Tuesday, May 13, 2014
On 9:50 AM by Unknown 2 comments
මුඩුක්කු පරිසරයක ජීවිතය පිළිබදව විග්‍රහ කරමින් ඒ මුඩුක්කු සංස්කෘතිය විදහා දක්වමින් ලියවුනු නිහාල් නෙල්සන් ගායන ශිල්පියා ගායනය කරන හේමසිරි හල්පිට මහතා විසින් පදරචනාව සිදුකල මේක ගුනෙ අයියගෙ බජව් දාන කාමරේ ගීතය හැදින්විය හැකිය. එමෙන්ම මේ ගීය සමාජ විද්‍යාත්මකව බලන කල මුඩුක්කු උප සංස්කෘතිය පිළිබදව සිදුකරන විග්‍රහයකි. මුඩුක්කු පරිසරයේ සිදුවන දේ ඔවුහු කන බොන හැටි අදින පළදින හැටි යන එන හැටි මේ ගීය ඇසෙනවිට ඒ රිද්මයට අසන්නාගේ සිතේ චිත්‍රණය වෙයි. මුඩුක්කු පරිසරයේ ජිවත්වන පුද්ගලයන් සිතන පතන අයුරු පවා මේ ගීතයේ ඇතුලත් ව ඇත.
මෙම ගීතය මුඩුක්කු සමාජයක ජිවත් වන ගුණේ අයියාගේ කාමරය පිළිබදව කතා බහ කරයි එමෙන්ම ගුණේ අයියා පිළිබදව කතාබහ කරයි. ගුණේ අයියාගේ කාමරයට පැමිණෙ පිරිස පිළිබදව පැහැදිලි කරන ගීපද රචකයා මුඩුක්කු සමාජයේ ජිවත්වන ජනතාව පිළිබදව පුළුල් විග්‍රහයක යෙදෙයි. ගීතය ආරම්භ වන්නේ කතාන්දරයක් කීම සදහා ආරම්භයක් ගන්නා පරිද්දෙනි. ගීතය පුරාවට මුඩුක්කු උප සංස්කෘතියට අදාළ උප භාෂාවේ වචන භාවිතා කර තිබීම මෙම ගීතයේ පද රචනයේ ඇති විශේෂත්වයකි. නිහාල් නෙල්සන් මහතාගේ හඩ ඒ ගියාට මානව ජිවය එකතු කරයි.
සොමියට වරෙන් පුතා අගුලු දාල නෑ දොරේ
අහපං රියල් කතා ගුනෙ අයියගෙ කාමරේ
ගුනෙ අයියගෙ කාමරයේ අගුලු දමා නැත. ඕනෑම අයෙකුට පැමිණීමටත් ඕනෑම අයෙකුට පිටවයාමටත් එහි අවසරය ඇත. තරාතිරම් බාධාවකින් තොරව ගුනෙ අයියා හමුවීමට විවිධ මිනිස්සු පැමිණෙති. ඒ බව ගීතය මැදක් යනවිට අපට වැටහී යයි. මෙහි දොරේ යනුවෙන් සදහන් කිරීම ආමන්ත්‍රණයක් වශයෙන්ද ගැනිය හැකිය. 'දොරේ' යනුවෙන් මුඩුක්කු සමාජයේ තවත් පුද්ගලයෙකුට ආමන්ත්‍රණය කිරීමටද යොදාගනියි .
ගුණේ අයියගෙ කාමරයේ 'රියල් කතා' හෙවත් ඇත්ත කතාව අහන්න රසිකයාට ගීතය ආරම්භයේදී ආරාධනා කරයි.
හිටපන් සයිඩ් ඒකෙන වාඩිවෙලා සුමිතුරේ
මස්කට් පැණි බූන්දි තියෙනව මගේ කාමරේ
ගුනෙ අයියගෙ කාමරයේ මස්කට් පැණි බූන්දි ඇත. මේ අයුරින් සැබවින්ම ප්‍රකාශ කරන්නේ කුමක්ද? ගුණේ අයියගෙ කාමරය තුළ මත්ද්‍රවය භාවිත කරන බවයි. මත්ද්‍රවය භාවිත කරන්නන් සීනි ආදී පැණිරස අධික වශයෙන් භාවිතයට ගනියි. මුඩුක්කු පරිසරය තුළ එම තත්වය සියලු දෙනාම දන්නා කරුණකි. මෙම තත්වය ව්‍යංගයෙන් රචනා කිරීමට මෙන්ම එක පද පේලියකින් හැගවීමට මෙහිදී ගීපද රචකයා සමත්විය. මෙහි මගේ කාමරේ යනුවෙන් සදහන් වෙයි. එනම් මේ කතාව අපට කියන්නේ ගුණේ අයියා විසින්ම බව අපට ගම්‍යවන කරුණකි.
මේක ගුණේ අයියගෙ බජව් දාන කාමරේ යනුවෙන් ඔහු තම කාමරය හදුන්වාදෙයි.
පච්ච සිරාලා එතකොට කොච්චි අලාලා
ගුස්පිරොබාලා එයි මෙහේ සොමිය සොයාලා
සැප විදලා කසා වෙලා පීචන් වෙලා
කැපිල යන්නෙ සක්විති සුව මෙහෙන් වළදලා
මෙහිදී ගුණේ අයියගෙ කාමරයට පැමිණෙන පුද්ගලයන් කිහිපදෙනෙකු ඔහු හදුන්වාදෙයි. පච්ච සිරාලා, කොච්චි අලාලා, ගුස්පි රොබාලා ගීතය අවසන් වන විට තවත් පිරිස් හදුන්වාදෙයි. මෙහි ඇත්තේ මුඩුක්කු සමාජය තුළ විවිධ පුද්ගලයන් හැදින්වීම සදහා ලබාදී ඇති නම් ය. විශ්වවිද්‍යාල උප සංස්කෘතිය තුල කාඩ් යනුවෙන් හදුන්වන්නේද මෙයයි. කාමරය තුළ සතුටු වීම, මත්ද්‍රවය භාවිතය, එකිනෙකාට අපහාස කරගනිමින් විහිලු කිරීම යනාදී වශයෙන් වූ සෑම ආකාරයකම සිදුවීම් මෙහි සිදුවෙයි. 'කැපිල යන්නෙ' ගුණේ අයියගෙ කාමරයෙන් පිටත්වීම හදුන්වන්නේ එලෙසය. නමුත් මෙසේ කාමරයෙන් පිටත්වන්නේ සතුටු සිතිනි එනම් සක්විති සුව වළදමිනි. එම සතුට සක්විති සුවයටත් එය වැළදීම යනුවෙන් පුජනියත්වයෙන් හදුන්වා දී ඇත.ඒ සතුට මත්ද්‍රවය භාවිතය හෝ අපහාස කිරීමෙන් ලද සතුට හෝ සුදුවෙන් ලද සතුටක් හෝ විය හැකිය. ඒ මුඩුක්කු සංස්කෘතිය තුළ ඇති වචන මාලාවකි. නිසි පරිදි ශබ්ද රසයත් අර්ථ රසයත් රැකෙන පරිදි වචන භාවිතා කිරීමට මෙහිදී ගීපද රචකයා කටයුතු කර ඇත.
සලුමන්ලා එලිමන්ලා කමරකටාලා
අලි වන්සෙන් වැඩ පෙන්වන සුපර්මෑන් ලා
බර පොරවල් වොරින් කකුල් එකට වැටීලා
ටු තව්සන් ත්‍රි තව්සන් යයි විසි කරලා
ගුණේ අයියගෙ කාමරයේ කාඩ් සෙල්ලමත් යහමින් සිදුවෙයි. එනම් බුරු ගැසීම. පෙර කි චරිත වලට අමතරව තවත් චරිත කිහිපයක් ඔහු හදුන්වා දෙයි. ඒ නම් ඇසෙන විටම ඒ චරිත වල ලක්ෂණ මනාවට විද්‍යාමාන වෙයි. ගුණේ අයියගෙ කාමරයට පැමිණෙන මේ පොරවල් ටු තව්සන් ත්‍රි තව්සන් විසිකරනේ බූරු ගැසීමටයි නැත්නම් සුදුවටයි. මෙහිදී ගී පද රචකයා මෙවැනි වචන මාලාවක් යොදාගන්න ලද්දේ ඒ මුඩුක්කු පරිසරයේ හැගීම මනාවට දැනවීමටයි. මේ වචන ඉංග්‍රීසි වචන භාවිතය ඒ සංස්කෘතියේ දැනට ලැබෙන ලක්ෂණයකි.
ටින්කිරි ටින් ඒකෙන් නැත්නම් ටොනික් ඩප්පියෙන්
ෆෙස්ටු ෆේස් එනවානම් වැඩ අතින් පයින්
ඔය සෙවල කිවල වැක්කෙරුවොත් තෙල්විද ගමෙන්
වැලි ගල් කටු බොරු නෑ මගෙ වැඩ රාත්තලෙන්
මුඩුක්කු පරිසරයක වුවත් ගුණේ අයියා අවංක පරහිතකාමී පුද්ගලයෙකි. කිසියම් සටනකට හෙවත් ගැටුමකට මුහුණදෙන විට සතුරා සතුවන බලය අවබෝදකොටගෙන ඒ අනුව සටන් කරන පුද්ගලයෙකි. ගුණේ අයියා අතින් පයින් ගහගනිමට පැමිණි කෙනෙකුට කඩුවෙන් කොටන පුද්ගලයෙකු නොවෙයි. ඔහුද සටනට බහින්නේ අතින් පයිනි. මුඩුක්කු පරිසරයක ජිවත් වන මිනිසුන්ගේ ඇති ඇතැම් අව්‍යාජත්වය මෙයින් පෙන්නුම් කරයි. හැකි නම් හැකි බවත් බැරි නම් බැරි බවත් කෙලින් ප්‍රකාශ කරන බොරුව නැති පුද්ගලයෙකි. මේ සියලු කරුණු වටහා දෙන්නේ මුඩුක්කු උප භාෂාවේ එන වචන යොදාගනිමිනි. මුඩුක්කු සමාජයේ ජිවත්වන මිනිසුන් පිළිබදව කෙරෙන සමාජ විග්‍රහයක් මේ ගීතය තුළ දැකිය හැකිය.
පොතන්ම් පොත කුරුසවලට මගෙ ලග ඉඩ නැත
ඔය කාගේත් වතගොත මගෙ ෆයිල් එකේ ඇත
මේ කීමක් සිදු වුවත් ගුණේ අයියගෙ මුඩුක්කු පරිසරයේ හෙවත් වත්තේ සියලු දෙනා ගැන තොරතුරු ගුණේ අයියා ඉතාම හොදින් දනියි. එනම් සියලු දෙනාගේ ක්‍රියාකලාපයන් හැසිරීම් ගතිගුණ ගුණේ අයියා ඉතාම හොදින් දනියි. ඒ බව උක්ත පද මාලාවෙන් පෙන්වාදෙයි. මොන කතා කිව්වත් මොන දේ සිදුකරත් ඒ සියල්ල සැමට පෙර ගුණේ අයියාට වාර්තා වෙයි. එමෙන්ම කාගේත් කැරැට්ටුව ගුණේ අයියා දනියි.
දුකට සැපට මම එන්ටර් මගෙ නෑ බොරු පොත
බ්ලේඩ් වලින් කැපෙන්නෙ නෑ කෙනෙකුගෙ හොද හිත
ගීය අවසන් වන්නේ මේක ගුණේ අයියගෙ බජව් දාන කාමරේ යන වචන මාලවෙන්නි නමුත් ගියේ අවසන් පද මාලාවේ ගුණේ අයියගෙ චරිත ලක්ෂණ මනාවට විග්‍රහ කරයි. දුකට සැපට දෙකටම කා වෙනුවෙන් වුවත් එලියට බහින ගුණේ අයියගෙ හිත බ්ලේඩ් වලින් වත කැපෙන්නෙ නැත.
මේ ගීය සැබවින්ම මුඩුක්කු සමාජයේ එක් චරිතයක් යොදාගෙන ඔහු පිළිබදව විවරණයක් කරමින් සමස්ත මුඩුක්කු සමාජයම පිළිබදව සුක්ෂම ලෙස විග්‍රහයකට ලක්කරන්නකි. ගීතයටම උචිත නාද මාලාවකින් යුක්ත වේග රිද්මයෙන් යුක්ත මේ ගීය අප කාගේත් සිත ඇද ගත්තේ එහි නාද මාලවටයි. නමුත් සියුම් ලෙස එහි පද එකින එක ගෙන බලන කළ උක්ත මා විසින් ඉතා සරලව දක්වා ලු අර්ථයකට වඩා එහා ගිය අර්ථයක් වෙත ඔබට ගමන් කළ හැකිය. ගීතය පුරාවට විහිදුනු සෑම වචනයක්ම මුඩුක්කු පරිසරයට අවේනික වචනයන් ය. මුඩුක්කු සමාජයට ආගන්තුක එකදු වචනයක් මේ පදමාලාවට යොදාගෙන නැත. ඒ ගී පදරචකයා සතු විශිෂ්ටත්වය යැයි මම දකිමි.
දැන් නාද මාලාවට නොව පද මාලාවට අවධානය යොමු කර ගීතයට සවන් දෙන්න ඔබට ගුණේ අයියාගේ කාමරය තුළින් අව්‍යාජ මුඩුක්කු සමාජයක් මැවෙනු ඇත.
Sunday, April 27, 2014
On 11:31 AM by Unknown No comments
උපැස් යුවලක් අවශ්‍යයි.
ඈ
මා අසලම සිටින විට
මම
මගේ දෑසින් ඈ දෙස බැලුවෙමි
සිතින් බොහෝ දෑ සිතුවෙමි
බොහෝ දෑ කළෙමි
ඈ
මා අසල නොමැති විට
මම
සිතින් ඈ දෙස බැලුවෙමි
අගේ රුව මැකේයැයි බියෙන්
මගේ සිත ඇගෙන් ඉවතට නොයයි
බොහෝ දෑ සිතීමට
සිත අවනත නැත
බොහෝ දෑ කිරීමට
සිත එක්තැන් නැත
බොහොම වෙහෙසයි
එහෙත්
මගේ සිත
පැරණි මතකයේ සුව විදිමින්
තවමත් සිනාසෙයි
බොහෝ කලකින්
අගේ රුව නොදුටු
මගේ දෑස
දැන්
දුර්වලය
සිතේ රුව මැකේ යැයි බියෙන්
වෙනත් දෙයක් දෙස බැලීමට
මගේ සිත
දෑසට ඉඩ නොදෙයි
අගේ රුව මතුකර ගැනීමට
උපැස් යුවලක් අවශ්‍යයි
Saturday, April 26, 2014
On 8:55 AM by Unknown 4 comments
ඒක රතුපාට කොටු කොටු කමිසයක්
මට මතකයි අද වගේ
ඇය ඇද සිටියා
මීට වසර
ගණනකට පෙර
මට අගේ රුව
තවමත් මැවෙන්නේ
ඒ
රතුපාට
කොටු කොටු
කමිසයත් සමගින්
කාලය ගෙවී ගොසින්
තවමත්
මා තෝරන්නේ
රතුපාට
කොටු කොටු
කමිස
ගයාන් මධුශංඛ
මට මතකයි අද වගේ
ඇය ඇද සිටියා
මීට වසර
ගණනකට පෙර
මට අගේ රුව
තවමත් මැවෙන්නේ
ඒ
රතුපාට
කොටු කොටු
කමිසයත් සමගින්
කාලය ගෙවී ගොසින්
තවමත්
මා තෝරන්නේ
රතුපාට
කොටු කොටු
කමිස
ගයාන් මධුශංඛ
Wednesday, December 11, 2013
Tuesday, April 2, 2013
On 7:48 AM by Unknown 1 comment
හපමින් සිටි බුලත් විටය ඉවත හල මම
වෙස් මුහුණ පලද ගතිමි
එකවරම
යක් බෙරය වැයුනි
දෙපා සෙලවුනි
ඉදිරියට ඇදුනි
කුඩා ළමෙක් මා දැක
බියටපත්විය
මම
ඔහුට ලංවී
සිනාසුනෙමි
එහෙත්
ඔහු මහා හඩින් හැඩුවේය
මට වැටහුණි
මගේ සැබෑ මුහුණ
ඔහුට නොපෙනේ
බොහෝ දුරක් ඇදුනෙමි
දෙපා බෙහෙවින් රිදුණි
එහෙත් මා යා යුතුයි
පයේ ඇලුණු
කොප්පරා අගුරකින්
මගේ දෙනෙත් තෙත් විය
මා දෙස බලා
තරුණ ගැටයෙක් සිනාසුනේය
මා දුකෙනි
ඔහුට නොතේරෙන්නේ මන්ද
මට වැටහුණි
මගේ සැබෑ මුහුණ
ඔහුට නොපෙනේ
පෙරහැර තවත් ඇදෙයි
මම අවට බැලුවෙමි
ඇතැමුන් බියවුණි
ඇතැමුන් සිනාසුනි
එකම මුහුණට
මට වැටහුණි
මගේ සබැ මුහුණ
ඔහුට නොපෙනේ
Subscribe to:
Posts (Atom)
Search
About Me
Popular Posts
-
ගේය පද රචක අධි නීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්නයන් රචනා කරන ලද ගුණදාස කපුගේ ශුරින් ගායනා කරනු ලබන දවසක් පල නැති හේනේ ගීතයේ ඇතුළාන්තයට යන්නට මත්තෙන...
-
අසූව දශකයේ මද භාගයේ පටිගත වුනු අජානේය ස්කුටර් තුරගා පිට වඩිනා ගීතය ප්‍රවීන ගේය පද රචක රත්න ශ්‍රී විජේසිංහයන් ගේ නිර්මාණයක්. ගායනය කරුණාරත්න ...
-
මේ ගීය රචනා කරන්නේ රත්න ශ්‍රී විජේසිංහයන් විසින් සත්‍ය සිදුවීමක් පදනම කරගෙනයි. මේ කතාව වසර තිහක පමණ ඉතිහාසයකට අපව රැගෙන යනවා. මොනරාගල දෙබටව ...
-
ඒ ගිය ශ්‍රවණය වෙත්ම සිහිපත්වන්නේ පළමු සංදේශ කාව්‍ය වශයෙන් හදුවනු ලබන මේඝ දුතයයි. මේඝ දුත කාව්‍යයේ දුතයා වන්නේ වලාකුලකි. සිරකුටියක සිරවී සිට...
-
මුඩුක්කු පරිසරයක ජීවිතය පිළිබදව විග්‍රහ කරමින් ඒ මුඩුක්කු සංස්කෘතිය විදහා දක්වමින් ලියවුනු නිහාල් නෙල්සන් ගායන ශිල්පියා ගායනය කරන හේමසිරි ...
-
සංහිදියාව ඇතිකිරීමේ සහ වර්ධනය කිරීමේ පරමාර්ථයෙන් රාජ්‍ය අනුග්‍රහයෙන් නිෂ්පාදනය කරන ලද තුන්දෙනෙක් සිනමා කෘතිය නැරබීමට පෙර එම චිත්‍රපටයේ න...
-
කුමක් කරන්නද අමතක කරන්නට වාරු නොමැතිව සිතමින්ම සිටියෙමි මෙසේ ජීවත්විය නොහැකි බව දැනුන කෙනෙහි අමතක කරන්නට උත්සක කලෙමි මලක් දෙස බලා සි...
-
ශ්‍රී ලංකාවේ කුඩාම ජාතික වන උද්‍යානය ලෙස සැලකෙන හොරගොල්ල ජාතික වන උද්‍යානය ජනතාව අතර එතරම් සුප්‍රසිද්ධ නොවූවක් වුවද සතුන් හා ශාක ගැන විවි...
-
මේ වචන ප්‍රේමකීර්ති ද අල්විස් නම් කෘතහස්ත මාධ්‍යවේදියාගේයි. හඩ ආදරණිය වූ මධුර 'ස' ස්වරය.. පෙම්වතෙක් සහ පෙම්වතියෙකු ගේ සමුගනිමකින් අ...
-
ඒක රතුපාට කොටු කොටු කමිසයක් මට මතකයි අද වගේ ඇය ඇද සිටියා මීට වසර ගණනකට පෙර මට අගේ රුව තවමත් මැවෙන්නේ ඒ රතුපාට කොටු කොටු කමිසයත් සම...
Recent Posts
Blog Archive
Powered by Blogger.
Random Posts
Total Pageviews
Contact Form
News
Design
Shooting
Followers
Popular Posts
-
ගේය පද රචක අධි නීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්නයන් රචනා කරන ලද ගුණදාස කපුගේ ශුරින් ගායනා කරනු ලබන දවසක් පල නැති හේනේ ගීතයේ ඇතුළාන්තයට යන්නට මත්තෙන...
-
අසූව දශකයේ මද භාගයේ පටිගත වුනු අජානේය ස්කුටර් තුරගා පිට වඩිනා ගීතය ප්‍රවීන ගේය පද රචක රත්න ශ්‍රී විජේසිංහයන් ගේ නිර්මාණයක්. ගායනය කරුණාරත්න ...
-
මේ ගීය රචනා කරන්නේ රත්න ශ්‍රී විජේසිංහයන් විසින් සත්‍ය සිදුවීමක් පදනම කරගෙනයි. මේ කතාව වසර තිහක පමණ ඉතිහාසයකට අපව රැගෙන යනවා. මොනරාගල දෙබටව ...
-
ඒ ගිය ශ්‍රවණය වෙත්ම සිහිපත්වන්නේ පළමු සංදේශ කාව්‍ය වශයෙන් හදුවනු ලබන මේඝ දුතයයි. මේඝ දුත කාව්‍යයේ දුතයා වන්නේ වලාකුලකි. සිරකුටියක සිරවී සිට...
-
මුඩුක්කු පරිසරයක ජීවිතය පිළිබදව විග්‍රහ කරමින් ඒ මුඩුක්කු සංස්කෘතිය විදහා දක්වමින් ලියවුනු නිහාල් නෙල්සන් ගායන ශිල්පියා ගායනය කරන හේමසිරි ...
-
සංහිදියාව ඇතිකිරීමේ සහ වර්ධනය කිරීමේ පරමාර්ථයෙන් රාජ්‍ය අනුග්‍රහයෙන් නිෂ්පාදනය කරන ලද තුන්දෙනෙක් සිනමා කෘතිය නැරබීමට පෙර එම චිත්‍රපටයේ න...
-
කුමක් කරන්නද අමතක කරන්නට වාරු නොමැතිව සිතමින්ම සිටියෙමි මෙසේ ජීවත්විය නොහැකි බව දැනුන කෙනෙහි අමතක කරන්නට උත්සක කලෙමි මලක් දෙස බලා සි...
-
ශ්‍රී ලංකාවේ කුඩාම ජාතික වන උද්‍යානය ලෙස සැලකෙන හොරගොල්ල ජාතික වන උද්‍යානය ජනතාව අතර එතරම් සුප්‍රසිද්ධ නොවූවක් වුවද සතුන් හා ශාක ගැන විවි...
-
මේ වචන ප්‍රේමකීර්ති ද අල්විස් නම් කෘතහස්ත මාධ්‍යවේදියාගේයි. හඩ ආදරණිය වූ මධුර 'ස' ස්වරය.. පෙම්වතෙක් සහ පෙම්වතියෙකු ගේ සමුගනිමකින් අ...
-
ඒක රතුපාට කොටු කොටු කමිසයක් මට මතකයි අද වගේ ඇය ඇද සිටියා මීට වසර ගණනකට පෙර මට අගේ රුව තවමත් මැවෙන්නේ ඒ රතුපාට කොටු කොටු කමිසයත් සම...



