Meet The Author

Monday, June 22, 2015

On 9:18 AM by Unknown   No comments
වසර ගණනක් සැලසුම් කර
වසර ගණනක් ප්‍රර්ථනා කර
සියලු දේ ඔහු ඇය වෙනුවෙන් වෙනස් කර
සිතුම් පැතුම් ඔහු ඇය වෙනුවෙන් වෙන්කර
එකට එකතුවිමද
ආදරය.....
අහබු හමුවිමකින්
සැබෑ ජිවිතයේ රසය විදිමින්
සිනහවෙන් සැහැල්ලුවෙන්
එකතු වීමද
ආදරය.....



Sunday, June 21, 2015

On 10:08 PM by Unknown   No comments
මද සුළග හමා විත්
නුබෙ උවන සිබින විට
බලා ඉන්නට සිතයි
මුළු දිනක් ගෙවෙන තුරු
සිප ගන්න ආසමුත්
ඔබේ සුමුදු දෙතොල් පෙති
මද සුළග
මා සමග
තරහ වේදැයි සැකයි
ඔබෙ සුරත ගෙන හෙමින්
ඇවිද යන්නට සිතත්
ඔබෙ ලොවට ඇය වඩින
දිනය ගැන
ඔබ සිතයි.....
On 5:27 AM by Unknown   2 comments
ආදයේදී
පරිත්‍යාග කිරීම යනු සැබෑ ආදරයද
එසේනම්
සැබෑ ආදරය යනු
පරිත්‍යාග නොකොට
තමන්ගේ කර ගැනීමද
තමන්ගේ කරගන්නා විට
පරිත්‍යාග කිරීම
සැබෑ ආදරය යැයි සිතෙනු ඇත
පරිත්‍යාග කරන විට
සැබෑ ආදරවන්තයෙකු නම්
නැතිකරගන්නේ නැත
යනුවෙන් සිතෙනු ඇත
එබැවින්
සැබෑ ආදරය යනු කුමක්දැයි
සිතාගත නොහැක
සිදුකළ යුත්තේ ඔහේ බලා සිටීම පමණි
ඉතුරු වන දේ
සැබෑ ආදරය යැයි
සිත හදා ගැනීමට
යොදා ගත හැකිය

Friday, June 19, 2015

On 5:15 AM by Unknown   No comments
කාමරේ අස්කර ගන්න
කෙල්ලෙක් ඕනේ
මගේ කාමරේ හරිම අපිළිවෙලයි
කාමරේ අස් කරන්න මට වෙලාවකුත් නෑ
ඕන කමකුත් නෑ
ඒ හින්ද කාමරේ මොන දේවල් තිබුනත්
ඒකෙ ලස්සන පේන්නෙ නෑ
වැඩි දෙයක් කරන්න නෑ
අනවශ්‍ය දේවල් ඉවත් කරනන්යි
අවශ්‍ය දේවල් පිළිවෙලකට තිබ්බමයි
කාමරේ නිකම්ම ලස්සන වෙනව
කාමරේත් හරියට අපේ ජීවිතේ වගේ
මගේ කාමරේ
මගේ ජීවිතේ ....

Thursday, June 18, 2015

On 9:19 AM by Unknown   No comments
ඒක හරි පුදුම දෙයක්
ඇත්තටම සුන්දරයි
තිබුනම සුන්දරත්වය විදින්න පුළුවන්
නැති වුනාම විරහවේ සුන්දරත්වය විදින්න පුළුවන්
ජීවය එක් කරනවා වගේම
ජීවය නැති කරන්නත් පුළුවන්
නමුත් මේ හැමදේටම
හේතුව
අපේම හිත තමයි...
හැමදාමත් ආදරේ කරන අයට
තරගයක් නෑ
ඒ මිනිස්සුන්ගේ හිතේ තියෙන ආදරේ
හැමදාමත් ඒ වගේම
නොවෙනස්ව දකින්න පුළුවන්

Wednesday, June 17, 2015

On 7:28 AM by Unknown   No comments
ඉන්දියාව විවිධ ජාති ආගම් දර්ශනවාදයන්ගෙන් පිරුණු රාජ්‍යයකි. ඒ ප්‍රමාණය මෙපමණකැයි ගණන් බැලීමට නොහැකි තරම් ඇති විශාල වේ. නමුත් මේ සියලු ජාති ආගම් එකට එක්ව ලෝකය ඉදිරියේ හින්දුස්ථානි නම් එක ධජයක් යටතේ එක් රාජ්‍යයක් ලෙස පෙනී සිටියි. ඉන්දු පකිස්තානු අර්බුදයේදී ඉන්දියාව එක් රාජ්‍යයක් ලෙස සිය රටේ ජනතාව පෙළගස්වාගෙන සිටියි. අන්තර්ජාතික වශයෙන් ඉන්දියාවට එල්ලවන බලපෑම් හිදී එයට සාර්ථකව මුහුණදීමට පෙළගැසෙන දේශපාලන අධිකාරයට විවිධත්වයෙන් යුතු ජනතාවක් එක් රාජ්‍යයක් ලෙස අවසන් වශයෙන් එකතුවී සිටීම සහයක් විය හැකිය. ලෝකයේ ඉහලට මතුවෙමින් සිටින රාජ්‍යයන් කිහිපය අතර නුදුරේදී ඉන්දියාව විශේෂ ස්ථානයක් ගනු ඇත.
ඉන්දියාව අති විශාල රාජ්‍යයකි ලෝක බැංකු වාර්තාවට අනුව එය භුමි ප්‍රමාණයෙන් වර්ග කිලෝමීටර 2,973,190.0 කි, භුමි ප්‍රමාණයෙන් පමණක් නොව ජනගහනයෙන්ද අති විශාල රාජ්‍යයකි. මේ වන විට ඉන්දියාවේ ජනගහනය බිලියන 1.27 ක් ඉක්මවා තිබෙයි. විවිධ අදහස් මතවාද වලින් යුක්ත අතිවිශාල රාජ්‍යයක දේශපාලන පක්ෂ පිළිබදව විමසා බැලිය යුතුම වෙයි.
2014 පැවති ලෝක් සභා  මැතිවරණය අවසන් වන විට ඉන්දියවේ ලියාපදිංචි කරන ලද දේශපාලන පක්ෂ ප්‍රමාණය 1627කි. මැතිවරණය සුදානම් වන අවදියේදී ඉන්දියාවේ අලුත් දේශපාලන පක්ෂ 34 ක් දින 16 ක්  ඇතුලත අලුතෙන් ලියාපදිංචි විය. ඉන්දියාවේ ප්‍රධාන වශයෙන් ජාතික මට්ටමේ දේශපාලන පක්ෂ කිහිපයකි. එනම් භාරතීය ජනතා පක්ෂය, බහුජන සමාජ පක්ෂය, ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය, ඉන්දියානු කොමියුනිට්ස් පක්ෂය (මාක්ස්වාදී), ඉන්දියානු ජාතික කොන්ග්‍රසය සහ ජාතිකත්ව කොන්ග්‍රස් පක්ෂය වේ. ජාතික මට්ටමේ විශාල දේශපාලන බලයක් සහිත මෙම පක්ෂ වලට අමතරව ප්‍රාන්ත මට්ටමෙන් සහ ප්‍රදේශ මට්ටමෙන් තවත් පක්ෂ රාශියක් පිහිටා ඇත. විවිධ භූගෝලීය සීමාවන් තුළ ජිවත් වන විවිධ ජාති ආගම් කුල නියෝජනය කරමින් බිහිව ඇති මෙම දේශපාලන පක්ෂ අවසානයේ පොදු දේශපාලන ප්‍රවාහය වෙත විවිධ ආකාරයෙන් මැදිහත් වෙයි. මෙම කුඩා පක්ෂ ප්‍රධාන ධාරාවේ පක්ෂ හා සන්ධානගත වන අවස්ථා දැකිය හැකිය. මේ ආකාරයේ වූ පක්ෂ වල එකතුවකින් ඉන්දියාවේ පාලන බලය හිමිකර ගැනීමට ජාතික මට්ටමේ දේශපාලන පක්ෂය වලට හැකියාව ලැබෙයි.
මේ අනුව බලන විට පැහැදිලිව පෙනෙන තත්ත්වයක් නම් දේශපාලන පක්ෂයක් තුළ විවිධ මතවාදයන් සහිත ජනතාවක් සිටියි. එමෙන්ම අති විශාල දේශපාලන පක්ෂ ප්‍රමාණය තුළද විවිධ මතවාදයන් මත න්‍යාය පත්‍ර මත පිහිටා ක්‍රියා කරන දේශපාලන පක්ෂ සහ බලපෑම් කණ්ඩායම් සිටිති.  ඒ අනුව ඉන්දියාවේ දේශපාලන ක්‍රියාකාරකම්, මත දැක්වීම්, විවේචනය කිරීම්, උද්ඝෝෂණය කිරීම් නොඅඩුව දැකිය හැකි තත්ත්වයක් විය යුතුය. සැබවින්ම ඉන්දියාව තුළ මෙම තත්ත්වය නොඅඩුව දැකගත හැකිය.
මතවාද විවේචන ඉවසීමට ආණ්ඩුවකට ශක්තිය තිබිය යුතුය. එමෙන්ම මතවාද විවේචන සදහා නිසි අවස්ථාවක්ද ලබාදී තිබිය යුතුය. එය යහපත් රාජ්‍ය ක්‍රමයක් වෙනුවෙන් හේතු වනු ඇත. මතවාද විවේචන හරහා ආණ්ඩු ක්‍රමයේ පවතින අයහපත් ලක්ෂණයන් පෙන්වාදීම් සිදුවන අතර පොදු ජනතාව ඒ පිළිබදව දැනුවත් වීමද සිදුවේ. ඒ අනුව ජනතාවගේ තොරතුරු දැනගැනීමේ පිපාසය සංසිදෙන අතර විශිෂ්ට ප්‍රජාතන්ත්‍රවාදී පරිසරයක් ගොඩ නැගෙනු ඇත. මත දැක්වීම් විවේචනය කිරීම් උද්ඝෝෂණය කිරීම් සදහා ඉඩ ලබාදිය යුතුමය. නමුත් මේ පවත්වන පෙළපාලි පොදු ජනතාවගේ සාමාන්‍ය දිවි පැවැත්මට බාධාකාරී නොවිය යුතුය. එසේම පොදු ජනතාවගේ කටයුතු වලට බාධා වන බව පවසමින් උද්ඝෝෂණ කරුවන් තලා පෙලා එලවා දැමීමද නොකළ යුතු වෙයි. මේ තත්වයන් දෙකම සමතුලිතව පවත්වා ගැනීම සදහා ඉන්දියාවේ නවදිල්ලි නගරයේ සුවිශේෂී ස්ථානයක් පිහිටුවා ඇත.
ඉන්දියාවේ අග නගරය වන නවදිල්ලි නගරයේ එක්තරා ස්ථානයක් මේ සදහා වෙන්කර තිබේ. එම ස්ථානයට විශේෂ පොලිස් ආරක්ෂාවක්ද සපයා තිබෙනු දැකගත හැකිය. ඕනෑම දේශපාලන පක්ෂයකට බලපෑම් කණ්ඩායමකට මෙම ස්ථානයට පැමිණ තමන්ට රිසි සේ තම අදහස් මතවාද ඉදිරිපත් කල හැකිය. වෙන්කර තිබෙන භුමි ප්‍රමාණයෙන් එක් කොටසක වේදිකාවක් සකස් කරගෙන ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරමින් දේශපාලාන රැස්වීම් පැවැත්විය හැකිය. පවතින දේශපාලන ක්‍රමවේදය හෝ රටේ වෙනත් තත්ත්වයක් පිළිබදව විවේචන ඉදිරිපත් කල හැකිය. තම මතවාදය ජනතාව අතරට ගෙනයා හැකිය. ජනමාධ්‍යයද ඒවා ආවරණය කිරීමට යුහුසුළුව ක්‍රියාකරනු දැකගත හැකිය.
මෙම ප්‍රදේශයට ඕනෑම කෙනෙකුට ඇතුළු විය හැකිය. දේශපාලන පක්ෂ තම ආධාරකරුවන් සමග මෙම ස්ථාන වලට පැමිණ ඔවුන්ගේ විවිධ වැඩසටහන් පවත්වයි. එම ස්ථානයට ගිය අවස්ථාවක දැකගත හැකි වුයේ එක් වේදිකාවකට නැගුනු මහජන නියෝජිතයෙකු ගී ගායනා කිරීමයි. ඔහු සමග ඔහුගේ සහයකයින්ද අත්වැල් ගී ගායනා කරනු ලබයි. ඉන්දියාව යනු සංගීතය සම්බන්ධව මහා සම්ප්‍රදායක් සහිත රාජ්‍යයකි. මහජන නියෝජිතයින් තුළ පවා මේ හැකියාවන් දැකගත හැකිවෙයි. මේ ගීත හරහා තම දර්ශනය ජනතාව අතරට ඔවුන් ගෙනයාමට උත්සහ කරයි. වෙනත් දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් විවේචනය කිරීමද සිදුවෙයි. මෙය ඉතාම නිර්මාණශීලි තත්ත්වයකි. මඩගොහොරුවක් වන දේශපාලනය තුළ නිර්මාණශීලි පරිසරයක් බිහිව තිබෙනු මේ භූමියේදී දැකගත හැකි විය. මෙම මහජන නියෝජිතයා ඇතැම් අවස්ථා වලදී එම ගීතය එම අවස්ථාවේදී අවශ්‍ය පරිදි වෙනස් කරමින්ද ගායනා කරයි. ඔහුගේ දේශයනට සවන්දීමට පැමිණි සියලු දෙනාට මේ ගීතයේ වචන සහිත පත්‍රිකාවක් ආධාරකරුවන් විසින් බෙදා දෙයි. අවසානයේ පැමිණි හැම දෙනාටම ස්තුති වන්ත වීමද ගීතයෙන්ම සිදුවිය. මෙම තත්ත්වය ලංකාවේ අපට තරමක් නුහුරු අත්දැකීමකි. නමුත් එහි දක්නට ලැබෙන නිර්මාණශීලිත්වය අගය කල යුතුය. අන්මත ඉවසීමට ඇති හැකියාව සහ අන් අයව විවේචනය කිරීමේදී යොදා ගන්නා විවිධ මාධ්‍යයන් මෙහිදී හදුනා ගත හැකිය.
ලංකාවේ දේශපාලන වේදිකා මතද ගී කියනු දැකගත හැකිය. ඒ පැරණි ගීයක නාද මාලාවට වෙනත් වචන දීමෙන් හෝ අර්ථ දැක්වීමෙනි. ඉන්දියානු මේ ඇතැම් ක්‍රම ලංකාවට ආදේශ කිරීම යෝග්‍ය නොවෙයි. ඒ රටවල් දෙකේ පවතින සංස්කෘතීන් සහ වෙනත් අගනාකම් වල පවතින විවිධත්වය හේතුවෙනි. කෙසේ නමුත් මේ නිදහස් ප්‍රදේශය ලංකාවේ අපට ආදර්ශයට ගත හැකිය. එකම භුමි ප්‍රදේශයක එක ලග දේශපාලන පක්ෂ දෙකක රැස්වීම් පැවැත්වේ. මේ කණ්ඩායම් දෙක අතර මතවාද හුවමාරු වීම් ද සිදුවන අවස්ථා ඇත. කණ්ඩායම් දෙක අතර සංවාද ඇතිවන අවස්ථා ඇත. මේ සියල්ල තුලින් අවසානයේ දැකිය හැකි තත්ත්වය නම් මහජනතාවට වගකියන මහජන නියෝජිතයන් බිහිවීමයි. මෙහිදී මහජන නියෝජිතයන්ව සෘජුව මහජනතාවගේ ප්‍රශ්න කිරීම වලට බදුන් වෙයි. ඉන් පැනයාමට මහජන නියෝජිතයාට හැකියාවක් නොමැත.
ලංකාවේ ඇතැම් අවස්ථාවන්හිදී විවිධ දේශපාලන පක්ෂ සහ නියෝජිතයන් සදහා රැස්වීම් පැවැත්වීමේදී බාධා එල්ලවීම් සහ ශබ්ද විකාශන සදහා තහනම් කිරීමේ අවස්ථා බොහෝ ඇත. එසේම උද්ඝෝෂණ පාගමන් විසුරුවා හැරීමේදී විවිධ තාඩන පීඩන එල්ල කළ අවස්ථා ඉතිහාසයේ ඇත. මෙසේ විසිරුවා හැරීමට සිදුවන්නේ ඇතැම් විට මහජනතාවගේම ආරක්ෂාව සහ මාර්ග අවහිර කිරීම් වලක්වා ගැනීමට විය හැකිය. කෙසේ නමුත් ගැටළුවක් පැන නැගී පවතින අවස්ථාවකදී ඒ පිළිබදව අදහස් දැක්වීම සදහා ජනතාවට පාරට බැසීමට සිදුවී ඇත. එහෙත් ලංකාවෙත් මෙවැනි නිශ්චිත ස්ථානයක් ඒ වෙනුවෙන්ම වෙනකොට ඇත්නම් එය අලුත් අත්දැකීමක් වනු ඇත. එමෙන්ම එය ජනතාවට අවශ්‍ය පණිවුඩය ඉදිරිපත් කිරීම සදහා ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ බිහිවුණු වේදිකාවක් වනු ඇත. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වෙනුවෙන් ඉන්දියාව ගෙන ඇති මෙවැනි ක්‍රියාමාර්ග කෙරෙහි අපගේද අවධානය යොමුවීම යහපත් සමාජයක් නිර්මාණය කිරීම කෙරෙහි හේතු වනු ඇත.









Monday, June 15, 2015

On 11:16 AM by Unknown   No comments
හිනාවෙයන්
ඔබට වලකපන්න හදපු මිනිස්සු උබ එක්ක උබ වෙනුවෙන් කතා කරනකොට,
හිනාවෙයන්
අවශ්‍ය වෙලාවේ ඔබ වෙනුවෙන් හිටිය නැති මිනිස්සු පස්සෙ උබට සහෝදරකම පෙන්නද්දි
හිනාවෙයන්
කොන්දක් නැති මිනිස්සු දේශපාලනේ කරනවා දැක්කම
හිනාවෙයන්
මුදල් වෙනුවෙන් බොරුව කරන මිනිස්සු ඔබට ජීවිතේ ගැන කියල දෙනකොට
හිනාවෙයන්
කෙනෙක්ගේ සොයාගැනීමක් තමන්ගේ වගේ කියනකොට
හිනාවෙයන්
තමන් හිස් බව තමන්ට නොතේරුණු මිනිස්සු අනුන්ට උගන්වනකොට
හිනාවෙයන්
සමාජවාදය කරපින්නාගත් ආචාර්යවරු ධනවාදය වෙනුවෙන් රුපවාහිනියේ පෙනී ඉද්දි
හිනාවෙයන්
උබට මේව නොතේරුණු විදිහට