි ගැබුරු අවධානයකට ලක් නොවන අවස්ථාවක් ලෙස මෙය පෙන්වා දිය හැකිය. රැකියා මාරු කිරීම් අසා ඇති නමුත් ඔවුන් පුද්ගලිකව මුහුණදෙන දුෂ්කරාතා පිළිබදව වැඩි අවධානයක් යොමුවන්නෙම නැත.
Saturday, July 4, 2015
On 9:40 PM by Unknown No comments
මේ ගීය සිය සත්‍ය අත්දැකීමක් පදනම් කරගනිමින් ලුෂන් බුලත්සිංහලයන් විසින් රචනා කරන ලද හදවත් තදින් බැදගත් ගීයක්. රෝහණ වීරසිංහයන් සංගීතවත් කරන ලද ගීත නිතර අසන්නට ලැබුනද ඔහු ගායනා කරන ගීත නිතර අසන්නට නොලැබෙයි. මේ ඔහු ගායනා කරන ගීයක්. ගීතයේ වචන අතර ගීය ශ්‍රවනය කරන ඕනෑම කෙනෙකුගේ හදවත් අතරමන් වීම අමුතුවෙන් කිව යුතු නැත. මේ අත්දැකීම ඕනෑම කෙනෙකුට සමීප නැති වුවත් ඒ සංවේදී අවස්තාව තමන්ගේ කරගැනීමට ශ්‍රාවක ඔබ මා මෙන්ම ප්‍රිය බව දනිමි.
කිසියම් සිදුවීමක් විදහා දැක්වීමක් මෙන් පෙනුනද මේ ගීය පිටිපස උතුම් ප්‍රේමවන්තයෙකුගේ චින්තර රටාවන් විද්‍යාමාන වේ. මහනුවරට නගරයට සිහින් පිනි වැස්ස නිතර ඇතිවන්නක්. වැස්ස තරමක් වැඩි වෙලාවක රියක් ඇතුළේ ගමන් කරන කාන්තාවක් දැකීමෙන් මේ පාරේ ගමන්කළ පුද්ගලයාගේ මතකය ඈත අතීතයක් වෙත ගෙනයයි. මේ රිය ඇතුළේ ගමන් කරන්නේ ඔහුගේ පැරණි පෙම්වතියයි. අගේ මුහුණ දුටු පමණින්ම පෙම්වතාගේ දෑස ඉගිලී යන්නේ අතීත මතකයන් වෙතයි.
මුතුකුඩ ඉහලන මල් වරුසාවේ
උද ඉගිලෙන විට වැහිලේනි
එබී බලා කවුළු දොරින්
යටගිය දවසේ දෑස ගියා ඉගිලී
මෙවැනි වැසි වසින වේලාවන් වල අනන්තවත් ඇයත් සමග අතින් අල්ලාගෙන නුවර ඇවිදපු අයුරු ඔහුට සිහිපත් වෙයි. ආදර වදන්, අනාගතය සැලසුම් කල හැටි, එකිනෙකා වැළදගත් සැටි ඔහුට එක පෙලට සිහිවෙයි. අද එවැනිම වැසි වෙලාවක තැන් දෙකක ගමන් කරන්නේ පෙර එකට ගමන් කල දෙදෙනාම බව ඔහුට ඒ නිමේෂයෙන් සිහිවෙයි.
අදුරු ලලා සෙන්කඩ ගල වැස්සේ
දිය දහරා පාටයි දේදුන්නේ
තෙමී තෙමී ආදර මදු වැස්සේ
ගීය දෙදෙනා අද යනවා දෙමන්තලේ
ඇයට විරහ වේදනාවක් නොමැත. මතකයන් සිතේ ඇති නමුත් ඒවා පීඩා ගෙනදෙන්නේ නැත. හේතුව ඒවා යටපත් කිරීමට අගේ වර්තමාන පෙම්වතා සිටීමයි. ප්‍රේමයේ විරහව දැනෙනුයේ අතහැර ගීය ඇයට නොව අගතියට පත්වූ පුද්ගලයාටයි. පරිසරයේ තිබෙන වර්ෂාව සීතල දැනෙනුයේ පරාජිත පෙම්වතාට පමණි. නමුත් රිය ඇතුළේ ගමන් කරන ඇයට ඒ වේදනාව දැනෙන්නේ නැත. ඇයව රිය ඇතුළේ උණුසුමෙන් ආරක්ෂා වී තිබේ. මේ සියලු පීඩා මැද්දේ පෙම්වතාව තව තවත් පිඩාවට පත්කරමින් ඇය ගමන් කරමින් සිටින රථයේ රෝදයක් මඩ වලකට වැටීමෙන් ඔහුව නෑවී යයි. එයින් ඔහුට එදා මෙන්ම කේන්ති ගියේ නැත. හිතට මහත් වේදනාවක් දැනෙන්නට ඇත. නමුත් ඔහු එය පිටකලේ නැත. අනෙකාගේ සතුට පතන සත්‍ය ප්‍රේමවන්තයෙකු මෙන් මෙහිදීද ඔහු නිහඩව හිත හදාගන්නේ අපේ සබදකම් රියසක නොදන්නා බව සිතමිනි. වර්තමාන ප්‍රේමවන්තයා ඔහු හා ඈ කෙරෙහි වූ සබදකම දන්නේ නැත. එහි වරදක් දොසක් වර්තමාන ප්‍රේමවන්තයාට සිදුකල යුතුද නැත. ඔහු තම පෙම්වතියට දොසක් කියන්නේද නැත. මේ අව්‍යාජ ප්‍රේමයේ ස්වභාවයයි. බෝසත් හදවතකින් යුතු ප්‍රේමනීය හැගීම එසේමයි. සැබෑ ලෙසම ආදරය යනු මෙයයි. ඔහු සිය පෙර ආදරයට කිසිදා වෛර කරන්නේ නැත. ඔහු සතුවූ උතුම් හැගීම් කිසිදා වියැකී යන්නට ඉඩ හරින්නේ නැත.
රිය ඇතුළේ උණුසුම ඔබට දිදී
නහවයි රියසක මඩ වතුරේ
නෑ හිත රිදුනේ අදත් එදා සිහිවී
අපේ සබදකම් නෑ රියසක දන්නේ
විරහවේ මිහිරියාව විදින ප්‍රේමවන්තයින් වන්නට හැකිනම් ආදරය ඉතා සුන්දර දෙයක් බවට පත්වනු ඇත. කෙසේ නමුත් මේ ගීය අවසානය ලුෂන් බුලත්සිංහලයන් ට කිව යුත්තක් ඇත. මේ සිදුවීමේ පරාජිතයා රියතුල සිටි කාන්තාවයි. හේතුව ඇයට නියම ආදයර දැක්වූ පුද්ගලයා ඇයට අහිමිවීමයි.
On 8:43 AM by Unknown 3 comments
මේ ගීය රචනා කරන්නේ රත්න ශ්‍රී විජේසිංහයන් විසින් සත්‍ය සිදුවීමක් පදනම කරගෙනයි. මේ කතාව වසර තිහක පමණ ඉතිහාසයකට අපව රැගෙන යනවා. මොනරාගල දෙබටව ගමේ කුඩා දැරියක් ජිවත් වෙනවා. පවුල නඩත්තු කරන්නේ ඇය විසින් වැවෙන් මල් කඩාගෙන ඒවා විකුණමින්. මේ සිදුවීම සිදුවන්නේ 1981 දී, ඇය පාසල් යන්නේ ඔක්කම්පිටිය ජනපද විද්‍යාලයට, ඒ සිදුවීම වන විට අගේ වයස අවුරුදු 11 ක්. සත්‍ය සිදුවීමට අනුව ඇය මල් විකුණා ඇත්තේ දෙමටමල් විහාරයේයි. ගීතයේ රිද්මය ආරක්ෂා කරගැනීම සදහා වැව සහ පන්සලේ වෙනසක් සිදුකර තිබේ.
මේ සිදුවීම පිළිබදව රත්න ශ්‍රී විජේසිංහයන් සිදුකල ප්‍රකාශයක් උපුටා දැක්වීමට කැමැත්තෙමි.
"1981 අවුරුද්දේ ඒ කාලේ තිබුණු ආණ්ඩුව මාව ගහක් උගුල්ලනවා වගේ ගලවල විසි කරනවා මොනරාගලට, මාව වැටෙන්නේ ඔක්කම්පිටිය ජනපද විද්‍යාලය කියන ඇති දුෂ්කර පාසලට . ඒ පාසලේ දරුවන්ට වැසිකිලියක් වත් තිබුනේ නෑ ඒ පාසලට ආව 7 පන්තියේ දැරියක් බොහොම දක්ෂයි. දවසක් පන්තියට ගියාම මේ දැරිය හිටියේ නෑ. මම ඇහුව අයි කියල දැනගන්න ලැබුනේ කනගාටු දායක ප්‍රවෘත්තියක් ඇය මැරිල කියලා. මම වරුවක නිවාඩුවක් දාල තව ගුරුවරයෙකුත් එක්ක යනවා අගේ මළගෙදර හොයාගෙන. ඒ මළගෙදර තිබුනේ ඔක්කොම්පිටිය දෙමටමල් විහාරයේ පොඩි වැවක් තිබුණා ඒ වැවට කිට්ටුව. දෙමටමල් විහාරය කියන්නේ දුටුගැමුණු සද්ධාතිස්ස යුද්ධය තිබ්බ කාලේ සද්ධාතිස්ස හැංගුණ පන්සල. ඒ ගේ කටුමැටි ගාපු ගෙයක්. ගේ කොච්චර පොඩිද කියනවානම් ඒ ගෙදර අගේ දේහය තියන්නවත් ඉඩක් තිබුනේ නෑ. ගෙයින් එලියට යාලත්තක් බාල දේහය තැම්පත් කරලා තිබුණා. ඒ මඩුව හදල තිබුනෙත් පෙට්ටිය අරන් දීල තිබුනෙත් ගමේ ඇය සල්ලි එකතු කරලා. මට හොදට මතකයි ඇයට අන්දලා තිබුනේ පාඩු පාට වෙච්ච පාසල් ඇදපු සුදු ගවුම. මළගෙදර දහයක් දොළහක් වත් හිටියේ නෑ. කවුරුත් අඩුවේ නෑ. තාත්ත මැදිවියේ කෙනෙක් මගේ වයස ඒ වෙනකොට 25 ක්. මම තාත්තට කිට්ටුවෙලා අහනවා මොකද වුනේ කියලා තාත්ත කියනවා , මහත්තයෝ මේ ළමයා හැමදාම ඉස්කෝලේ ගිහිල්ලා වැවට යනවා මල් කඩන්න, මල් කඩලා විකුනනවා පන්සලට යන ඇයට, එයා ඒ මුදලින් එයාට අවශ්‍ය දේවල් ගන්නවා ඒ වගේම ඉතුරු වුනොත් ගෙදර වියදමටත් දෙනවා. ඒ නොවැම්බර් මාසේ වහිනවා වැඩියි. වැව පිරිලා දවස් දෙකකට පස්සේ පෝයක් එනවා පෝයට පන්සලට සෙනග එනවා වැඩියි. ඉතින් ඇය කල්පනා කළා වැඩියෙන් මල් කඩාගත්තොත් වැඩියෙන් විකුණගන්න පුළුවන් කියලා. ඇය රෑ වෙනකන් ගෙදර අවේ නෑ. මිනිස්සු කළුවර වෙනකොට හුළු අතු පත්තුකරන් හොයනවා.හොයාගන්න බැරි වුණා පහුවෙනිදා පාන්දර අගේ මිනිය
පාවෙලා ඇවිල්ල ගොඩගහල තියෙනවා වැවේ ඉවුරේ. අගේ අතේ ලිහී ගීය නෙලුම් මල් දෙකක් රැදිලා තිබුණා. මේ සිද්ධිය ඇහුණාම මහා විශාල කම්පාවක් මගේ හිතේ ඇතිවුනා."
පොහොය දවසේ මල් නෙලාගෙන පන්සලට ගොස් ඒවා විකුණන ඒ දැරියගේ ජීවිතය සරි කරපු වැවම අවසානයේ අගේ ජීවිතය බිලිගන්නවා. අගේ දේහය තැබීමට වත් නිසි ස්ථානයක් නිවසේ නොතිබුණු බව සදහන් වේ. කෙසේ නමුත් මේ සංවේදී අවස්තාව රත්න ශ්‍රී විජේසිංහයන් ඒ සංවේදී බව ආරක්ෂා කරමින්ම රචනා කර ඇති අතර පණ්ඩිත අමරදේවයන්ගේ මධුර ස්වරය එයට ජිවයක් එකතු කරන්නේ අපේ නෙත් වලට කදුලක්ද එකතු කරමිනි..
සුදු නෙළුම කෝ සොරබොර වැවේ
මල් සුවද දුන් මහියංගනේ
පුන්පොයදා පාළොස්වකේ
මල් නෙලා විකුණු පන්සලේ
වැවට කළුවර යා වුනා
සංසාර දුක බෝ වුනා
නෙලුම් මල් මිට ඉහිරුනා
එහා ඉවුරට පා වුණා
සිහින සිරිපොද වෑහුණා
ඉවුරු දෙකොපුල් සේදුනා
සුදු නෙලුම් මල දෑස පියවි
මෙහා ඉවුරට පා වුණා .....
Subscribe to:
Posts (Atom)
Search
About Me
Popular Posts
-
ගේය පද රචක අධි නීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්නයන් රචනා කරන ලද ගුණදාස කපුගේ ශුරින් ගායනා කරනු ලබන දවසක් පල නැති හේනේ ගීතයේ ඇතුළාන්තයට යන්නට මත්තෙන...
-
අසූව දශකයේ මද භාගයේ පටිගත වුනු අජානේය ස්කුටර් තුරගා පිට වඩිනා ගීතය ප්‍රවීන ගේය පද රචක රත්න ශ්‍රී විජේසිංහයන් ගේ නිර්මාණයක්. ගායනය කරුණාරත්න ...
-
මේ ගීය රචනා කරන්නේ රත්න ශ්‍රී විජේසිංහයන් විසින් සත්‍ය සිදුවීමක් පදනම කරගෙනයි. මේ කතාව වසර තිහක පමණ ඉතිහාසයකට අපව රැගෙන යනවා. මොනරාගල දෙබටව ...
-
ඒ ගිය ශ්‍රවණය වෙත්ම සිහිපත්වන්නේ පළමු සංදේශ කාව්‍ය වශයෙන් හදුවනු ලබන මේඝ දුතයයි. මේඝ දුත කාව්‍යයේ දුතයා වන්නේ වලාකුලකි. සිරකුටියක සිරවී සිට...
-
මුඩුක්කු පරිසරයක ජීවිතය පිළිබදව විග්‍රහ කරමින් ඒ මුඩුක්කු සංස්කෘතිය විදහා දක්වමින් ලියවුනු නිහාල් නෙල්සන් ගායන ශිල්පියා ගායනය කරන හේමසිරි ...
-
සංහිදියාව ඇතිකිරීමේ සහ වර්ධනය කිරීමේ පරමාර්ථයෙන් රාජ්‍ය අනුග්‍රහයෙන් නිෂ්පාදනය කරන ලද තුන්දෙනෙක් සිනමා කෘතිය නැරබීමට පෙර එම චිත්‍රපටයේ න...
-
කුමක් කරන්නද අමතක කරන්නට වාරු නොමැතිව සිතමින්ම සිටියෙමි මෙසේ ජීවත්විය නොහැකි බව දැනුන කෙනෙහි අමතක කරන්නට උත්සක කලෙමි මලක් දෙස බලා සි...
-
ශ්‍රී ලංකාවේ කුඩාම ජාතික වන උද්‍යානය ලෙස සැලකෙන හොරගොල්ල ජාතික වන උද්‍යානය ජනතාව අතර එතරම් සුප්‍රසිද්ධ නොවූවක් වුවද සතුන් හා ශාක ගැන විවි...
-
මේ වචන ප්‍රේමකීර්ති ද අල්විස් නම් කෘතහස්ත මාධ්‍යවේදියාගේයි. හඩ ආදරණිය වූ මධුර 'ස' ස්වරය.. පෙම්වතෙක් සහ පෙම්වතියෙකු ගේ සමුගනිමකින් අ...
-
ඒක රතුපාට කොටු කොටු කමිසයක් මට මතකයි අද වගේ ඇය ඇද සිටියා මීට වසර ගණනකට පෙර මට අගේ රුව තවමත් මැවෙන්නේ ඒ රතුපාට කොටු කොටු කමිසයත් සම...
Recent Posts
Blog Archive
Powered by Blogger.
Random Posts
Total Pageviews
Contact Form
News
Design
Shooting
Followers