Wednesday, July 1, 2015
On 9:00 AM by Unknown 3 comments
පෙම්වතුන් පෙම්වතියන් වෙන්වීම සාමාන්‍ය දෙයකි. එක් අයෙකුගේ ආත්මාර්ථකාමිත්වය එසේ වීමට හේතු විය හැකිය. එසේත් නැත්නම් නොගැලපීම දෙදෙනකු වෙන් කරවනු ඇත. ආදරය වෙනුවෙන් වෙන්වීම ඉතාම පුජනිය වේ. එසේ සිදුවූ අවස්ථා අල්පය. ආදරයේ නියම අරුත එක්වීම පමණක්ම නොවිය හැක. වෙන්ව සිටීමද ආදරය විය හැකිය. මේ ගීය වෙනස්ම තැනකට අපව රැගෙන යනු ඇත.
රුවල් ඉරී ගීය නෞකාවේ
නියමුවානෙනි
නොගිලී දළ රළ පෙළ අතරේ
මා හා යා නොහැකිය
ගොඩබිමකට
මේ ගීය වසර සිය ගණනක් ඈත ඉතිහාසයකට අපව ගෙනයනු ඇත. සොලී ආක්‍රමණ හේතුවෙන් වළගම්බා රජතුමන්ට රාජ්‍ය අතහැර පලායන්නට සිදුවිය. රජු පලායන විට රථයේ සිටි පිරිස හේතුවෙන් රථයේ ගමනට බාධා එල්ලවිය. මේ අවස්ථවේ සෝමා දේවිය සිතන සිතුවිල්ලක් ලෙස මෙය පෙන්වා දිය හැකිය. නෞකාවේ රුවල් ඉරි ගීය පසුව ගමන ඉතා දුෂ්කරය. දළ රළ පෙළ හමුවේ නොගිලී යාමට මා බාධාවකි. ඔබට මා හා යාමට නොහැකිය.
දෝතට එක්කල වැසිදිය පොවමින් පවසට
ඉරුණු රුවල් රෙදි දවටා සදමින් උණුසුම
මා රැකගත් ඔබ රැකගත යුතුවේ අද දින
දියබේ නවතිමි යනු මැන පෙරමග තනිවම
ඇයව රැකබලා ගත් ආකාරය මෙහි කියවේ. මුහුදේ කරදිය හේතුවෙන් පානයට සුදුසු ජලය නොමැත. වැසි දිය අයට ලබාදෙන ලද්දේ දෝතට එකතු කරමිනි. ඇයට උණුසුම සාදා දෙන ලද්දේ ඉරුණු රුවල් රෙදි දවටමිනි. එසේ මා රැකබලා ගත් ඔබව අද මා රැකගත යුතුව ඇත. ඇය තීරණයක් ගත්තේ දියබේ නැවතීමටය. ආදරයේ ඇති නියමැ පරිත්‍යාගය නම් මෙයයි.
රථයෙන් බැස සොළින්ට සෝමා අසුවිය.
සුන්බුන් නැව දැන් දියබත් වී යයි හෙමිහිට
අත්හළ මැන දැන් මෙතුවක් මට බැදි සෙනෙහස
දෑස පියාගෙන මා බිලිදී දිය ගබුරට
ගැලවී යනු මැන මේ විපතින් සිත දැඩිකොට
සෝමා දේවිය රථයෙන් බැසීමට තීරණය කළද ඒ සදහා වළගම්බා රජුට අවසර දීමට කෙතරම් අසීරු වන්නට ඇත්ද ? ඇයව දියබට බිලිදෙන ලෙස පවසන්නේ දෑස වසාගෙනය. සිදුකිරීමට අසීරු දෙයකි. වළගම්බා රජු වසර 12 ක් සගවා සිට සේනා සංවිධානය කර සොලින් පලවා හැර සිරිලක නැවත එක් සේසත් කළේය. සෝමා දේවිය රථයෙන් බසින ලද ස්ථානයේ සෝමාවතී වෙහෙර ඉදිකරන ලදී. මේ ගීය පුරාවට දැනෙන ඒ අසීමිත ආදරය වචන වලට පෙරලිය නොහැක. ගීතය පසුපසින් ඇදෙන මේ අර්ථය දැන් ගියාට තවත් ජිවය එක්කරනු ඇත.
Tuesday, June 30, 2015
On 10:12 PM by Unknown 5 comments
ඒ ගිය ශ්‍රවණය වෙත්ම සිහිපත්වන්නේ පළමු සංදේශ කාව්‍ය වශයෙන් හදුවනු ලබන මේඝ දුතයයි. මේඝ දුත කාව්‍යයේ දුතයා වන්නේ වලාකුලකි. සිරකුටියක සිරවී සිටින යකු සිය බිරිද නොමැති සොවින් ඈ වෙත පණිවිඩයක් යවන ලෙස පවසන්නේ වලාකුලකටය. මේ ගීය ද එසේමය. පෙම්වතා සිය කතාබහ සිදුකරන්නේ වලාකුලක් සමගයි.
පෙම්වතා සිය පෙවතිය හමුවීමට පැමිණ ඇත. වර්ශාවක ලකුන්නු අහසේ දිස්වෙයි. වැසි වැස්සොත් හමුවීමට බාධා ඇතිවනු ඇත. එබැවින් පෙම්වතා වලාකුලෙන් ආයාචනයක් කරනු ඇත. මේ ආයාචනයේ දුතයා වන්නේ සුළගයි. වළාකුලට ප්‍රකාශ කර සිටින්නේ ඉක්මනින් ගොස් ළග එන වැහි වලාවට පවසන ලෙසයි.හිත මිතුරු සුළග ළග එන වැහි වලාවට කියන්
අද නොපැමිණ අන් දිනයක වැසි රැගෙන එන ලෙසින්
දිගු කළකින් ඈ මුණ ගැසේවි අසගනක් වෙසින්
වැසි වැටුනොත් ඒ සොදුරු ලොවම අදුරු වේ සැනින්,
දිගු කලකට පසුව පෙම්වතිය හමුවීම අවස්තාව වැසි වැස්සොත් නැතිවනු ඇත. එසේ වැසි වැස්සොත් සිදුවන්නේ කුමක්ද ?
වීදි පුරා වතුර පිරෙයි
හෙමින් හෙමින් මුමුණ මුමුණ ඉගිලයනු කෙසේ
තැන නිල්ලේ ගොහොරු සැදෙයි
කතා නැතුව අනන්තයට ඉගිල යමි කෙසේ ....
වැසි වැස්සොත් ඇතිවන්නේ මෙවැනි බාධාවකි. ඒ හේතුවෙන් වැසි වැසීම නවත්වන ලෙස හො ප්‍රමාද කරන ලෙස ඔහු ඉල්ලා සිටියි. ඔහු වළාකුල දුකට පත්කරන්නේද නැත. වැසි ලබාදීමට තිබෙන අවස්ථාව නැති කරන්නේ නැත. ඔහු යෝජනාවක් සිදුකරයි. වලාකුලට අවශ්‍ය සතුට විද ගැනීමටද අවස්තාව ලබාදේ.
අප සමුගත් වැසි වසින්න
ගන් හෝ වැව් ඉපිල ඉපිල ඉතිර යන තුරා
හොරා දෙක තුනක් ඉන්න නෑවිත් වැහි වලා බදේ
කඩ ඉමෙන් එහා
වැසි නවත්වන්නට එපා. වැසි වසින්න නමුත් අපි සමුගත් පසුව. ඒ පොඩි වර්ශාවකුත් නෙමෙයි. ඔබට රිසි සේ ගංගා වැව් පිරී ඉතිරි යන තුරුම .... නමුත් වලාවට පවසන්නේ හොරා දෙක තුනක් කඩඉමෙන් එහා රැදී සිටින ලෙසයි..... ඔහු පවතින බාධකය ප්‍රතික්ෂේප කරන්නේ නැත. අවස්ථාවට බාධාවක් නොවන ලෙස පමා කිරිමකට ආයාචනය කර සිටියි.
On 8:03 AM by Unknown 1 comment
චන්න කින්නරාවිය හෙවත් සදකිදුරිය යන නම ඇසීමත් සමග අපට සිහිවන්නේ සදකිදුරු ජාතකයේ බෝධිසත්වයන් සමග සමීපව සිටි යශෝදරාවියයි. බෞද්ධ සාහිත්‍යයට අනුව බෝධිසත්වයන්ගේ බිරිද වන්නේ ආත්ම ගණනාවක සිට පාරමිතා පුරමින් උන්වහන්සේ සමග එකටම පැමිණි කාන්තාවයි.
ආත්ම කල්ප ගණනාවක් පුරාවට පාරමිතාවන් පුරමින් පැමිණෙන බෝධිසත්වයෝ ඇස්, හිස්, මස්, ලේ. අඹුදරුවන් දන් දුන්නෝය. කරන ලද කුසල ධර්මවලට අනුව බොහෝ සැප සම්පත් විද ඇතිවා සේම දුක් විද ඇති අවස්ථාද එමටය. මේ සියල්ලට මුහුණ දීම සදහා උන්වහන්සේ සමග එකට සිටි සහකාරිය යශෝදරාවයි. චන්න කින්නරාවියගෙන් අසන්නේ ගිරි දුර්ග මැදින් ගමන් කරන්නට ඔබ මා හා යන්න එනවාද යන්නයි. ජීවිතය තුල තිබෙන දුක්ඛ දෝමනස්සයන් විදීමට සුදානම් දැයි චන්න කින්නරාවියගෙන් අසයි.
ස්වේත මිදුම් ඉරා
දෙනෙත් මග ඇහිරු
ජිවිතේ සිත සෘතුවේ
ගිරි දුර්ග අතරින්
මා එක්ක එනවාද
චන්න කින්නරාවී ....
ජිවිතයේ ඉතාම දුක්බර කාලය එනම් සුදුපාට මීදුමෙන් වැසී ගමන් කරන මාර්ගය පවා නොපෙනෙන තරම් හිමෙන් වැසුණු සීත සෘතුවක, ඉතාම අසීරු ගිරි දුර්ගයක ගමන් කරන්නට ඔබ එනවාද ? තමන් සමග ජීවිතය ගෙනයන්නට ඔබ මා සමග එනවාද? මගේ ජිවිතයේ ඉතාම කටුක අසීරු අවස්ථාවේදී මාත් සමගින් ගමන් කිරීමට ඔබ එකගද ?
රළු පොලව මතින් දිවෙනා
විඩාබර දිගු ගමනේ
මුදු සිනිදු දෙපා රිදෙනා
වේදනා සුසුම් අතරේ
ආදරේ ශේෂ වේවිද
චන්න කින්නරාවි
මා එක්ක එනවාද
චන්න කින්නරාවි
ඉතාම විඩාබර ඉතා දිගු වූ මේ රළු පොලව මතින් ඇවිදගෙන යන විට ඔබේ සිනිදු දෙපා රිදෙන්නට පුළුවන්. එවැනි වේදනා බර අවස්තාවක, එවැනි වේදනා බර සුසුම් අතරේ ඔබ තුළ මා පිළිබද ඇති ආදරය ඉතුරුවේවිද? චන්න කින්නරාවියගෙන් ඔහු අසයි. එය සිහිකරමින් චන්න කින්නරාවියගෙන් ඔහු අසන්නේ ඔබ දැන් මා සමග යන්න එන්න කැමතිද යන්නයි ?
සද නිවීගිය රාත්‍රියේ
තාරුකා ගොළුව ගණ අදුරේ
ලය මතින් වැතිරී
සොදුරු හීනයට ඉඩදී
හිනැහෙන්න පුලුවන්ද
චන්න කින්නරාවි
හිනැහෙන්න පුලුවන්ද
චන්න කින්නරාවි
හිනැහෙන්න පුලුවන්ද
චන්න කින්නරාවි
රාත්‍රියේ සද නිවී ගිය විට ඉතා ඝන අන්ධකාරයක් පැතිරයයි. තරුකැටද ගණ අදුරේ සැගවී ගොස් ඇති වෙලාවක ආලෝකයක් ගෙන ඒමට කිසිම සාධකයක් නොමැත. රාත්‍රියේ ඔබ වෙනුවෙන් කිසිම ආලෝකයක් නොමැත. එවැනි වෙලාවක ලයමතින් වැතිරී සොදුරු සිහිනයකට ඉඩදී ඒ තුළින් සිනාසෙන්නට ඔබට පුලුවන්ද ? චන්න කින්නරාවියගෙන් අසන්නේ එයයි. සියලුදේ නොමැති වෙලාවක සිහිනයකට ඉඩදී මුහුණේ සිනාවක් රදවාගන්නට ඔබ සුදානම්ද ? යශෝදරාවගෙන් බලාපොරොත්තු වන්නේ එයයි. ජිවිතයේ දුක්බර සමයක කිසිවක් නොමැති වෙලාවක මුහුණේ සිනාවක් පෙන්වන්නට ඔබට හැකියිද මෙහි යටිපෙළ එයයි. තම පෙම්වතියගෙන් පෙම්වතා ඉල්ලා සිටින්නේ කුමක්දැයි ඔබට දැන් වැටහෙනු ඇත.
මේ ගීතය එක් අතකින් ජනප්‍රිය සංගීතයේ තවත් එක් උපතක් ලෙස පෙනුනද ඉතා ගැඹුරු දර්ශනයකින් යුතු බෝසත් පුවතත් ඒ හා මිශ්‍රකරගනිමින් කියවෙන්නක් ලෙසද පෙන්වා දිය හැකිය. කෙසේ නමුත් පෙම්වතෙකුට සැබවින්ම අවශ්‍ය වන්නේ මෙවැනි පෙම්වතියකි. ගීතය පුරාවට පෙම්වතා ජිවිතයේ යතා ස්වභාවය සිහිපත් කරමින් මා එක්ක එනවාද යනුවෙන් චන්න කින්නරාවියට ආරාධනා කරයි. ජිවිතයේ දුක විදීමට ඔහු හා යාමට එකග නම් චන්න කින්නරාවිය ඔහු හා යාමට එනු ඇත...
Saturday, June 27, 2015
On 3:27 AM by Unknown No comments
ඇත්ත සහ බොරුව අපේ විශ්වාසය අනුව තීරණය වෙනවා
කොයිතරම් අත්තක් වුනත් අපි එය විශ්වාස කරන්නේ නැත්නම්
ඒක හැමදාටම බොරුවක්
කොයිතරම් බොරුවක් වුනත්
අපි එය විශ්වාස කරන තුරාවට අත්තක්
ඇත්ත සහ බොරුව කළු සහ සුදු වගේ
කළු සහ සුදු අතරේ අන්තරය
හරියට අපේ ජීවිතය වගේ....
වැඩියෙන් සත්‍යවාදී වීමත් බොරුකාරයෙකු නොවීමත් කැටිවුණු
ඇත්ත සහ බොරුවේ මිශ්‍රණයක් වගේ ....

Thursday, June 25, 2015
On 8:39 AM by Unknown 1 comment
මේ දවස් වල ටීවී එකේ මන් දැකපු දෙයක් තමයි පාර්ලිමේන්තුවේ උසස්පෙළ අසමත් ප්‍රමානයත් සාමාන්‍යපෙළ අසමත් ප්‍රමාණයත් මහත් වූ ඕනෑකමින් විශ්ලේෂණාත්මකව පෙන්වන ආකාරය. මේ රටේ ජනමාධ්‍යයට ඉතාම ලොකු ඕනෑ කමක් තියෙනවා රටට වැඩදායක උගතුන් පාර්ලිමේන්තුවට යවන්න. ඒ වෙනුවෙන් ජනමතය හදන්නනේ මේ වගේ ප්‍රචාරයකට වටිනා ගුවන් කාලය වෙන් කරන්නේ. අපේ රටේ ජනමාධ්‍ය මොනතරම් නම් හොදද .....
දැන් මට මෙහෙම එකක් හිතෙනවා....
දැන් ලංකවේ ඉන්න උගත්තු ඔක්කොම හොදයිද ? අපිත් එක්ක එකට ඉගන ගත්ත හැමෝටම විශ්වවිද්‍යාලයේ එන්න බැරිවුණා. එතකොට උන් මෝඩයෝ අපි උගත්තුද? පුංචි කාලේ අධ්‍යාපනය අහිමිවෙන්න විවිධ හේතු බලපාන්න පුළුවන්. එක්කෝ ඇත්තටම කට්ටි පන්න, නැත්නම් අම්ම තාත්ත නැති හින්ද ඉගෙන ගන්න බැරි වුණා, එහෙමත් නැත්නම් ආර්ථික ප්‍රශ්න හින්ද පොඩි කාලෙදිම රස්සාවක් කරන්න වුණා. ඒ කාලේ ජේ.වී.පි. කචල් හින්ද පාසල් යන්න බැරි වුණා. මේ මොකක් හරි වෙන්න ඇතිනේ... එතකොට දැන් ඇත්තටම නීති හදන තැනට සාමාන්‍යපෙළ වත් සමත් නැති කෙනෙක් ගියාම යන වැඩෙන් වැඩක් වෙනවද කියල ප්‍රශ්නයක් මට ඇතිවෙනවා.
හැබැයි මෙහෙම එකකුත් තියෙනවා. දැන් පාර්ලිමේන්තුවට යන උගත් මිනිස්සු ඒ මිනිස්සුන්ගේ උගත් කමෙන් කාටවත් හොයාගන්නවත් බැරි වෙන්න හොරකන් කරනවනම්. බඩවඩා ගන්නවා නම්, තීරණාත්මක අවස්ථා වලදී ධනය බලය වෙනුවෙන් පිල මාරු කරනවා නම්, රට පාවලා දෙනවා නම්, ඒ උගත් කමෙන් ඇති වැඩකුත් නෑනේ. මොන උගත උනත් ඉතින් අන්තිමට ඌත් මිනිහෙක්නේ කියන තැනට එනවනේ...
සාමාන්‍ය පෙළ අසමත් උසස් පෙළ අසමත් වුනත් ඒ මිනිහා රට වෙනුවෙන් ඉන්නවනම් ධනය බල වෙනුවෙන් නැමෙන්නේ නැත්නම්, සාධාරණත්වය වෙනුවෙන් කතා කරනවනම් ඒ මිනිහට අධ්‍යාපන සුදුසුකම් නැති උනාට ඉංග්‍රීසි බැරි වුණාට මටනම් ප්‍රශ්නයක් නෑ. දුක කියන්නේ එහෙම එවුන් ඉන්නවද කියන ඒකයි.
තවත් ප්‍රශ්නයක් දැන් මේ මිනිස්සුන්ව පත්කර ගෙන ඉන්නේ ඇමරිකාවෙන් හරි චීනෙන් හරිද ? නෑනේ අපිනේ ..... සමහර ඇමති වරු ඉගෙන ගෙන නෑ කිව්ව, ගස් බැන්ද කිව්ව, කුඩු ගේනවා කිව්ව, ගණිකා නිවාස පවත්වාගෙන යනවා කිව්ව කො ඉතින් මිනිස්සු වැඩිම ඡන්දෙන් පත්කරගෙන පාර්ලිමේන්තුවට යැව්වානේ...
හරි මිනිස්සු මෝඩයි කියමුකෝ.... එතකොට ජනමාධ්‍ය... දැන් මේ ඉගෙනගෙන නෑ කියන හොරු කියන මිනිස්සු වෙනුවෙන් කොයි තරම් නම් ගුවන් කාලයක් වෙන් කරලා තියෙනවද? ඒ මිනිස්සුන්ගේ ප්‍රතිරුප වර්ධනය කරන්න කොයි තරම් නම් ප්‍රවෘත්ති දානවද... එහෙම නැත්නම් රටට වැඩක් නැති අපිට වැඩක් නැති කියපු මිනිහටත් වැඩක් නැති මොකක් හරි කියපු මෝඩ හිනායන කතාවක් හරි ප්‍රවෘත්ති වලට ගහනවනේ.. ඉතින් මේ මිනිස්සුන්ව එතනට යවල තියෙන්නෙම ජනමාධ්‍යනේ... ඔච්චර පරහිතකාමී නම් ඒ මිනිස්සුන්ගේ දැන්වීම් ඡන්ද කාලෙට නොදා ඉදහන්කෝ ... කෝ එහෙමත් නැනේ...
මේ හැම තැනම තියෙන්නේ බොරුව... සුභාවිත සංගීතය නැති කරලා ජනප්‍රිය සංගීතය ගෙනාපු නාලිකා අද සුභාවිත සංගීතය ඕනේ කියල කෑ ගහනවා. එහම මාධ්‍ය සංස්කෘතියක් තියෙන රටක් මේක. ජනමාධ්‍ය ඇතුලේ තියෙන්නේ වෙළදාම එතනින් එහාට මුකුත්ම නෑ. ඒක තමා ඇත්තම කතාව. සියල්ල තියෙන්නේ ලාභය මත පදනම් වෙලා. රටට ඕනේ දේ තීරණය කරන්නේ අපි කවුරුවත් නෙමෙයි ජනමාධ්‍ය. අද බබා වෙන්නෙත් ඒ අයම තමයි....
ඔන්න බලහන් කොච්චර කෑගැහුවත් වෙනද වගේම මේ පාරත් පාර්ලිමේන්තු මැතිවරණෙ තියෙයි. පරණ කට්ටියම එයි. හික්.....

Wednesday, June 24, 2015
On 8:20 AM by Unknown No comments

මේ කතාව ඡායාරූප ජනමාධ්‍යවේදියෙක් සිය ජීවිතයේදී මුහුණදුන් විශේෂ අවස්තාවක් පිලිබදව කරන ලද පුනර් කථනයක් ඇසුරෙන් සකස් කරන ලදී .ඔහුට මේ ඡායාරූපයට Pulitzer සම්මානය ඇතුළු තවත් සම්මාන රැසක් හිමි විය. වියට්නාං යුද්ධය අවසන් කිරීම සදහා මේ ඡායාරුපය ඉතාම බලපාම්කාරි ඡායාරුපයක් විය. ලෝකයේ අවධානය යුද්ධයේ කුරිරු බව වෙත යොමුවීමට මේ ඡායාරූපය හේතුවක් විය.
1972 ජුනි 8 දින උදේ 7 ට පමණ සයිගොන් වලින් කාර් ඒකෙන් පිටත් වුනු ඔහු ට්‍රැන්ග් බැන්ග් (Trang Bang) වලින් පිටතට පැමිණියා. 7.30 ට පමණ යුද්දේ කාලේ අධිවේගී මාර්ග අංක 1 එහාට මෙහාට මාධ්‍යවේදීන් නිතරම ගියා. එදා එහි රථවාහන සංඥා ලාම්පු දල්වලා තිබුණේ නෑ. එය ඉතාම භයානක රියපදවිමක්. viet cong වරු හැමතැනම සැගව සිටිනවා. වියට් ගොන්ග්වරු සහ ඇමරිකානුවන් අතර පවතී යුද්ධයෙන් පසුව වෙඩි වැදුණු වියට්කොම් වරුන්ගේ මළසිරුරු පාර දෙපැත්තේ දමා ගොසින් තිබිණ. වියට්කොන්ග් වරුන්ට සහ ඔවුන්ට සහය දෙන්නනන්ට අනතුරු ඇගවීමක් වශයෙන් එසේ සිදුකර තිබිණ. ඇතැම් වියට්කොන්ග් වරු වයස අවුරුදු 15 ටත් අඩුයි.
1971 ජුනි 8 වන දින ටැංග් බැන්ග් වල තත්වය ඉතාව උණුසුම් විය. යුද්ධය පැවති දෙවැනි දිනයයි. ඔහු එහි යන විට දහස් ගණන් සරණාගතයන් මාර්ගයේ පල්ලෙහාට ඇදෙමින් තිබිණ. ඔහු එවිට Associate Press (AP) හි ඡායාරුප ජනමාධ්‍යවේදියෙක් වශයෙන් කටයුතු කළේය. BBC, CNN, ABC වැනි තවත් මාධ්‍ය ආයතන එතන සිටියහ.
උදෑසන ගම තුළ ඉතාම දරුණු බෝම්බ හෙලීම සහ සටන් පවතින. බොහෝ ජනමාධ්‍යවේදීන් එම ස්ථානය හැරගොසින් තිබිණ. Napalm බෝම්බ විශේෂය දැමීමට පෙර එම ස්ථානයෙන් බැහැරව තිබුණා. දවල් 12.30 ට බෝම්බ හෙලීම සිදුවිය.
ඔහු හමාරා 4 ක් රැගෙන ගියේය.Nikon කැමරා 2 ක් සහ Leious 2 ක්, ඒ සමග 24mm, 35 mm, 105mm, 200mm, සහ 300mm කැමරා කාච ඔහු සතුවිය.අවුරුදු 40 කට පෙර සිදුවූ සිදුවීමක් හේතුවෙන් එවකට පැවති තාක්ෂණය හේතුවෙන් කැමරා කාච ගණනාවක් රැගෙන යාමට මාධ්‍යවේදීන්ට සිදුවිය. Tr -x ෆිල්ම් රෝල් 150 ක් පමණ ඔහු රැගෙන ගොස් තිබිණ. Colour Negative රෝල් කිහිපයක් සහ Slide ෆිල්ම් රෝල් යුගලයක් ඔහු සතුවිය.
පළමු nepalm ප්‍රහාරයේදී ඔහු සිතුවේ නැහැ ගමේ කිසිම සිවිල් වැසියෙක් ඉදියි කියල. napalam බෝම්බ 4 ක් හෙලන ලදී. පෙර දින දෙක තුළ සරණාගතයින් දහස් ගණනක් ගම හැරගොස් තිබිණ. පසුව ඔහු දුටුවා ගිනි ජාලා සහ දුමාරය අතරින් ජනතාව පිටතට පැමිණෙන අයුරු.
ඔහු ඔහුගේ 300mm කාචය සහිත Nikon කැමරාව රැගෙන ඡායාරූප ගැනීමට පටන් ගත්තේය. ඔවුන් තව තවත් සමීප වන විට Leica කැමරාවට මාරු විය. පළමුව ඔහුගේ කැමරාව ඉදිරියට අවේ මියගිය දරුවෙක් වඩාගත් ආච්චි කෙනෙක්. පසුව ඔහු දැක්කා Leica කැමරාවේ view finder එක තුලින් නිරුවත් ගැහැණු ළමෙක් දුවන දර්ශනයක්. එවිට ඔහුට සිතුන සිතුවිල්ල මෙසේය. "Oh my god. what happend. The girl has no clothes" ඔහු වහාම ඡායාරූප ගැනීම ආරම්භ කරන ලදී. 35mm F2 කාචය සහිත M2 Lecia කැමරාවෙන්. (දැන් එම කැමරාව වොෂින්ටන් කෞතුකාගාරයේ ඇත. එම ඡායාරුපය වියට්නාම් යුද්ධය නිමා කිරීමට හේතු සාධක විය. එම දැරිය අදටත් ජිවතුන් අතර සිටියි.
(මෙම ඡායාරූපයට වසර 40 ක් පිරෙන මෙම වර්ෂයේදී ඔහු සමග කරන ලද සාකච්ඡාවක් ඇසුරෙන් පළ කරන ලද ලිපියක් ඇසුරෙන් සකස් කරන ලදී)
Tuesday, June 23, 2015
On 8:02 AM by Unknown No comments

කුඩා කල සිටම කතන්දර ඇසීමට ඇති ආසාව අදටත් අප අතර එසේම පවතියි. අවිඥාණික ආශාව අද තෘප්ත කරවාලනුයේ සිනමාවයි. නවකතාවක් කියවීම සිනමාවක් රසවිදීමේදී ලබනාව වඩා චිත්ත රූප මවාගත හැකි නිදහස් කතන්දර ඇසීමේ මාධ්‍යක් ලෙස දැක්විය හැකිය. නමුත් සිනමාවෙන් රූපය මවා පෙන්වීම හේතුවෙන් දෘශ්‍යමාන වන කතාන්දරය විදගැනීම පහසුය. නවකතා කියවීමට සියලු දෙනා රුචි නොවුනත් සිනමාව රසවිදීමට බොහෝ දෙනා රුචි වන්නේ එනිසා විය හැකිය.
කතන්දර ඇසීමේ කලාව තුළ සුරංගනා කතන්දර තුළ අපට ඇසුණු පොදු ධර්මතාවක් ඇත. එනම් කුමරෙකු සහ කුමරියක් සිටීම, ඔවුන් දෙදෙනා ආදරය කිරීම, ඔවුන් සත්‍ය වෙනුවෙන් පෙනී සිටීම, සතුරෙකු සිටීම, සතුරා දුදනෙකු වීම, සතුරා අවසානයේ පරාජය වීම, කුමරා හා කුමරිය ආදරයෙන් එකතුවීම සහ ඔවුන් ජයග්‍රහණය කිරීම.
ජනප්‍රිය සිනමාව තුලද මේ සන්දර්භයම දැකිය හැකිය. කතාන්දරය මොන අතකට ගලා ගියත්, කුමන ආකෘතියක පිහිටා සිටියත්, කතාන්දරය ආරම්භයේදීම අප කුමරා හා කුමරියත් සතුරා හෝ සතුරනුත් හදුනාගෙන හමාරය. චිත්‍රපටය ආරම්භයේ සිටම කුමරාගේ ජයග්‍රහණය ප්‍රේක්ෂක අප ප්‍රාර්ථනා කරන්නේ අව්‍යජවයි. එසේම අප චිත්‍රපටය පුරාවට කුමරාගේ ජයග්‍රහණය ප්‍රර්ථනා කරයි. මේ යට ඇත්තේ දුර්ජනයා පරාජය වී සත්‍ය වාදියාගේ ජයග්‍රහණයයි.
නමුත් ඩොන් චිත්‍රපටයේ මුල සිට අග දක්වාම අප ආදරය කරන්නේ චිත්‍රපටයේ හැටියට සතුරාටයි. අවසානයේ ජයගන්නේද සතුරායි. මෙවැනි සතුරා ජයගන්නා චිත්‍රපට ගණනාවක් සිනමාවේ දක්නට ඇත. නමුත් ප්‍රේක්ෂක අප මේ චිත්‍රපටය ඉතාම ආදරෙන් වැළදගනියි. දුර්ජනයා වෙනුවෙන් අප පෙනී සිටියි. දුර්ජනයාගේ ජයග්‍රහණය අප ප්‍රර්ථනා කරයි. චිත්‍රපටය අවසානයේ අපට ලැබෙන අස්වැසිල්ල සැබෑ ඩොන් ජයග්‍රහණය කර සිටීමයි. ඔහු ආරක්ෂිතව වීමයි. සොරෙකුගේ ජයග්‍රහණය අප පතන්නේ ඇයි. නැත්නම් අනෙත් චිත්‍රපටයන්හිදී සොරාට එරෙහිව අපේ සිත් ක්‍රියා කරන්නේ ඇයි. මෙයට හේතුව ජනප්‍රිය සිනමාව හරහා චිත්‍රපටයට වඩා නළුවා භුමිකාගත වීමයි. ඩොන් චිත්‍රපටයේ ජයග්‍රහණය පතන්නේ ඩොන් නමැති අපරාධ කරුවාට නොව අපේ සිත් තුළ අවිඥාණිකව චිත්‍රපට ගණනාවක් හරහා වීරයා බවට පත්වූ ශාරුක් ඛාන් වෙනුවෙනි. ඇස් දෙකෙන් ඩොන් දකින නමුත් සිතින් ශාරුක් ඛාන් කියවන්නේ ස්වාදේශ්, ඕම් ශාන්ති ඕම්, මේ හුනා, කුච් කුච් හෝතා හේ, චෙන්නායි එක්ස්ප්‍රස් හරහාය.
Subscribe to:
Posts (Atom)
Search
About Me
Popular Posts
-
ගේය පද රචක අධි නීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්නයන් රචනා කරන ලද ගුණදාස කපුගේ ශුරින් ගායනා කරනු ලබන දවසක් පල නැති හේනේ ගීතයේ ඇතුළාන්තයට යන්නට මත්තෙන...
-
අසූව දශකයේ මද භාගයේ පටිගත වුනු අජානේය ස්කුටර් තුරගා පිට වඩිනා ගීතය ප්‍රවීන ගේය පද රචක රත්න ශ්‍රී විජේසිංහයන් ගේ නිර්මාණයක්. ගායනය කරුණාරත්න ...
-
මේ ගීය රචනා කරන්නේ රත්න ශ්‍රී විජේසිංහයන් විසින් සත්‍ය සිදුවීමක් පදනම කරගෙනයි. මේ කතාව වසර තිහක පමණ ඉතිහාසයකට අපව රැගෙන යනවා. මොනරාගල දෙබටව ...
-
ඒ ගිය ශ්‍රවණය වෙත්ම සිහිපත්වන්නේ පළමු සංදේශ කාව්‍ය වශයෙන් හදුවනු ලබන මේඝ දුතයයි. මේඝ දුත කාව්‍යයේ දුතයා වන්නේ වලාකුලකි. සිරකුටියක සිරවී සිට...
-
මුඩුක්කු පරිසරයක ජීවිතය පිළිබදව විග්රහ කරමින් ඒ මුඩුක්කු සංස්කෘතිය විදහා දක්වමින් ලියවුනු නිහාල් නෙල්සන් ගායන ශිල්පියා ගායනය කරන හේමසිරි ...
-
සංහිදියාව ඇතිකිරීමේ සහ වර්ධනය කිරීමේ පරමාර්ථයෙන් රාජ්‍ය අනුග්‍රහයෙන් නිෂ්පාදනය කරන ලද තුන්දෙනෙක් සිනමා කෘතිය නැරබීමට පෙර එම චිත්‍රපටයේ න...
-
කුමක් කරන්නද අමතක කරන්නට වාරු නොමැතිව සිතමින්ම සිටියෙමි මෙසේ ජීවත්විය නොහැකි බව දැනුන කෙනෙහි අමතක කරන්නට උත්සක කලෙමි මලක් දෙස බලා සි...
-
ශ්‍රී ලංකාවේ කුඩාම ජාතික වන උද්‍යානය ලෙස සැලකෙන හොරගොල්ල ජාතික වන උද්‍යානය ජනතාව අතර එතරම් සුප්‍රසිද්ධ නොවූවක් වුවද සතුන් හා ශාක ගැන විවි...
-
මේ වචන ප්‍රේමකීර්ති ද අල්විස් නම් කෘතහස්ත මාධ්‍යවේදියාගේයි. හඩ ආදරණිය වූ මධුර 'ස' ස්වරය.. පෙම්වතෙක් සහ පෙම්වතියෙකු ගේ සමුගනිමකින් අ...
-
ඒක රතුපාට කොටු කොටු කමිසයක් මට මතකයි අද වගේ ඇය ඇද සිටියා මීට වසර ගණනකට පෙර මට අගේ රුව තවමත් මැවෙන්නේ ඒ රතුපාට කොටු කොටු කමිසයත් සම...
Recent Posts
Blog Archive
Powered by Blogger.
Random Posts
Total Pageviews
Contact Form
News
Design
Shooting
Followers